🔥 Burn Fat Fast. Discover How! 💪

මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම උපහාරයක් වේවා ! පපුවෙ මැද වේදනාව | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

මේ ලෝ⁣කෙ හැම අම්මෙක්ටම
උපහාරයක් වේවා !

පපුවෙ මැද වේදනාව හිර කරගෙන
පවුලෙ හැමෝටම හිනාව
පෙන්නගෙන,
ඇය සතුටින් කියලා හැම වෙලාවෙම
අපිට පෙන්නුවා
⁣මොකද දුක පෙන්නුවොත්
අපි හැමෝගෙම සතුට නැති වෙයි කියන බයට....
ඒ තමයි අපේ අම්මා....

අතට හම්බෙන සොච්චමෙන්
ඇය හැඬ නොවී
අපිව හැඬ කරලා
අපේ ලස්සන බලලා
ඇය සැනසුනා
ඒ තමයි අම්මා....

තමන්ගෙ ළමයි වෙනුවෙන්
බලාපොරොත්තු ගොන්නක්
හිතේ තියාගෙන
ඇයගෙ සතුට වෙනුවෙන් එක හීනයක් නොදැක
ඇය හැමවෙලා⁣වෙම ප්‍රාර්ථනා කරේ
මගේ ළමයින්ට හොදක් වේවා කියලා...
හිතේ කිසි කහටක් නැතුව එහෙම
ප්‍රාර්ථනා කරන ඇය
මේ ලෝකෙ උතුම් පදවිය දරන
මගේ අම්මා.....

අසනීප දවසත් දරාගෙන
පවුලෙ බර කරට අරගෙන
කෑ ගහලා හඬන්න ඕන තැන්වල පවා
හැමදේම නිහඬව විඳ දරාගෙන
කිසි අඩුවක් නැතුව
ඒ දවසෙත් ගෙදර වැඩ කරන
මේ ලෝකෙ ජීවමානව වැඩසිටින
නිහඬ දෙවගණ ඇයයි
ඒ තමයි මගේ අම්මා....

ඉතින් දවසක අපේ අම්මා
බුදු වෙන්න ඕන...
මං ප්‍රාර්ථනා කරනවා
මගේ අම්මා මේ සසර දුකෙන්
ඉක්මනටම එතෙර වෙන්න ඕන
ඒ වාසනාව ඇයට ලැබෙන්න ඕන...

සසරෙ නිවන් දකින්න පින තිබ්බත්
සසර තුලම සැරිසරලා
තමන්ගෙ ළමයින්ට පවුලට තියන
ආදරය වෙනුවෙන්
සසර තුලම බැදෙන
ඇයයි ලොවේ රැජිණ....

ඒ සෙනෙහස ගැන දොඩවන්න
කොච්චර කවි ගී ලියවුනත් මදි
සසරෙම කියලා නිම කරගන්න බැරි
එකම කෙනා මගේ අම්මා.....!

ආදරෙයි මං ගොඩක් ඔයාට !

වචන - Naviya
උපුටා ගැනීමකි.
https://t.me/Amma_channel