🔥 Burn Fat Fast. Discover How! 💪

තමන්ගේ ශරීර ස්වරූපය ගැන ඍනාත්මක දේවල් සිතෙනවද? අපි කැමතියි ල | MOTIVATION FOREVER

තමන්ගේ ශරීර ස්වරූපය ගැන ඍනාත්මක දේවල් සිතෙනවද?


අපි කැමතියි ලස්සනට පිළිවලට එදිනෙදා ජීවත් වෙන්න. ලස්සන, පිරිසිදු ඇඳුම් අදින්න අපි කැමතියි. ඒක තමයි සාමාන්‍ය ස්වාභාවය. ඒ වගේම අපි හැමෝටම අවේනික ලස්සනක්ද තියනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතු දෙයක්ද තියනවා. ඒ තමයි අපි හැමකෙනාම ලස්සනයි. හැම කෙනාටම ආවේණික ලස්සනක් තියනවා.

අද ලිපියෙන් කියන්නේ, තමන්ගෙ ශරීර ස්වරූපය ගැන, ශරීර අංග ගැන ඍණාත්මක දේවල් හිතමින් මානසික පීඩා විදින තත්ත්වයක් ගැන. Body dysmorphic disorder කියලා තමයි ඒක හඳුන්වන්නේ.
පෙනුම ගැන, ශරීර අංග ගැන දැඩි ලෙස හිතනවා. ලොකු අවධානයක් ඒ ගැන යොමු කරනවා.
අපි දැන් බලමු මේ body dysmorphic disorder හි ලක්ෂණ මොනවාද කියලා.

තමාගෙ ශරීරය ගැන අන් අයට නොපෙනෙන හෝ ඉතා සුළු අඩුපාඩු ගැන දැඩි ලෙස කල්පනා කිරීම
තමන් අවලස්සනයි හෝ අන් අය අකමැති පෙනුමක් තියනවා ලෙස විශ්වාස කිරීම
අන් අය තමන්ට අපහාස කරයි, කොන් කරයි ලෙස සිතීම
නිතර නිතර දර්පණ (mirrors) වලින් බැලීම සහ එයට වැඩි කාලයක් ගත කිරීම
හිතේ ඇතිකරගත් අඩුපාඩු මගහරවා ගැනීමට විවිධ විවිධ උත්සහයන් දැරීම
තමන්ගෙ පෙනුම අන් අය සමඟ සන්සන්දනය කිරීම
පරිපූර්ණ වීමට උත්සහ දැරීම
තමන් ගැන තෘප්තියක් නොමැති වීම
එතරම් කැමති නොවුනත් විවිධ රූපලාවණ්‍ය දේවල් වලට යොමුවීම
සමාජ සබඳතා මගහැරීම

එවැනි ලක්ෂණ body dysmorphic disorder තත්ත්වය තිබෙන පුද්ගලයෙක් තුළ ඇතිවෙන්න පුලුවන්.
තමන්ගෙ මුහුණ ගැන, නාසය, ඇස්, හිස කෙස්, සමේ පැහැය සහ ස්වරූපය, මාංශපේෂි පිහිටීම, උස, කොට, කෙට්ටු, මහත, පියයුරු, ලිංගය, ශරීරයේ එවැනි දේවල් වලින් එකක් හෝ කිහිපයක් ගැන body dysmorphic disorder තිබෙන අය ඍණාත්මක දේවල් සිතමින් පීඩනය පත් වෙනවා.

Body dysmorphic disorder නිසා එදිනෙදා වැඩකටයුතු වලට ගොඩක් අහිතකර බලපෑම් ඇතිවෙනවා.
ඒ වගේම ආත්මාභිමානය අඩුවීම, සමාජ සබඳතා වලින් දුරස් වීම, විවිධ දේවල් නිසා ශරීරයට හානි සිදුවීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, වැනි අයහපත් දේවල් සහ Anxiety, depression, eating disorders, OCD, වැනි වෙනත් මානසික රෝග ඇති වීම කෙරෙහිද එය බලපාන්න පුලුවන්.
ඇතැම් අවස්ථාවන් වලදී සියදිවි නසාගැනීම් ඇතුළු විවිධ ස්වයං හානි කරගැනීම්ද සිදුවෙන්න පුලුවන් මේ body dysmorphic disorder තත්ත්වයේදී.

Body dysmorphic disorder ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් නැහැ.
පවුල තුළ එවැනි ඉතිහාසයක් තිබීම, පෞරුෂ දුර්වලතා, මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස් වීම්, ඍණාත්මක සහ කම්පන අත්දැකීම් වලට මුහුණ දීම, වැනි හේතූන් ඔස්සේ බලපෑම් ඇතිවෙනවා.
Body dysmorphic disorder ඉතාමත් හොඳින් පාලනය කරන්න පුලුවන්.

වැදගත්ම දෙය තමයි, ලක්ෂණ හඳුනාගන්නා මුල් කාලය තුළම නිසි ක්‍රියාමාර්ග වලට යොමුවෙන්න ඕන. ඒ අනුව මූලික වශයෙන් psychotherapy සහ අවශ්‍යතාවය medication ඒ සඳහා ප්‍රතිකාර විදිහට ලබාගන්න පුලුවන්.

Avishka Sathsara Piyumal
(Mental Health Advocate & Certified Life Coach)

(උපුටා ගැනීමකි)

@best_m_otivation
#motivation
#psychology