Get Mystery Box with random crypto!

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages

2022-08-31 13:49:49 පාකිස්තාන ක්‍රිකට් ආයතනය අඩියක් පස්සට ගයි

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කරන පාකිස්තාන කණිෂ්ඨ ලීග් (වයස අවුරුදු 19න් පහළ) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් හයේ නම් හා එම කණ්ඩායම්වල උපදේශකවරුන්ගේ නම් එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පළමු අදියරේ තරගාවලිය සදහා Bahawalpur, Gujranwala, Gwadar, Hyderabad, Mardan හා Rawalpindi යන කණ්ඩායම් එක් වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම කණ්ඩායම්වල උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නේ පිළිවෙලින් ඉම්රාන් තහීර්, ෂොයිබ් මලික්, විවියන් රිචර්ඩ්ස්, ඩැරන් සැමී, ශහිඩ් අෆ්රිඩි හා කොලින් මන්රෝ.

තරගාවලියට තරග 19 ක් ඇතුළත් අතර, සියලු තරග ලාහෝර් හී දී ඔක්තෝබර් 5 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කින් යොවුන් ක්‍රීඩකයින් 140 දෙනෙකු කැමැත්ත පල කර තිබෙනවා.

සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී අවුරුදු 15 ත් 19 ත් අතර වයස් සීමාවේ පසුවන ක්‍රීඩකයින් තරගාවලිය සදහා ඒ ඒ කණ්ඩායම් වෙත තෝරා ගනු ඇති.

මෙම තරගාවලිය ද ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලි මෙන් කණ්ඩායම්වල හිමිකාරීත්වය අලෙවි කර ෆ්‍රැන්චයිස් ආකෘතිය ඔස්සේ පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවුවද එය අත්හැරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

ඒ, කණ්ඩායම් මිලදී ගනිමින් එහි හිමිකාරීත්වය ලබා ගැනීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබූ මූලික වටිනාකමට ආසන්න ලංසු ඉදිරිපත් කිරීමට ලංසු තබන්නන් අසමත් වීම හේතුවෙන්.

ඒ අනුව තරගාවලියේ පළමු අදියර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිමිකාරීත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

https://www.hitwicket.lk/news/%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/
61 views10:49
Open / Comment
2022-08-31 10:27:01 ICC තරගාවලි විකාශන අයිතියෙන් කොටසක් ZEE වෙත හිමි වෙයි ; තරග බලන්න වෙන්නේ මෙහෙමයි

2024 වසරේ සිට 2027 වසර දක්වා අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමි කර ගත් Disney Star (Star Sports) සමාගම විසින් එම අයිතියෙන් කොටසක් එරට ‘සී’ (Zee) මාධ්‍ය ජාලය (Zee Entertainment Enterprises) වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ කාලයේ දී පැවැත්වෙන අයි.සී.සී පිරිමි හා වයස අවුරුදු 19න් පහළ තරගාවලියන්හි සජීවී රූපවාහිනී විකාශන කටයුතු සී මාධ්‍ය ජාලය ඔස්සේ සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේ වෙතත්, එම තරගාවලියන්හි ඩිජිටල් විකාශන අයිතිය තවදුරටත් Star Sports සතු වන බැවින් එම තරග Hotstar වෙතින් සජීවීව විකාශය කරනු ඇති.

අයි.සී.සී කාන්තා තරගාවලියන්හි ඉන්දීය කලාපීය රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය තවදුරටත් Disney Star සතු වනවා.

Disney Star හා Zee ආයතන විසින් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම තොරතුරු අනාවරණය කළා.

මේ සදහා ජගත් ක්‍රිකට් කවුන්සලයේ ද එකගතාවයක් හිමිව ඇති බව සදහන්.

Viacom, Sony හා Zee යන සමාගම් ද අයි.සී.සී තරගාවලියන් ඉන්දීය කලාපීය විකාශන අයිතිය ලබා ගැනීම සදහා පසුගිය 26 වැනිදා ලංසු ඉදිරිපත් කර තිබූ නමුත්, ඉන් ජයග්‍රහනය කළේ Disney Star සමාගයි.

2024 වසරේ සිට 2027 වසර දක්වා කාලයට පිරිමි අයි.සී.සී තරගාවලි 4 ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව 2024 හා 2026 වසරවලදී 20යි 20 ලෝක කුසලාන තරගාවලි ද, 2025 වසරේ දී අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද, 2027 වසරේ දී එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ඉදිරියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ (ILT20) විකාශන අයිතිය ද මීට පෙර Zee මාධ්‍ය ජාලය විසින් හිමි කර ගත්තා.

වසර 10ක කාලයක් සදහා ඔවුන් එම විකාශන අයිතිය හිමි කර ගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 120 ක මුදලකටයි.

https://www.hitwicket.lk/news/icc-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b6%b1-%e0%b6%85%e0%b6%ba%e0%b7%92%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%b1/
737 views07:27
Open / Comment
2022-08-31 09:18:23 ශ්‍රී ලංකාව ලකුණු 99 ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ (30) රාත්‍රියේ නිමා වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 2 ක් දැවී ලකුණු 203 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 480 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශෙවෝන් ඩැනියල් ලකුණු 155 රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. පන්දු 237 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 25 ක් ඇතුළත්.

විනුජ රන්පුල් ලකුණු 65 ක් ද, පවන් පතිරාජ ලකුණු 55 ක් ද ලබා ගත් අතර, අභිෂේක් ලියනආරච්චි ලකුණු 49 කට දුවද්දී දැවී ගියා.

නායක රවීන් ද සිල්වා නොදැවී ලකුණු 65 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී Benjamin Cliff හා Bertie Foreman කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩර්බිහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381 ක් ලබා ගත්තා. මැතිව් හර්ස්ට් ලකුණු 116 ක් රැස් කළ අතර, ආරම්භක පිතිකරු හැරී සිං ලකුණු 104 යි.

පන්දු යැවීමේදී වනුජ සහන්, දුවිදු රණතුංග, සහන් මිහිර හා රවීන් ද සිල්වා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 99 ක්.

https://www.hitwicket.lk/news/%e0%b7%81%e0%b7%8a%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80-%e0%b6%bd%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-99-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb/
846 views06:18
Open / Comment
2022-08-31 08:19:10 නවසීලන්ත ක්‍රිකට් ආයතනය පුදුමයට පත් කළ ග්‍රෑන්ඩ්හෝම් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

ආබාධවලට මුහුණ දීම හා ජාතික කණ්ඩායමේ තරග රටා ත්‍රිත්වය වෙනුවෙන්ම තරගකාරීත්වය ඉහළ යාම කරුණු හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

පසුගියදා ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට අදාළව පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී (Draft) 36 හැවිරිදි ඔහුව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් තෝරා ගැණුනු අතර, ඒ සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මවිතයට පත්ව තිබුණා.

ඒ, බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර නොතිබූ බැවින්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් 332 දෙනෙකුගේ නම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර නිවේදනය කර තිබූ නමුත්, එම නම් අතරට කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ නම ඇතුළත්ව නොතිබූ පසුබිමකයි අවසන් මොහොතේ දී ඔහුව කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කර තිබුණේ.

2012 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 115 ක් ක්‍රීඩා කළ අතර, 2021 වසරේ පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව පරාජයට පත් කළ නවසීලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත්, 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කළා.

https://www.hitwicket.lk/news/%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/
942 views05:19
Open / Comment
2022-08-31 06:50:55
Zimbabwe Tour of Australia 2022
2nd ODI - Result


Australia won by 8 wkts.

#AUSvsZIM
@cricketpisso_news
1.0K views03:50
Open / Comment
2022-08-31 05:00:38


#HKvsIND
1.1K viewsedited  02:00
Open / Comment
2022-08-31 04:32:01
vs
Anonymous Poll
48%
HONG KONG
52%
INDIA
632 voters1.1K views01:32
Open / Comment
2022-08-31 04:30:26
MATCH DAY!

4th Match - Group A
India vs Hong Kong
Aug 31 - 7.30 p.m.
Dubai

#AsiaCup
1.1K views01:30
Open / Comment
2022-08-31 02:30:27
LIVE NOW

Zimbabwe tour of Australia

2nd ODI

Live on,

Web streams -
https://en.webcric.com/
https://mob.touchcric.com
https://smartcric.com

Australia have won the toss and elected to bowl first against Zimbabwe - 2nd ODI

Australia XI: Aaron Finch (c), David Warner, Steve Smith, Alex Carey (wk), Marcus Stoinis, Cameron Green, Glenn Maxwell, Ashton Agar, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood

Zimbabwe XI: Innocent Kaia, Tadiwanashe Marumani, Sean Williams, Wessly Madhevere, Tony Munyonga, Sikandar Raza, Regis Chakabva (c), Ryan Burl, Luke Jongwe, Bradley Evans, Richard Ngarava

#AUSvsZIM
@cricketpisso_news
1.2K views23:30
Open / Comment
2022-08-31 01:50:23
Sri Lanka Under-19s tour of England

Stumps Day 3 - 2nd Youth Test

ENG19 381

SL19 480/8 (145 ov)

Day 3 - S'Lanka U19 lead by 99 runs.

#SLU19
@cricketpisso_news
1.1K viewsedited  22:50
Open / Comment