ප්‍රේමය ලොකුම ලොකු මල් ගහක
එක ඉත්තක්
කොහේදෝ දුරකින් කඩාගෙන විත්
සිතෙහි එක් කොනක පැලකරපු...
ඔහේ ගතවෙද්දි මල් ඉත්තත්
ප්‍රේමය නමින් දළු ලාවි..
මල් පිපේවි පරවේවි නැවත මල් පිපේවි...
පූදින පරවෙන හැම මලක් පාසාම
ප්‍රේමය ද කෙමෙන් දළු ලාවී...
අවසානයේ දී සුන්දරම මතක
ගොන්නකට හිමිකම් කියනුයේ...
දළු ලාවි ද නොදැන
ඉබේ පැලවෙච්චි ප්‍රේමය ලු ...
ඉබේ පැලවන බැඳීම් ලු...
චතුර