🔥 Burn Fat Fast. Discover How! 💪

පීදුනු පෙමට තටු දෙන්නට සිතුවාට කලු සෙවණැලි දුම් දැමුවනෙ දරුණුව | #_රූ_✍ 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹™ 🎭

පීදුනු පෙමට තටු දෙන්නට සිතුවාට
කලු සෙවණැලි දුම් දැමුවනෙ දරුණුවට
කල් අරිනා මට නොදැනිම සටකපට
වහල් වෙන්න බෑ බං උඹෙ බොරු පෙමට

වියතක දුරක්වත් තිබුනද කුලුදුලම
ගව් ගණනක් දුරයි බං දැන් බැඳි පෙමට
වහන් කෙරුවමුත් දැණුනනේ හදවතට
දස අත උබට මැවුනද කාමුක සතුට

දෙකට නවලා දැම්මත් උණ පුරුකකට
ඇද අරින්න බැහැලුනේ බං බලු නකුට
රැවටෙන්නට උඹ කියනා වැදි බණට
ගිහින් කියන් කනක් විදපු චීනෙක්ට

ආලේ පිරුණු පපුවක හෙව්වට රස්නේ
සීතයි දැනුනේ කුණු බැදිච්ච උඹේ පපුවේ
හදවත ඉරන් දුන්නට මගෙ පිරිසිදු ප්‍රේමේ
මායාවෙන් රවටන් උඹ හෙව්වෙම රාගේ

හද ලිව්වේ නුබෙ නම විතරමයි ප්‍රියේ
කී දෙනෙකුට කිව්වද උඹ බොරු නෙවෙනේ
කිව්වට මොකද රන් කඳ මගෙ සුදුබෝලේ
පිත්තලවත් වටින්නැහැනේ උඹෙ ප්‍රේමේ

රෝස මලට තිබුනට බං පෙති බොහොම
සුමුදු බවෙන් වැහෙනවා යට කටු අත්ත
කිව්වට කවියෝ ආලේ තීන රස පැත්ත
රිදුම් දෙනවා කටු ඇනිච්ච හද පත්ල


•| ~R.L.Savindi~

#SinhalaQuates
#RooOfficial #RooPost #Photography #RooMusic #ShortStories #SocialKnowledge #RooArt

┏━━━━ • ✎﹏ • ━━━━┓
@RooOfficial

┗━━━━ • • ✿ • • ━━━━┛