🔥 Burn Fat Fast. Discover How! 💪

................... OL exam එකට තව ටික දවසයි නේද..?? :- හ | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

...................

OL exam එකට තව ටික දවසයි නේද..??

:- හ්ම්..ඔව්..

ගොඩක් අය balance එකේ කරගෙන එන්නැතී..දැන් exam එකට ready ඇතී.. තවත් සමහර අයට තව ටික ටික ඉතුරු වෙලා ඇති කරන්න.. තවත් කොටසක් ඇති බලාපොරොත්තු ඔක්කොම අතෑරලා ඔහේ වෙන දෙයක් බලාගෙන ඉන්න..

මේ තුන් විදියෙම අය ඇතී..ඒත් කාටවත් විශේෂයක් කියලා වුනේ නෑ නේද ?? කොරෝනා වසංගතය හැමෝටම බලපෑවා.. ඒත් එහෙම තත්තව මැදදිත් කට්ටියක් තමන්ගෙ targets focus කරලා මහන්සි වෙලා වැඩ කරද්දී තවත් කට්ටියක් කාලයට හැම දෙයක්ම වෙන්න දීලා ඔහේ බලාගෙන හිටියා..

එහෙම වැඩක් නෑ.. මොන දේ ආවත් ඔයාමයි ඔයාගෙ ගමන හදාගන්න ඕනී.. ඔයයි මහන්සී වෙන්න ඕනී.. කවුරුත් ඔයාට excuse එකක් දෙන්නේ නෑ කොරෝනා ආවනෙ ඒක නිසා ඔයාලට ලකුණු දෙනවා කියලා.. මොන දේ තිබ්බත් හුස්ම ගන්න පුළුවන් තාක්කල් තමන්ගේ හීන වෙනුවෙන් කැපවෙන්න...

Game එක අතෑරලම ඉන්න අය මේ දවස් තුන හතරෙ හරි ලොකුවට stress එකක් ගන්නේ නැතුව පුලුවන් ගේම ගහන්න කොහොම හරී.. fail කියන මට්ටමේ ඉන්න එක්කෙනෙක් නම් එතනින් එක score එකක් හරි උඩට ගන්න try කරන්න.. එක එක pass එකෙන් උඩට එන්න try කරන්න.. මේ දවස් ටිකෙත් උපරිම ප්‍රයෝජනයක් ගන්න.. පසු කාලීනව නැත්තම් පසු තැවෙන්න වෙයී.. ඒත් එදාට දුක් වෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැති වෙයී.. මේ දවස් ටිකෙත් පුලුවන් උපරිම ගැම්මක් අරන් වැඩ කරන්න.. අතාරින්න එපා බෑ කියලා.. ඉන්න මට්ටමට වඩා පුලුවන් උපරිමෙන් උඩ මට්ටමකට එන්න බලන්න.. මහන්සි වෙන තරමට ප්‍රතිඵලය තියෙන්නේ ඔයාලට..වෙන කාටවත් නෙවෙයී.. ඒක ඔලුවෙ තියාගෙන වැඩ කරන්න.. අනවශ්‍ය විදියට stress එකක් ගන්න එපා.. පුලුවන් විදියට ආයෙත් බලාගන්න බැරි වුන තැන්, අමාරුයි කියලා හිතෙන තැන් නැවත නැවත බලන්න.. ඒවගෙන් ප්‍රශ්න හැදෙන විදිය බලන්න.. past papers බලන්න..ඒවා කරන්න.. අතාරින්න නම් එපා අන්තිම මොහොතේ.. මේ පොඩි කාලෙත් ගොඩක් වටිනවා.. කැපවෙන්න හීන වෙනුවෙන්..ඒ මහන්සිය අපතේ යන්නේ නෑ කවදාවත්...

මහන්සි වෙලාවට rest එකක් ගන්න ඒත් අතාරින්න එපා.. කට්ටක් කන තරමට ප්‍රතිඵලයක් තියෙයි.. හිතට අරගෙන එක අරමුණක වැඩ කරන්න.. කරන ටික හරියට කරන්න වැඩක් වෙන විදියට..

ඔයාලට පුළුවන් බෑ කියලා දෙයක් නෑ.. අවසානය තෙක් උත්සාහයයි වැදගත්.. මහන්සි වෙන්න..කැප වෙන්න තමන්ගේ අරමුණු වෙනුවෙන්.. stress එකක් ලොකුවට ගන්නේ නැතුව වැඩ කරන්න මේ ටිකේ..

සුබ දවසක් ....

Motivation to the brain by ;
Minsadi Adithya


@Edu_Lanka_Channel