🔥 Burn Fat Fast. Discover How! 💪

අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා කේන්තිය පාලනය කරගන් | MOTIVATION FOREVER

අද කාලෙ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා කේන්තිය පාලනය කරගන්න බැරිකම.
එක පොඩි දෙයක් ඇති, එක පොඩි වචනයක් ඇති, කේන්ති අරන් රණ්ඩු වෙන්න.

මට මතක් උනා අපි පොඩි කාලෙ සර් කෙනෙක් කිව්ව කතාවක්.


අපි ඉන්න මේ ලෝකෙ ජීවී අජීවි කියල කොටස් දෙකක් ඉන්නව, අපි මිනිස්සු මේ ලෝකෙ ඉන්න ජීවීන් විශේශයක්.

එතකොට ගස් කියන්නෙ....

අපි වගේම හැම ජීවී ලක්ශනයක්ම පෙන්නන තවත් ජීවීන් වර්ගයක්.


පුංචි වැඩක් කරමුද?

ගහක් ලගට ගිහිල්ලා බැන බැනගෙන යන්නකො....

ගහට කේන්ති ගිහින් අත්තක් පාත් කරල ටොක්කක් අනීද ඔයාට?


බනින්න බැරි නම් ගහන්න....

ඒත් ඒ ගහ ඔයාට මොනවත්ම කරයිද?

අපේ පිරිලා තියෙන්නෙ මමත්වය....

මං තමයි හරි.

මං විතරයි හරි.

මං කියන දේ අනික් හැමෝම අහන්න ඕනි.

එහෙම නෙවෙද අපි ඉන්නෙ....

වෙන කෙනෙක් ඒකට පිටින් ගියොත්.....

අන්න කේන්ති ගන්නව,

රණ්ඩු වෙනව,

බැන ගන්නව.

ඇයි අපිට බැරි......

ගහක් වගේ වෙන්න....

මොකක්ද අපි බොරුවට කේන්ති ගන්න එකෙන් ලබන්නෙ,

අපෙත් හිත් රිදිල තවත් කෙනෙක්ව රිද්දල......

ටිකක් හිතන්න.

කේන්තිය පාලනය කරගන්න පටන් ගන්න, එකපාරට ලොකු වෙනසක් කරන්න බැරිවෙයි.

අහස උසට මාලිගා එක රැයෙන් ඇතිවෙන්නෑනෙ....

ඒත් ටික ටික පුරුදු උනොත් ජීවිතේටම ලොකු සැනසීමක් ලැබේවි.


by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌

@best_m_otivation
#questions
#motivation
#Nїruu