🔥 Burn Fat Fast. Discover How! 💪

අරගලය එක තැන පල් වෙනවා වගේ නේද..වෙනසක් නෑ වගේ නේද?? එත්කොට මේ | MOTIVATION FOREVER

අරගලය එක තැන පල් වෙනවා වගේ නේද..වෙනසක් නෑ වගේ නේද??

එත්කොට මේවා උනේ මොකක් නිසා කියලද හිතන්නේ??

1. මුදල් ඇමති ප්‍රමුඛ කැබිනට් එක ඉල්ලා අස් උනා

2. වැඩ්ඩෙක් කියලා කියාගෙන හිටපු මහ බැංකු අධිපති කබ්බා අයින් උනා

3. භාණ්ඩාගාර ලේකම් ඉල්ලා අස් උනා

4. රාජ්‍ය ඇමති වරු ඉල්ලා අස් උනා

5. රට පුරා ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් තියන්න හිටපු උත්සව කැන්සල් උනා

6. මිනිස්සුන්ගේ සල්ලි වලින් හදපු පොදු ස්ථාන මිනිස්සුම විවෘත කරා

7. 10000 ගානේ බෙදන්න මුදල් අච්චු ගහන්න හිටපු එක නැවතුනා

8. ජනාධිපති ප්‍රමුඛ දේශපාලකයන්ට මිනිස්සු ඉස්සරහට එන්න බැරි උනා සහ එන්න භය උනා

9. මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා ගහපු අවුරුදු SMS නැවතුනා, පවුලේ අවුරුදු කෑම මේසේ live දුන්නේ නැහැ

10. Squad එකත් එක්ක පාරවල් වහගෙන එහෙ මෙහෙ ගියපු VIP කියලා හිතන් හිටපු set එක අතුරුදන් උනා, Ambulance විතරක් VIP උනා

11. ඔක්කොම එකයි කියල හිතන් හිටපු නීතීඥයෝ වැඩි හරියක් රටට ආදරෙයි කියලා ඔප්පු උනා

12. සිංහල, බෞද්ධ, කතොලික, මුස්ලිම්, හින්දු, දෙමළ ජාති.. ආගම් එකමුතු උනා.

13. ජාතිවාදය අවුස්සන ගහන තුරුම්පුවලට තවදුරටත් මිනිස්සු අහු නොවෙන බව ඔප්පු වුනා

14. පැය 13 කපන්න හිටපු විදුලිය පැය 6 ට අඩු උනා.

15. මහින්ද ප්‍රතික්ෂේප කරපු ආර්ථික විශේෂඥයෙක්ව අවුරුදු 10ට පස්සේ මහබැංකු අධිපති කරන්න වුනා.

16. කාල්ටන් අවුරුදු උත්සව නැති උනා

17. කාලෙන් කාලෙට කරපු හොරකන් ටිකෙන් ටික එලි වෙන්න ගත්තා

18. ජනාධිපතිට, පවුලට මිනිස්සුන්ගේ තිබ්බ අන්ධ ගෞරවය නැති උනා

19. සතියෙන් හැමදේම අමතක වෙනවා කිව්ව මිනිස්සු හැමදේම නාඩියට මතක තියා ගත්තා

20. ජීවිතේට එලියට නොබැහැපු මිනිස්සු රට වෙනුවෙන් එලියට බැස්සා..

එක සතියට මේ මදිද? මේ ඔක්කොම නෙවෙයි.. තවම පරක්කු නෑ..

- උපුටාගැනීමකි-

@best_m_otivation
#GoHomeGota2022