🔥 Burn Fat Fast. Discover How! 💪

දිය ඇල්ලක් අසල photo ගන්න යන්න එපා කියන්නේ මේ නිසයි මේ අර Pre | MOTIVATION FOREVER

දිය ඇල්ලක් අසල photo ගන්න යන්න එපා කියන්නේ මේ නිසයි

මේ අර Pre-shoot එක කරන්න ආපු කපල් එකේ පිරිමි ලමයා වතුරට වැටෙන්න කලින්, වෙන කෙනෙක් ගත්ත අහඹු photo එකක්. එකේ මේ photo එක දැකපු ගොඩ දෙනෙක් කියලා තිබුන පීනන්න දන්නේ නැතිව ඇති, එතන එච්චර ගැඹුරු පාට නෑ කියලා. නෑ දෙකම වැරදි. එකක් වැස්ස අඩු කාලෙකදි පොඩියට පෙනුනට, දිය ඇල්ලක් ආසන්නයෙදි වේගයෙන් වැටෙන වතුර කඳ නිසා ඉතා ගැඹුරට හෑරිලා තියෙනවා. අනික තමා භයානකම දේ...., දිය ඇල්ලක් අසල ජලය නිතරම මේ කඩා හැලෙන ජල කඳ නිසා ඉතා හොඳින් වාතනය වෙනවා.. ජලයේ මිශ්‍රවන වාතය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහලයි. එතකොට ජලයේ ඝනත්වය ස්‍රීග්‍ර ලෙස අඩු වෙනවා. ජලයේ ඝනත්වය ආසන්න ලෙස 1000 kg/m3 යි, වාතය 1.2 kg/m3 ක් පමණ. ඉතින් හිතන්න වාතය පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච් ගමන් ජලයේ ඝනත්වය අඩුවෙන ප්‍රමාණය ? මේ නිසා හොඳ පිහිණුම්කරුවෙකුටවත් ජලයෙන් ඔහු බලාපොරොත්තුවෙන උඩුකුරු තෙරපුම ලැබෙන්නෙ නැහැ... ඒක හරියට කවුරුහරි ගොඩනැගිල්ලකින් පැනල වාතය තුල පීනන්න හදනව වගේ.. මේ දේවල් උසස් පෙළ භෞතික විද්‍යාව කරන ලමයිගෙ ඉඳල ඉහලට අය දන්නවා, නමුත් සාමාන්‍ය ජනතාවත් මේ පිලිබඳව දැනුවත් විය යුතුයි. එහෙම හිතලයි වෙලාව අරගෙන මේක ලිව්වෙත්. කවදාවත් දිය ඇල්ලක් ආසන්නයටම ගිහින් අවදානමක් ගන්න එපා. කිසිම වැඩකදි 'අනාරක්ශිතව' ජීවිත අවධානමක් ගන්න එපා. Close call එහෙමත් නැත්නම් Near miss විදියට විශ්වවිද්‍යාල වල Health & safety යටතේ මේව උගන්වනවා. විදුලිය සමග වැඩ, heavy tools ක්‍රියාකරවිමේදි වගේ උනත් පොඩි වත් අවධානමක් ගන්න එපා.. පොඩ්ඩ වැරදුනොත්....

Copied

@best_m_otivation