Get Mystery Box with random crypto!

PIUMI HANSAMALI (Instagram) මා පියුමි හංසමාලිව පළමුව දුටුවේ ප | Piumi Hansamali

PIUMI HANSAMALI (Instagram)

මා පියුමි හංසමාලිව පළමුව දුටුවේ පියකරු කෙටි සාය හැට්ට ඇඳි ඊටම ගැළපුනු චෙරි වර්ණයෙන් රතු කරගත් තොල් සඟලක් සහිත ආකර්ශනීය ශ්‍රී ලාංකික නිරූපිකාවක ලෙසින් පමණි.

එහෙත් ඇගේ ඒ බාහිර පෙනුමේ නො සිටි මගේ ගංගා නම් චරිතය මට ඇය තුළින් පෙනුනා.

ගංගා වනාහී,
පිනි වැස්සේ තෙමෙන
මුදු සුළඟ විඳින
සිහින සාගරයක් ඇති
අහස උසට ආදරය පිරුනු
දඟ බඹරුන්ට ඉව දැනෙන සේ සුවඳ විහිදන සුන්දර යුවතියකි.

ඇගේ සැමියා ඇයව ලංකාවේ සිට ලක්නව් හි නවාබ් නගරය වෙත කැන්දා එයි. ගංගා එහිදී තම සිහිනද සමග රන් කූඩුවක සිර වූ කිරිල්ලියක බවට පත් වෙයි.

පියුමි හංසමාලිට හැකිවුනා ඇගේ දිදුලන ජීවන විලාසයෙන් මිදී ගංගා නම් විනීත ශ්‍රී ලාංකේය කාන්තාව බවට පත්වන්නට.

-අනිල් කුමාර් #kerala#lucknow#movei#shooting