Get Mystery Box with random crypto!

දඟකාර දෑසක් දුටුවාම පෙරදා..... සිතගාව හැමකල් පැතුමන් පිරිලා. | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

දඟකාර දෑසක් දුටුවාම පෙරදා.....

සිතගාව හැමකල් පැතුමන් පිරිලා.....

ඔබගාව හුරතල් වී ඉන්නෙ අද මා.....

අතගන්න දහසක් පෙරුමන් පුරලා.....

පෙරදාක ඔබගේ සිත් ගත්ත කුමරී.....

ඔබගේම සෙනෙහේ අත් හැරියෙ දුක් දී.....

පියඹාලා ඈ ගොස් ඈතකට ඉඟිලී.....

හදවතම බිඳිලා ඔබගේ මෙහීදී.....

ලං වූවා ඔබ හා කාලයට ඉඩ දී.....

පේ වීලා සිටියේ ඔබ හටම සිත දී.....

සැනසූවා ඔබ මා හද විමනෙ ළං වී.....

ගුලිවීලා පෙරදා ඔය තුරුලේ සැනසී.....

නොසිතූව විලසේ ඇය ආව හින්දා.......

අත්හැරියෙ ඔබ මා හිතකින්ද පෙරදා......

සිත් බැඳුණු මතකේ සෙනෙහේ හොවලා......

නෙත් අගට කඳුලැල් හීනියට වැටිලා.........

පෙරදාක ගුලිවී ඔබ තුරුලේ උන් මා............

අද තනිව සඳ එළියෙ සුසුමන් හෙලනා.........

යලි එන්න පෙර සේ ඉක්මනට දුවලා..........

ඇත සොඳුර තවමත් ඔබ මතකෙ බැඳීලා.........

( මෙයින් නිමයි ආ ගමන )

_ අවී _

──᪣_Avi_Vish_᪣──

රූ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹
@RooOfficial