Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages

2022-08-22 09:52:02
1.3K views06:52
Open / Comment
2022-08-21 07:39:02 ජීවිතෙ කියන්නෙම
අහඹුවක්
ඒ ඇයිද යත්
මේ මනුෂ්‍ය ලොව
කිසිම දිනෙක
සතුටක් දුකක්
වෙන් කර හදුනාගැනීමට
නොහැකි අත්භූත
සංදිස්ථනයකි
අපි ඉපැදී ඇත්තේ
අහඹුවකින් වුවද
අපිටත් පැවරී ඇති
කුමක් හෝ
දෙයක් ඇත...
එය හදුනාගැනීමේදී
අපිට විවිදාකාර මිනිසුන්
දැකගත හැක...
එලෙසම
වංචාව
ද්‍රෝහිකම
වැනි පරස්පර අගුණ පිරුනු
විශබීජවලින් පිරුනු
මිනිසුන්ද බහුලව
අපේ ආශ්‍රයට වැටේ
ඔවුන් තෝරා බේරා
ඉස්සරහට නොගියහොත්
එයද පරාජයකි...
ලං කරගත යුත්තේ සුදනුන් මිස
දුදනුන් නෙමේ එයයි
එවිටයි ජයග්‍රහණය වුවද
අපෙ අභියසට පියමං කරන්නේ

සිතන්නට යමක්..!

Motivation With Gethmina

#ඇස_හරහා_හදවතට
#ඇස_හරහා_මොලයට

දඟකාර රචකයා
#ගෙත්මිණ_බණ්ඩාර
1.6K views04:39
Open / Comment
2022-08-21 04:30:49
ගුඩ් මෝර්නින්


දවසේ වදන_



හීනයට බියනම් හීන හැදුවේ කුමටද
හීන ඉබේ පහල වෙන්නේ නැත
අප විසින් ම කෙමෙන් කෙමේ
ලඟා කරගත යුතු ය.
හීන මවන්න... බිය නොවන්න
ඔබට පුලුවනි යැයි සිතාගන්න

#ඇස_හරහා_හදවතට
#ඇස_හරහා_මොලයට

දඟකාර රචකයා
1.5K views01:30
Open / Comment
2022-08-20 15:53:39
1.5K views12:53
Open / Comment
2022-08-11 07:31:07 උදෑසන හිස්බඩ ගතයුතු ආහාර ගැන දැනගනිමු.

උදෑසන ආහාරය, දවසේ වැදගත්ම ආහාර වේල බව අපි සියලු දෙනාම දනිමු. නමුත් අවදි වූ වහාම පූර්ණ ආහාර වේලක් ගැනීම හොඳ අදහසක් නොවන බව ඔබ දන්නවාද? අවදි වූ විගස පූර්ණ උදෑසන ආහාර වේලක් ගෙන වැඩ කටයුතු වල නිරත වීමෙන් ඔබට ඉතා ඉක්මනින් වෙහෙස හා මහන්සිය දැනේ.

ඔබ උදෑසන අවදිවන්නේ සුවදායි නින්දකින් පසුවයි. නැතහොත් දීර්ඝ විවේකයක් ලබා ගෙනයි. එම නිසා ඔබේ අභ්‍යන්තර අවයව වලට අවදි වී ඒවායේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට යම් කාලයක් අවශ්‍ය වේ. එබැවින් ඔබ උදෑසන ආහාර වේල ගැනීමට පැය දෙකකට පමණ පෙර ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ නංවා ගැනීම සඳහා සුළු ආහාර වේලක් සමග දවස ආරම්භ කිරීම ඉතාමත් උචිතයි. එම සුළු ආහාර වේල සඳහා, එනම් හිස්බඩ ගැනීමට සුදුසු ආහාර මෙන්ම නුසුදුසු ආහාර බොහොමයක් ඇත. අපි මුලින්ම හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු ආහාර පිළිබඳ සලකා බලමු.

ජලය සහ මීපැණි

උදෑසන හිස්බඩ ජලය සමග මීපැණි ආහාරයට ගැනීම ශරීරයට ඉතාමත් හිතකර වේ. මීපැණි වල ඛනිජ ලවණ, විටමින්, ෆ්ලෙවනොයිඩ්(Flavonoids) සහ එන්සයිම අඩංගු වන අතර එමගින් බඩවැල් පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සිදු කරයි. හිස් බඩ ජලය සමග මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයේ පවතින විෂ ඉවත් කිරීමට සහ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නැංවීමට හේතු වේ. එමෙන්ම ඔබේ දෛනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය සුළු ශක්තියක් ඔබේ ශරීරයට ලැබෙනු ඇත.

පැපොල්

හිස් බඩ පැපොල් ආහාරයට ගැනීම ඔබේ ශරීරයේ විෂ නැසීමට සහ බඩවැල්වල චලනයන් සුමට කිරීමට හොඳ ක්‍රමයකි. එපමණක් නොව එය අවුරුද්ද පුරා පහසුවෙන් ලබා ගත හැකි ආහාරයකි. පැපොල් සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් (bad cholesterol) අඩු කරන අතර හෘද රෝග වළක්වන බව ද ප්‍රකට කරුණකි. එසේම ඔබ පැපොල් ආහාරයට ගැනීමෙන් පසු උදෑසන ආහාරය ගැනීමට පෙර විනාඩි 45ක් වත් සිටිය යුතුයි.

ආමන්ඩ්(Almond)

ආමන්ඩ් යනු මැංගනීස්, විටමින් E, ප්‍රෝටීන්, කෙඳි(fiber), ඔමේගා-3 සහ ඔමේගා-6 මේද අම්ල බහුල ප්‍රභවයකි. කෙසේ වෙතත්, ඔබ ආමන්ඩ් වැරදි ලෙස අනුභව කළහොත් එහි ප්‍රතිලාභ ඔබට අහිමි වනු ඇත. සෑම විටම ඒවා රාත්‍රියේ පොඟවා පසුව උදෑසන ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. ආමන්ඩ් පොත්තේ ටැනින් අඩංගු වන අතර එමගින් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වීම වළක්වයි. ඔබ ඒවා පොඟවා ගත් විට පොත්ත පහසුවෙන් ගැලවී යයි. ආමන්ඩ් ආහාරයට ගැනීම මගින් දවස පුරා ඔබට තෘප්තිමත් බවක් ලබාදේ.

මුද්දරප්පලම්(Raisins)

වියළි පලතුරු වල පොටෑසියම්, කැල්සියම් සහ යකඩ ඉහළ සාන්ද්‍රණයක් ඇත. ආමන්ඩ් මෙන් මුද්දරප්පලම් එක රැයකින් වතුරේ පොඟවා ගැනීමෙන් එහි පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි කරයි. ඒවා ස්වාභාවික සීනි වලින් පිරී ඇති හෙයින් උදෑසන ඔබේ ශක්තිය වැඩි කරන අතර දවසේ ඉතිරි කාලය සඳහා ඔබව සූදානම් කරයි. එසේම රුධිරයේ සීනි මට්ටම නියාමනය කරයි. ඔබේ සිරුරට අහිතකර බලපෑමක් ඇති කරන අම්ල උදාසීන කිරීමට ද මුද්දරප්පලම් වලට හැකිය.

කොමඩු

කොමඩු 90% ක් ජලයෙන් පිරී ඇති අතර එමගින් ආමාශය මෘදු කරයි. කොමඩු සමග දවස ආරම්භ කිරීමෙන් ඔබේ ශරීරයේ තෙතමනය පවත්වා ගෙන යන අතර අවම කැලරි ප්‍රමාණයකින් සීනි අවශ්‍යතාව තෘප්තිමත් කළ හැකිය. (කොමඩු කෝප්පයක කැලරි 40 ක් ඇත.) කොමඩු වල හෘද හා අක්ෂි සෞඛ්‍යය ඉහළ නංවන ලයිකොෆීන් ඉහළ මට්ටමකින් පවතී.

චියා බීජ(Chia seeds)

මෙම බීජ ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා-3 වලින් පිරී ඇත. ඒවා කෑමට ගත හැකි හොඳම ක්‍රමය නම් ඒවා එක රැයක් පොඟවා උදෑසන ආහාරයට ගැනීමයි. චියා බීජ වලට ඔබේ ආමාශය තුළ ප්‍රසාරණය වීමේ හැකියාවක් ඇති අතර එමගින් ඔබට දිගු වේලාවක් ආමාශය තෘප්තිමත් ලෙස තබා ගත හැකිය. මෙය බර අඩු කර ගැනීමට උපකාරී වේ. මෙම බීජ පොඟවා ගැනීම, ඒවාට ආහාර ජීර්ණ පද්ධතිය තුළ වේගයෙන් ගමන් කිරීමට උපකාරී වේ.

පෙර සඳහන් කළ ලෙස හිස්බඩ ගැනීමට නුසුදුසු ආහාර වර්ගත් බොහොමයක් ඇත.

අපි දැන් එයින් කිහිපයක් ගැන සලකා බලමු.

තක්කාලි

තක්කාලි වල පෝෂ්‍ය පදාර්ථ හා විටමින් C ඉහළ ප්‍රමාණයක් අඩංගු වේ. නමුත් ටැනික් අම්ලයේ ඉහළ ප්‍රමාණයක් අඩංගු වන නිසා එමගින් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වන අතර ආමාශයේ වණ ඇති විය හැක. එබැවින් ඔබ හිස්බඩ තක්කාලි කෑමට ගැනීම පිළිබඳ නැවත වරක් සිතා බලන්න.

තේ සහ කෝපි

හිස් බඩ තේ හෝ කෝපි පානය කිරීම ආම්ලිකතාවය වැඩි කරයි. එමගින් පපුවේ දැවිල්ල ඇති කරයි (heartburn). එමෙන්ම ජීරණ ක්‍රියාවලිය සඳහා බලපෑම් ඇතිකරයි. සමස්ත ආහාර ජීරණය සඳහා අවශ්‍ය වන ආමාශයික අම්ලය හා පිත ස්‍රාවය, හිස්බඩ තේ සහ කෝපි බීම මගින් අඩාල කරයි.

@best_m_otivation
#questions
#socialknowledge
2.9K views04:31
Open / Comment
2022-08-11 06:25:29
@best_m_otivation
#todaythought
2.3K views03:25
Open / Comment
2022-08-10 07:30:46 මේ ලිපිය අතිශයින්ම චොක්ලට් ෆෑන්ලා වෙතටයි.....

ඒ.... ඇත්තම කියනවා හරිද... ඔයත් අලිම අලි චොකෝ පෙරේතයෙක් නේහ්...

අද වෙද්දි චොක්ලට් කියන්නේ ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම ආසාවෙන් කන කෑමක්....

මුළු ලෝකෙම මිනිස්සුන්ගෙන් සියයට අසූවක් විතර දිනපතා චොක්ලට් ආහාරයට ගන්නවා කියලයි වාර්තා වෙන්නේ.....

චොක්ලට් ලෝකෙට හදුන්වා දීමේ ගෞරවය හිමිවෙන්නෙ 1519 දී ඇමරිකාව තරණය කල ස්පාඤ්ඤ ජාතික ෆර්නැන්ඩෝ කෝටේස් ට.....

එක වෙන්නේ මෙහෙමයි.....

ඒ කාලයේ මෙක්සිකෝවේ පාලකයා වුනු දෙවැනි මොන්ටිෂුමා රජතුමා චොක්ලට් බීමක් හදන විදිහ රජ මාළිගය තුළ දී ඔහුට ප්‍රදර්ශනය කරයින් පස්සේ තමයි ඒක ස්පාඤ්ඤ විතරක් නෙවෙයි මුළු යුරෝපය දක්වා ම ඉතාම වේගයෙන් ව්‍යාප්ත වෙලා ගියේ.....

මුලදිම යුරෝපයේ එතරම් ජනප්‍රිය නොවුනත් මේකට සීනි එකතු කළාම ඉතා ප්‍රණීත වෙන බව හොයා ගත්තායින් පස්සෙ මුළු යුරෝපයම මේ චොක්ලට් පානය පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.....

ඒත් චොක්ලට් ආහාරයක් වශයෙන් භාවිතය ආරම්භ වුණේ 1840 දී.....

දෙවැනි මොන්ටිෂුමා රජතුමාත් ඔයාලා වගේම චොකෝ ෆෑන් කෙනෙක්....

ඇත්තම කියනවනම් එයා ජීවිත කාලය පුරාම දිනපතාම දවසකට චොක්ලට් වීදුරු 50 ක් බැගින් පානය කලා කියලයි සඳහන් වෙලා තියෙන්නෙ.....

මෙක්සිකෝ ජනතාව ඒ කාලයේ ඒ පානය හැඳින්නුවෙ චොක්ලට්ල් කියලලු......

ඒ වගේම නැපොලියන් බොනපාට් කියන්නෙත් අතිශයයින්ම චොකෝ ෆෑන් කෙනෙක් බවයි ඉතිහාසයෙන් වාර්තාවෙන්නේ.....

හරියටම කියනවනම් යුද්ධයකදි ඔහු අතේ කිසියම් ආයුධයක් නොතියෙන්න පුළුවන් වුනත් චොක්ලට් පෙත්තක් නම් නොතියෙන්නෙ කිසිම ඉඩක් තිබුණෙ නැහැලු.....

ඒ වගේම දන්නවද.....

විද්‍යාඥයින් විසින් කරපු පරීක්ෂණයකදි හොයාගෙන තියෙනවලු මිනිස්සු ආදරයෙන් ඉද්දි......
එහෙමත් නැත්නම් ආදරය කරද්දි......
මොළයෙන් නිපදවෙන රසායනික ද්‍රව්‍ය වලට සමාන සංයෝග ඉතා සුළු වශයෙන් චොක්ලට් වල අඩංගු බව....



ඉතිං චොක්ලට් ගැන මේ තොරතුරු මීට කලින් ඔයාත් දැනගෙන හිටියද??

by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌

@best_m_otivation
#socialknowledge
#Nїruu
2.5K views04:30
Open / Comment
2022-08-10 03:30:48 ආරම්භ කරන්න ඔබ දැන් සිටින තැන සිට....

සහයට ගන්න ඔබ සතුව දැනට ඇති දේවල්....

කරන්න ඔබට හැකි ඔබ විශ්වාස කරන දේවල්....

සුබ උදෑසනක් වේවා !!!

@best_m_otivation
#motivation
#Morning_Thought
2.0K views00:30
Open / Comment
2022-08-09 13:44:31 එක දිගට time table එකට වැඩ කරන්න බැරුව ඔයාවත් මගින් හිර වෙනවද ......

ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි එකදිගට වැඩ කරන් යන්න බැරිකම.එපාවෙන එක.ඇත්තටම මෙහෙම වෙන්නෙ මොකද ? ඒවා නැති කරගන්නෙ කොහොමද ......බලමු

දවසකට කරන්න බැරි තරම් වැඩ ගොඩක් දාගන්නවා.ඊටපස්සෙ සතියක් විතර ට්‍රයි කරලා වැඩ ගොඩ ගැහුනම අතෑරල දානව.ගොඩක් අයට වෙන්නෙ මේක .

තමන්ගෙ ධාරිතාව තේරුම් ගන්න මුලින්ම.කරන්න බැරි තරම් වැඩ පටව ගන්න එපා.මුලින් මුලින් අඩුවෙන් වැඩ දා ගන්න.ඔයා ටයිම් ටේබල් එකට හුරු උනාට පස්සෙ ටික ටික එක දවසට දා ගන්න වැඩ ප්‍රමාණය වැඩි කර ගන්න.

ආසම සබ්ජෙක්ට් එකට මුල් තැන දෙන්න.කම්මැලි වෙලාවට ඒක බලන්න.

දවසකට කොච්චර වෙලාවක් වෙන් කරන්න පුලුවන් ද කියලා බලන්න.ඔයා සාමාන්‍යයෙන් දවසට පැය 3ක් පාඩම් කරන කෙනෙක් නම් එකපාර පැය 12ක් පාඩම් කරන්න යන්න බැරි වෙන්න පුලුවන්.පියවරෙන් පියවර තමයි ඔයා වැඩ කරන කාලය වැඩි කර ගන්න ඕනි.

ඒ වගේම පාඩම් කරනකොට study techniques පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ( for more study techniques #examtricks )

කෙටි කාලෙකදි උපරිම වැඩ ප්‍රමාණයක් කර ගන්න පුලුවන් නම් අන්න එදාට ඔයා දිනුම්

By ᗰᖇTᕼIᑎKIᑎG

@best_m_otivation
#questions
#examtricks
#ᗰᖇTᕼIᑎKIᑎG
2.1K views10:44
Open / Comment
2022-08-09 13:42:21 මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරන පහසු ක්‍රම කිහිපයක්

1 . චිත්ත සිතුවම් සාදා ගැනීම : පාඩම් කරන ව්‍යුහවල දසුන් සිතෙහි මවා ගන්න

උදා- ජීවන චක්‍ර

2 . කාන්ඩවලට ඛෙදාගන්න : විශාල කරුණු සහිත ලැයිස්තුවක් ඇත්නම් කාන්ඩවලට ඛෙදා ගැනීමෙන් මතක තබා ගත හැක.

උදා - සත්ත්ව පටක, අපිච්ඡද, සම්බන්ධක, පේශි හා ස්නායු පටකවලට ඛෙදීම.

3 . නැවත නැවත මෙනෙහි කිරීම : කරුණු ටික කලකදී අමතක වන බැවින් නැවත නැවත බැලීමෙන් මතකය වැඩිවේ. කිහිප විටක් අදාල කරුණු කොලයක ලිවීම ද හොඳ ක්‍රමයකි.

4 .තර්කානුකූලව එක් කරුණක් ඊලඟ කරුණට සම්භන්ධවන ආකාරය අවභෝධ කර ගන්න.

5 .මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සාදා ගැනීම.

උදා - අංශු මාත්‍ර මුල ද්‍රව්‍ය FCCMMABZ = Fe Cu Cl Mn Mo Al B Zn

@best_m_otivation
#studytips
#examtricks
2.0K viewsedited  10:42
Open / Comment