🔥 Burn Fat Fast. Discover How! 💪

හෙට ඕලෙවල් ලියන අයට පොඩ්ඩක් කතා කරන්න හිතුව... මුලින්ම හැ | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

හෙට ඕලෙවල් ලියන අයට පොඩ්ඩක් කතා කරන්න හිතුව...


මුලින්ම හැමෝටම විභාගෙ හොදින් ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.මට වෙච්ච අත්දැකීම එක්ක විභාගෙ ගැන පොඩි උපදෙස් ටිකක් දෙන්නම්

ඔයාල අද වැඩිය මහන්සි වෙන්න යන්න එපා. මොකද අද රෑ වෙනකන් මහන්සි වෙලා හෙට විභාගෙට ගියාම ඔයාට විහාගේ වෙලාවෙ නිදිමත හැදෙයි.

තව දෙයක් උදේ නැගිට්ට වෙලේ ඉදන් ඔක්කොම පොත් පෙරල පෙරල පාඩම් කරන්න තියාගන්න එපා. ඔයාගෙ ඔලුව කලබල උන ගමන් පාඩම් කරපුවත් අමතක වෙනව නැත්තන්.හොදට මනස නිදහසේ තියාගෙන විභාගෙට වාඩි වෙන්න. ( නිකන් වාර විභගයක් ලියනව කියල හිතාගන්න.
ඕලෙවල් කියල මේ මහා ලොකුවට අරන් බය වෙලා ලියන්න ගන්න එපා.)

තව දෙයක්

ලියල ගෙදර ආපු ගමන් උත්තර පත්තර එවල තියෙන ඒව බල බල ලකුණු කීයක් තියෙනවද බලන්න යන්න එපා.ලියල ඉවර උන ගමන් ඒ විෂය සම්පූර්ණයෙන් අමතක කරල දාල ඊලග දවසෙ එකට ලෑස්ති වෙන්න.

වැදගත්ම දේ
ඔයාට විභාගෙ ලියල ගෙදර එද්දි මොකක් හරි ප්‍රශ්නයක් පිටින් වැරදුනා කියල මතක් උනා කියමුකො.කරන්න තියෙන හොදම දේ තමා එවෙලෙම ඒක සම්පූර්ණයෙන් ඔලුවෙන් කරල දාන එක.අත්දකීමෙන් කියන්නෙ

මන් සිංහල පේපරේ ලියල ගෙදර එන ගමන් මතක් උනේ විචාර දෙකක උපුටා ගැනීම් සම්පූර්ණයෙන්ම මාරු කරල ලියල තියෙන්නෙ කියලා. මාත් එවෙලෙ ගොඩක් කලබල උනා. එත් පස්සෙ හිතාගත්ත අනිත් ඒවට හරි ලකුණු ඇතිනෙ කියල. ( හිතුව වගේම A එකක් තිබ්බ ඒ උනාට )ඒ නිසා කිසිම දේකට කලබල වෙන්න එපා.

එහෙනම් හැමෝටම A9ක්ම ගන්න පුලුවන් වෙන්න කියක ප්‍රාර්ථනා කරනවා

Good Luck

kk