🔥 Burn Fat Fast. Discover How! 💪

දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය. ... වැල්ලවාය ඉඳලා කිලෝමීටර | MOTIVATION FOREVER

දාන වේලවත් නොලැබෙන ආරණ්‍ය සේනාසනය. ...

වැල්ලවාය ඉඳලා කිලෝමීටර් පහළොවක් විතර යනකොට ආරණ්‍ය සේනාසනයක් හමුවෙනවා.

මේක පිහිටලා තියෙන්නේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ටත් අතර ඝන කැළයක් මැද තමයි තියෙන්නේ.

දැනට ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් විතර වැඩ වසනවා ඒ ස්වාමීන් වහන්සේලා වහන්සේලාට දාන වේලක් හමුවෙන්නේ නැහැ.

මේ දින වල ගොඩක් අමාරුවෙන් ජනතාව ජීවත් වන්නේ එහෙත් ජනතාවට පුළුවන් පුළුවන් විදියට දාන වේල දෙනවා කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ.

ගම්වාසීන් බඩගින්නේ ඉඳගෙන හාමුදුරුවන්ට දානේ දෙන කොට හාමුදුරුවන්ට දැනුනු වේදනාව ඇස් වල කඳුළු පුරෝගෙන ඇඬුවා.

ජීවිතයේ කිසිම දවසක මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් අඬනවා අපි දැකලා නැහැ.

නමුත් මේ ස්වාමීන් වහන්සේ අඬන්නේ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සු බඩගින්නේ ඉන්නවා කියලා.

අපි යනකොට බඩු ගොඩක් අරන් ගියා මේ පන්සලට දෙන්න.

ඒව දුන්නු අපට හාමුදුරුවෝ ඉල්ලුවේ අනේ අපේ මහත්තයෝ පුළුවන් නම් ගමේ පවුල් අසූවක් විතර ඉන්නවා.

ඒ අයගෙත් මේ වගේ බඩ කට පුරවන්න.

අපට කුසගින්න දරාගන්න පුලුවන්.

ඒත් ගමේ අයට කන්නත් නැ.

පුළුවන් නම් ඔබතුමන්ලාට පින් සිද්දවෙනවා කියල තමයි කිව්වෙ ..

හාමුදුරු මේ තරම් සංවේදී වුණේ ගමේ ජනතාව ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක එකට ඉන්න නිසා,

හැම වෙලාවේම දුකට සැපට ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේලා.

ඒ නිසා තමයි මේ ස්වාමීන් වහන්සේලා ඒ ගමට මෙච්චර නම් ආදරේ ..

බුළු ගල් ලෙන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් ස්වාමීන් වහන්සේගේ
දුරකථන අංකය 076 - 6660513


මේ පොස්ට් එක තව කෙනෙකුට දකින්න share කරමු ...එකම ලොකු පිනක් වෙයි .තෙරැවන් සරණයි .


TRAVEL IN SRI LANKA
@TravelingSrilanka
@NatureLoverd
━━━━━━━━━━━━