Get Mystery Box with random crypto!

ආදරණීය දුවේ පුතේ, මා අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනගත් මොහොතේ ස | 2022 Biology Methmal Jayasekara

ආදරණීය දුවේ පුතේ,
මා අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනගත් මොහොතේ සිටම ඔබත්, ඔබේ දෙමව්පියන් සියලුදෙනාත් මාහට ඉක්මන් සුවය පතමින් එක් කල පණිවිඩ සියල්ලටම හදවතින්ම ස්තූතිවන්ත වෙමි. මේ වන විට මා බොහෝ දුරට සුව අතට පත්වී සිටියද, වෛද්‍ය නිර්දේශය අනුව තවත් දින පහක කාලයක් විවේක ගැනීමට නියම වී ඇති බැවින්ද, ඔබේත් මගේත් ආරක්ෂාව උදෙසා නියමිත නිරෝධායන කාලය සම්පූර්ණ කල යුතු බැවින්ද, පෙබරවාරි 21 සඳුදා සිට 25 සිකුරාදා දක්වා කාලය තුල පැවැත්වීමට නියමිතව තිබූ මාගේ පන්ති නොපැවැත්වෙන බව මින් දන්වා සිටිමි.
එම දින කිහිපයක කාල සීමාව තුල ඔබට පාඩම් කිරීමට එකතු වී ඇති වැඩ කොටස් සම්පූර්ණ කරමින්, අර්ථාන්විතව ගත කිරීමට උත්සාහ කිරීම, මේ මොහොතේ ඔබට මා වෙනුවෙන් සිදු කල හැකි වටිනාම කාර්යය යැයි සලකමි.
26 වන සෙනසුරාදා සිට සුපුරුදු කාලසටහනට අනුව සියලුම පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වේ. පෙරටත් වඩා සවිමත්ව නැවතත් ඔබව හමුවන තුරු ජයග්‍රහණය හඹා යන ඔබේ ගමනට නිඹඳ ආශිර්වාදය පතමි!
- මෙත්මල් සර්