🔥 Burn Fat Fast. Discover How! 💪

උදෑසන අවදිවෙන විට ආතතියක්, කනස්සල්ලක්, ‍යම් බියක්, තිබීම ඇතැම් | MOTIVATION FOREVER

උදෑසන අවදිවෙන විට ආතතියක්, කනස්සල්ලක්, ‍යම් බියක්, තිබීම ඇතැම් අය තුළ තිබෙන ගැටලුවක්. සරළ විදිහට කියනවා නම්, දවස ගැන එපා වෙලා වගේ තමයි උදේට නැගිටින්නේ. එම තත්ත්වයට කියන්නේ morning anxiety කියලා.

අපි බලමු උදෑසන අවදිවන විට morning anxiety තත්ත්වය තිබෙන පුද්ගලයෙකු තුළ සිදුවන දේවල් මොනවාද කියලා.
⁃ තෙහෙට්ටුවක් දැනීම
⁃ ආතතියක් ඇතිවීම
⁃ කළබලකාරී බව
⁃ නුරුස්සනා බව
⁃ ඍණාත්මක සිතුවිලි
⁃ දවස ගැන යම් බියක් තිබීම
⁃ තෘප්තිමත් බාවයක් නොමැති බව
⁃ කනස්සල්ල, කළබලකාරී බව පාලනය කරගැනීමට නොහැකි වීම
⁃ හුස්ම ගැනීමට අපහසු වීම
⁃ හෘද ස්පන්දනය වේගවත් වීම

ඒ වගේ උදේ නැගිටින්න සිදුවීම ලොකූ කරදරකාරි බවක් වගේ දැනෙනවා.
Morning anxiety තත්ත්වය mental disorder එකක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඒක general anxiety disorder හෝ වෙනත් මානසික රෝගයක මූලික ලක්ෂණයක් ලෙස තමයි බොහෝ විට ඇති වෙන්නේ. අපි දැන් බලමු morning anxiety තත්ත්වය ඇතිවීම කෙරෙහි බලපාන්න පුලුවන් හේතු කාරණා මොනවාද කියලා.
⁃ එදිනෙදා වැඩකටයුතු අධික බව
⁃ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටීම
⁃ සබඳතා වල පවතින ගැටලු
⁃ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම
⁃ පවුලේ ගැටලු
⁃ ආර්ථිකමය ගැටලු
⁃ ජීවිතයේ සිදුවන විවිධ වෙනස් වීම්
⁃ ශාරීරික රෝගාබාධ
⁃ ඍණාත්මක අත්දැකීම්
⁃ මානසික රෝගී තත්ත්වයන් ( general anxiety disorder, depression, bipolar disorder)

දැන් අපි බලමු morning anxiety තත්ත්වය පාලනය කරගැනීමට අපට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.
⁃ ප්‍රශ්න ගැනම, පීඩාවන් ගැනම කල්පනා කරමින් නින්දට යන්න එපා.
⁃ ආතතිමය තත්ත්වයන් වලට, ගැටලු වලට නිසි විසඳුම් ඉක්මනින් ලබාගැනීම සිදුකරන්න
⁃ දුම්පානය නොකිරීම
⁃ මත්පැන්, caffeine අඩංගු පානයන් හැකිතාක් සීමා කිරීම
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ ජීවිතයට පැහැදිලි අරමුණු ඇතිකර ගැනීම
⁃ එදිනෙදා වැඩකටයුතු හොඳ සැළසුමක් අනුව සිදුකිරීම
⁃ ධනාත්මක ලෙස ජීවිතය ගැන සිතීම
⁃ විනෝදාංශ කටයුතු වල නිරත වීම
⁃ ව්‍යායාම වල නිරත වීම
⁃ තමන්ට කැමැත්තෙන් කරන්න පුලුවන් වැඩකටයුතු වල නිරත වීම
⁃ පෝෂ්‍යදායි ආහාර නිසි ලෙස ලබාගැනීම

ඉතින් ඒ වගේ දේවල් morning anxiety තත්ත්වය පාලනය කරගැනීමට ඔබට සිදුකරන්න පුලුවන්.
නමුත් තමන්ට තනිවම morning anxiety තත්ත්වය කළමනාකරණය කරගැනීමට නොහැකි නම්, හොඳම විසඳුම තමයි මනෝ උපදේශන සහය ලබැගැනීමට යොමුවීම.

Avishka Sathsara Piyumal

@best_m_otivation
#questions
#psychology