Get Mystery Box with random crypto!

☸THERAVADA☸

Logo of telegram channel theravadaya — ☸THERAVADA☸ T
Logo of telegram channel theravadaya — ☸THERAVADA☸
Channel address: @theravadaya
Categories: Religion
Language: English
Subscribers: 136
Description from channel

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”
ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

2


The latest Messages

2021-09-05 08:34:25 THERAVADA pinned «අභිධර්මය ඉගෙන ගනිමු (EP 8) ද්වේෂ මූල සිත් දෙක ද්වේශය යනු සිතින් ගන්නා අරමුණුවල විරුද්ධ ස්වභාවය. අරමුණට නොකැමති ස්වභාවය. කෝපය,තරහව,වෛරය,භය,අප්පිරියාව,නො සතුට යන වචනවලින් කියවෙන්නේ ද ද්වේෂයය.අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට "ප්‍රතිඝ" යයි ද කියනු…»
05:34
Open / Comment
2021-09-05 08:33:33 අභිධර්මය ඉගෙන ගනිමු (EP 8)

ද්වේෂ මූල සිත් දෙක

ද්වේශය යනු සිතින් ගන්නා අරමුණුවල විරුද්ධ ස්වභාවය. අරමුණට නොකැමති ස්වභාවය. කෝපය,තරහව,වෛරය,භය,අප්පිරියාව,නො සතුට යන වචනවලින් කියවෙන්නේ ද ද්වේෂයය.අරමුණෙහි හැපෙන්නාක් මෙන් ඇති වන බැවින් එයට "ප්‍රතිඝ" යයි ද කියනු ලැබේ. ද්වේෂ මූල චිත්ත ය ලෝභ මූල චිත්තය මෙන් වේදනා වශයෙන් භේදයට නො පැමිණේ. එය සැම කල්හි ම දෝමනස්ස වේදනාවෙන් ම යුක්ත වේ. දෝමනස්ස වේදනා ව ය යනු අරමුණෙ නරක ගතිය ආස්වාසය කරන ස්වභාවය. ශෝක යයි කියනුයේ ද දෝමනස්ස වේදනාවටය. ද්වේෂ මූල චිත්තය භේදයට පැමිණෙන් නෙ සංස්කාර වශයෙන් පමණි.

දෝමනස්ස සහගත ප්‍රතිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතය

දෝමනස්ස සහගත ප්‍රතිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිතය

කියා ද්වේෂමූල සිත් දෙකකි. කෙනෙකුගේ මෙහෙයිමක් නැතිව තමාගේ ඕනෑකමින් ප්‍රාණඝාතාදිය කිරිමෙදි දෙවන සිත ඇති වේ.

ක්‍රිඩා පිණිස සිනහවෙන් සතුන් මරණ කල්හි ඇති වන්නේ ද ද්වේෂ මූල සිත් මය. එබඳු අවස්ථාවල ඇතිවන ද්වේෂ රෞද්‍රය. ක්‍රිඩා පිණිස සිනහවෙන් සතුන් මරන කල්හි ද්වේෂය නැතය යි වරදවා නො ගත යුතු.

ද්වේෂ මූල සිත් උපදනා අවස්ථා

ප්‍රාණඝාතය,පරුෂ වචනය,ව්‍යාපාදය, අදත්තාදානය,මෘෂාවාදය,පෛශූන්‍ය වචනය,සම්පප්‍රලාපය යන අකුශල කර්ම පථ සත සිදු කිරිම් වශයෙන් ද්වේෂ මූල සිත් උපදි.

තවද අනුන්ගේ අගුණ කීමේදි ද, ඒ වාට ඇහුම්කම් දීමේ දි ද, තමා කළ වරද කියනවා ඇසෙන කල්හි ද, තමාගේ අඩුපාඩුකම් - දුබලකම් කියනවා ඇසුණු කල්හි ද සේවකාදින් අකීකරු වු කල්හි ද ,අනුන් වරද කරනවා දක්නා කල්හි ද, අනුන් වරද කරනු ඇතය කියා සිතෙන කල්හි ද, තමා ආදරයෙන් පරෙස්සම් කරන දේවල් අනුන් අත පත ගානවා දුටු කල්හි ද, තමා ඇලුම් කරන දෙයක් අනුන් ඉල්ලන කල්හි ද,අනුන්ගෙන් තමා ඉල්ලන දෙයක් නුදුන් කල්හි ද,තමා කියන වැඩක් අනුන් නො කළ කල්හි ද,තමා ගේ කීම අනුන් නො පිළිගන්නා කල්හි ද, අනුන් තමාට සතුරු කම් කරන කල්හි ද,සතුරන් දක්නා කල්හි ද,තමාට කළ සතුරු කම් සිහි වන කල්හි ද,බොහෝ දෙනාට ද්වේෂ මූල සිත් උපදි.

මා-පිය-දූ-දරු ආදි හිතවතෙකු මළ කල්හි ද, අන් අලාභයක් වූ කල්හි ද,තමා විසින් විශාල වරදවල් සිදු වූ කල්හි ද,ශෝක කිරීම් වශයෙන් උපදින්නෙ ද ද්වේෂ මූල සිත් ය.

තමාට වඩා හොඳින්-කන-බොන අය, අඳින-පළඳින අය දුටු කල්හි ද, හොඳ රථවාහනවලින් යනෙන අය දුටු කල්හි ද,හොඳ ගෙවල් සාදාගෙන ඉන්නා අය දුටු කල්හි ද, ගරු බුහුමන් ලබන අය දක්නා කල්හි ද ඊර්ෂ්‍යා සහගත ව ද්වේෂ මූල සිත් ඇති වේ.

නිතර අනුන්ගේ අගුණ සොයමින් කියමින් සිතමින් ඉන්නා ඇතමුන්ට එක් එක් දිනක බොහෝ ද්වේෂ මූලික අකුසල් සිත් පහළ වේ.


රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය
184 views05:33
Open / Comment
2021-09-05 07:34:46
සක්මන් භාවනා ව නිවැරදිව වඩන ආකාරය
209 views04:34
Open / Comment
2021-09-04 18:20:47
196 views15:20
Open / Comment
2021-09-04 12:29:06
235 views09:29
Open / Comment
2021-09-04 07:32:47 THERAVADA pinned «අභිධර්මය ඉගෙන ගනිමු (Ep 7) ලෝභමූල සිත් අට උපදනා සැටි "පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනිමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන යම් වස්තුවක් ගැනිමේ වරදක් නැත". යන ආදින් යම්කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත්…»
04:32
Open / Comment
2021-09-04 06:54:02 අභිධර්මය ඉගෙන ගනිමු (Ep 7)

ලෝභමූල සිත් අට උපදනා සැටි

"පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනිමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන යම් වස්තුවක් ගැනිමේ වරදක් නැත". යන ආදින් යම්කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනිම, "මේවා අපට දේවියන් දුන් ඒවා ය "කියා මිථ්‍යා අදහස් පෙරදැරි කරගෙන කාගෙවත් මෙහෙහීමක් නැති ව මහත් සතුටින් රස විඳිමින් බෝජුන් වැළඳිම යනාදියෙ හි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි.

අනිකකුගේ මෙහෙයිමක් හෝ පසු බස්නා වු තමාගේ සිත තමා විසින්ම උත්සාහවත් කරවා ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට *සෝමනස්ස සහගත දෘෂ්ටිගත සසංස්කාරික සිත*උපදි.

යම්කිසි දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව සතුටින් අන්සතු කරවා ගැනිම, දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව සතුටින් රස භෝජුන් වැළඳිම යනාදිය කිරීමෙ දි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි

අනුන්ගේ මෙහෙයිමක් හෝ තමා විසින් ම තමා ගේ සිත උත්සහවත් කර ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කිරිමේදි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි

"වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත"යනාදින් යම්කිසි මිථ්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයිමක් ද නැතිව ප්‍රීතියෙන් ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරිම:මේවා දේවියන් දුන් ඒවාය යානාදින් මිථ්‍යා අදහස් පෙරදැරි කරගෙන ප්‍රීතියෙන් හා කෙනෙකුගේ මෙහෙයිමෙක් ද නැතිව සූරාපානය කිරිම යනආදිය කරන්නහුට * උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත"උපදි

අනුන්ගේ මෙහෙයිමක් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සහවත් කරවා ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදි *උපෙක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි.

මිථ්‍යාදෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන, ප්‍රීතියකුත් නැතිව,කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව, අදත්තාදානාදිය කිරීමේ දි *උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි.

කෙනෙකුගේ මෙහෙයිමක් හෝ තමා විසින් ම පසුබස්නා සිත උත්සහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට *උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි.

විපාක දීමේදි අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරිම වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු- දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබලය.ඒවායේ විපාක දීම ද අනියතය.දෘෂ්ටි විප්‍රයුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍රයුක්ත අකුසල සිත් බලවත් ය.සසංඛාරික සිත ට වඩා අසංඛාරික සිත් බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය.


රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය
192 viewsedited  03:54
Open / Comment
2021-09-04 05:06:04
246 views02:06
Open / Comment
2021-09-03 17:00:18
ඒයා ඉස්සර වගේ නෑ නේ ද... වෙනස් වෙලා ද .ආදර වන්තයින් ඇසිය යුතු දේශනාවක්
85 views14:00
Open / Comment
2021-09-03 16:23:48
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වස් කාලය ගත කළ සූගන්ධ කුටිය. දැකබලා පිං අනුමෝදන් කර ගනිත්වා ! සාධු සාධු සාධු`
82 viewsedited  13:23
Open / Comment