Get Mystery Box with random crypto!

📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®

Logo of telegram channel kathapusthakalaya — 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®
Logo of telegram channel kathapusthakalaya — 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®
Channel address: @kathapusthakalaya
Categories: Literature
Language: English
Subscribers: 1.13K
Description from channel

🌳සිත වෙහෙසවනා සිතුවිලි..
මදකට අමතක කරමු..
🌳නෙතට විඩාවක්
ගෙනෙන දසුන්
මදකට අමතක කරමු..
විඩාබර ඔබේ හිතට නිමාවක් ගෙනන දයාබර තෝතැන්න
👇👇
📙📚කතා පුස්තකාලය📚📙
👆👆
එන්න අකුරු ලග ආදරේ විදින්න..💞💞
🔰 @epusthakalaya™

Ratings & Reviews

5.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

2

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

0


The latest Messages

2022-06-10 06:42:13
හැංගිමුත්තු කලනව මම
මගෙ ආදල අම්මි එක්ක
අම්මි හොයනකං බබාව
පොඩි රහසක් කියන්නම්ද..

කොහෙන්ද මං ආවෙ කියල
මංවත් දන්නෑ හලියට
රෝස කැලේ ඉඳන් ආපු
සුරන්ගනාවියක්ලු මම..

අම්මි තාත්තිගෙ බබාලු
මං අම්මිගෙ සුදු බබාලු
හලිම ශෝයි මගේ පවුල
හූල්ලන්න එපා හලිද...

රහස කියල ඉවරයි මම
කුක්කු ඕනෙ දැන්නම් මට
කියපු නිසා රහසක් මම
බන්ඩිය හිස් වෙලා වගේ ...

අම්මිට බැරි උනා තවම
සුදු බබාව හොයාගන්න
මම හරි චන්ඩියෙක් නේද
යේ යේ මම දිනුම් ඔන්න..

මං දැන් අඬනවා ඔන්න
අම්මි දුවන් එයි එත්කොට
කුක්කු බීල බඩ පුරවන්
දොයියනවා චුට්ටක් මං...


Chamo

Stay with us
206 views03:42
Open / Comment
2022-06-10 00:35:22
#ඉටි_හිතක_පෙම

කලුවරට මං බයයි
අඳුර මහ මූසලයි
කියා මිනිසුන් නුඹට ගැරහුම්
නගන විට මා කෙසේ ඉවසම්...
එලිය දෙනු නොහැකි වී
අඳුරටම තුරුලු වී
රහසෙ මන් ඉකිබින්ද හැටි
ඇසුනෙ නෑනේ නුඹට...
ගිනි සිළුව හෙමි හෙමින්
මගේ ගත දවටනා කල
අඳුර මම නුඹ සමඟ
හිනැහුනා මතකයිද...
මියෙන බව දැන දැනම
හිනැහෙමින් ඉදින්නෙ
ඇයි කියා නුඹ ඇසූ විට
ගොලුවුනා තුන් හිතම..
නොකියාම මගේ පෙම
දිවි දුන්නෙ නුඹ නමට
ඉතින් මං සදහටම
#ආදරෙයි_කලුවර_නුඹට....

chamo

stay with us
223 views21:35
Open / Comment
2022-05-30 10:59:19
143 views07:59
Open / Comment
2022-05-24 10:46:22
ිය සෙනෙහෙ දියණියකගෙ ඇසින්

අනේ මගෙ සුදු දෝණි
අම්ම වගේ ලස්සනයි
හුරතල් ය දඟ මල්ල
මගේ කිරිල්ලිය ඇයයි
මල් ගවුම ඇන්දාම
දෙව්ලියන් පරදවයි
හිතේ ඇති වූ සෙනෙහෙ
පිට වුනේ ඒ ලෙසයි
තාත්තේ නුබෙ දෝණි
දැන් ලොකුයි හරි හැඩයි
පෙරදිනක සේ උකුලෙ
දැන් ඉන්න බැහැ තමයි
ඒ දුන්න සෙනෙහසට
තාම මගෙ ඇස් තෙමෙයි
තාත්තේ තාම මම
නුඹේ සුදු දෝණිමයි

ප්‍රභාත්


Join with us
42 viewsedited  07:46
Open / Comment
2022-05-23 17:18:16
පැස්බ_ස්ත්‍රී...

හීන තිබුනට අහස උසටම
හැබෑවෙදැයි නොදැන හරියට;
නුඹේ දැන් කලවයස හරිනම්
ගිහින් කුස්සියෙ මුල්ල බලපන්...
ඉගිලෙන්න හිත හයිය නැත්තම්
ඉතින් නාඩන් තටුත් සිඳපන්
ශේවේත ඇතිරිලි මඟබලනවිට
ගිහින් පෝරුව උඩට නැගපන්....

chamo

Stay with us
142 viewsedited  14:18
Open / Comment
2022-05-23 16:22:38 https://www.facebook.com/smilefashionstoreonlineshopping/
144 views13:22
Open / Comment
2022-05-23 16:08:49
අග්නි වර්ෂා

ඉඩෝරය හද ඉරිතලා මගෙ පාලුවෙන් මම තැවෙනවා
කතර සම වී පුලින රන් තල මිය යන්න පණ අදිනවා
තෙතමනය නැති මුහුණු අතරේ කාන්සිය හද රජයනා
නොසිතු මොහොතක සංක්‍රමණ හද සරණ වීලා දැනෙනවා

රෝස නා දලු තොල් පෙති මතට වැටී හිනැහෙන විලාස
සිහින් නෙතු අග නාරි හැඟුමන් යොමා කිම මේ බලාන
තෙපලන වදන් සුරඟනක් මෙන් මියුරු වෙයි තත්සර ලෙස
වෙසක් සඳ පිට පත් කරා වැනි සොඳුරු දසුනකි නුඹෙ මුව

සිවු මහ නදී එකම මොහොතක ගලාහැලෙනා සුන්දර
නළල සිඹගෙන පහලට වැටෙන කෙසඟ දිස්වෙයි ඒ ලෙස
යදම් බැදි ඒ සොඳුරු රුව නුඹ සුරඟනක් මෙන් සුන්දර
මගේ හද මත ඉඩෝරෙට වැටි වැහි බිඳක් මෙන් සම විය

විසිරෙනා ගිණි පුපුරු විලසයි බලන බැලුමන් එකවර
යකඩ සිත් මෘදු මොලොක් වෙයි නැත කිසිඳු සැකයක් නම් මට
තපසෙකු වුවත් බවුන් වඩනා බලයි නුඹ දෙස නෙත් හැර
බුදුන් දෙසු දම් පවා මනසින් ගිලිහේවී නුඹ දුටි විට

සොඳුරු ඉඟ වට දැවටෙන්න වෙර දරණ අත් නම් ඇති ලොව
සුරඟනක් වන් නුඹේ අත ගැන සිතීමත් මම වැරදිය
සියලු දේ ලොව අනිත්‍යයි වග මොහොතකට අමතක විය
මගෙම සිහිනෙක දැවටිලා සෙවු අග්නි වර්ෂා කොහි අද

සෙහාර අරුණෝද්‍ය ප්‍රනාන්දු

Stay with us
149 viewsedited  13:08
Open / Comment
2022-05-17 10:23:08
අග්නි වර්ෂා

කවි හැඟුමන් සිත දරනා
සොඳුරු හදවත් නිවීමට
කතා පුස්තකාලයෙන් පිදෙන
පුංචි තිළිණය.
බලාපොරොත්තු වන්න.
85 views07:23
Open / Comment
2022-05-01 13:30:54 https://telegra.ph/%E0%B6%86%E0%B6%A9%E0%B6%B8%E0%B6%B6%E0%B6%BB-03-06-2
201 views10:30
Open / Comment
2022-05-01 13:30:54 https://telegra.ph/%E0%B6%AF%E0%B6%B1%E0%B6%9C-%E0%B6%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%84%E0%B6%AD%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-03-13
196 views10:30
Open / Comment