🔥 Burn Fat Fast. Discover How! 💪

'බතලි, තඩියා,කොටා,රිටා,පෙන්දා' අපි මිනිස්සුන්ව හඳුන්වන්න පුරු | MOTIVATION FOREVER

"බතලි, තඩියා,කොටා,රිටා,පෙන්දා"

අපි මිනිස්සුන්ව හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නේ ඔවුන්ගේ අඩුපාඩුවලින්..

හැබැයි ඒක අපිට විහිලුවක් වුණාට
ඒ විහිලුවට ලක්වෙන කෙනාට මොනතරම් මානසික පීඩාවක්ද කියල අපි දන්නේ නෑ

Joanna Joseph කියන්නේ අන්න ඒ විදියට සමහරවිට ඊටත් වඩා සමච්චලයට ලක්වුණ කෙනෙක්

අවුරුදු 7දී කිලෝ හැටක් ඉක්මවූ බරක් තිබුන මැය අවුරුදු 13දී කිලෝ 103ක බරක් තිබුණ දැරියක්

ඒ නිසා යහලුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ වගේම ඇයට එදිනෙදා හමුවන හැම කෙනෙක්ම ඇයට සමච්චල් කරන්නත්, කොන් කරන්නත් පටන් ගත්තේ බතලි, තාර බැරල් එක,අලි කෙල්ල වගේ වචන යොදා ගනිමින්

මේ සමච්චලයට ලක් කිරීම් ඇයට කොයිතරම් වේදනාකාරී වුනාද කියනවනම් ඇය මානසික ආතතියට ගොදුරු වුණා

ඒ කාලේ තමයි ඇය කල්පනා කරන්නේ සමාජයේ අපහාස හමුවේ ජීවිතෙන් පලා යනවද, ඒවට ජයග්‍රාහීව මුහුණ දෙනවද කියල

වාසනාවට ඇය තෝරගන්නේ දෙවැන්න

ඇය ආහාර පාලනය, ව්‍යායාම හරහා තමන්ගේ බර කිලෝ 56කට අඩු කරගන්න සමත් වෙනවා

ඒත් ඇයට ලැබුණ ගැරහුම් නම් අඩුවක් වුණේ නෑ

මොකද සමාජය වට්ටන්න හදපු ඇය නැගිටිනවට සමාජය කැමති වුනේ නෑ

ඒ නිසා "බැරල් කෙල්ල කුඩු ගහල කෙට්ටු වෙලා" කියල තමන්ගේ ඉරිසියාව පිට කරගන්න ඔවුන් උත්සහ කරා

හැබැයි ඒවා කනකටවත් නොගත්ත Joanna ඇගේ රූපයට සමාජය විසින් වටිනාකමක් දෙන්න ඕන කියල හිතල නිරූපන ක්ශේත්‍රය තෝරාගත්තා

ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඇය 2018 වසරෙදි miss India Worldwide ලෙස කිරුලු පැලැන්දා

රූපය නිසාම සමාජයෙන් නිග්‍රහ විදපු Joanna රූපය නිසාම සමාජයේ පැසසුම් ලබන තත්වයට ඇවිත් ඇගේම දෛවයට අභියෝග කරා

මේ වනවිට ඇය තමන් වගේම රූපය නිසා නිග්‍රහයට ලක්වෙන දැරියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට දිරි දෙමින් කටයුතු කරනවා

"ලෝකයම මට වෛර කරද්දී මාත් මට වෛර කරගත්තා..හැබැයි අන්තිමේදී මම තීරණය කරා ලෝකය කෙතරම් මට වෛර කරත් මම මට වෛර කරන්නේ නෑ කියලා..ලෝකය කෙසේ ඔබව දැක්කත් ඔබ ඔබටම ආදරය කරන්න" මේ ඇය අපිට දෙන පණිවිඩිය යි.

ඡායාරූප අන්තර්ජාලයෙන්..

Copied

ලිපියේ සම්පුර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් හිමිකරුට

@best_m_otivation
#motivation