Get Mystery Box with random crypto!

මේ ලිපිය අතිශයින්ම චොක්ලට් ෆෑන්ලා වෙතටයි..... ඒ.... ඇත්තම ක | MOTIVATION FOREVER

මේ ලිපිය අතිශයින්ම චොක්ලට් ෆෑන්ලා වෙතටයි.....

ඒ.... ඇත්තම කියනවා හරිද... ඔයත් අලිම අලි චොකෝ පෙරේතයෙක් නේහ්...

අද වෙද්දි චොක්ලට් කියන්නේ ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම ආසාවෙන් කන කෑමක්....

මුළු ලෝකෙම මිනිස්සුන්ගෙන් සියයට අසූවක් විතර දිනපතා චොක්ලට් ආහාරයට ගන්නවා කියලයි වාර්තා වෙන්නේ.....

චොක්ලට් ලෝකෙට හදුන්වා දීමේ ගෞරවය හිමිවෙන්නෙ 1519 දී ඇමරිකාව තරණය කල ස්පාඤ්ඤ ජාතික ෆර්නැන්ඩෝ කෝටේස් ට.....

එක වෙන්නේ මෙහෙමයි.....

ඒ කාලයේ මෙක්සිකෝවේ පාලකයා වුනු දෙවැනි මොන්ටිෂුමා රජතුමා චොක්ලට් බීමක් හදන විදිහ රජ මාළිගය තුළ දී ඔහුට ප්‍රදර්ශනය කරයින් පස්සේ තමයි ඒක ස්පාඤ්ඤ විතරක් නෙවෙයි මුළු යුරෝපය දක්වා ම ඉතාම වේගයෙන් ව්‍යාප්ත වෙලා ගියේ.....

මුලදිම යුරෝපයේ එතරම් ජනප්‍රිය නොවුනත් මේකට සීනි එකතු කළාම ඉතා ප්‍රණීත වෙන බව හොයා ගත්තායින් පස්සෙ මුළු යුරෝපයම මේ චොක්ලට් පානය පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.....

ඒත් චොක්ලට් ආහාරයක් වශයෙන් භාවිතය ආරම්භ වුණේ 1840 දී.....

දෙවැනි මොන්ටිෂුමා රජතුමාත් ඔයාලා වගේම චොකෝ ෆෑන් කෙනෙක්....

ඇත්තම කියනවනම් එයා ජීවිත කාලය පුරාම දිනපතාම දවසකට චොක්ලට් වීදුරු 50 ක් බැගින් පානය කලා කියලයි සඳහන් වෙලා තියෙන්නෙ.....

මෙක්සිකෝ ජනතාව ඒ කාලයේ ඒ පානය හැඳින්නුවෙ චොක්ලට්ල් කියලලු......

ඒ වගේම නැපොලියන් බොනපාට් කියන්නෙත් අතිශයයින්ම චොකෝ ෆෑන් කෙනෙක් බවයි ඉතිහාසයෙන් වාර්තාවෙන්නේ.....

හරියටම කියනවනම් යුද්ධයකදි ඔහු අතේ කිසියම් ආයුධයක් නොතියෙන්න පුළුවන් වුනත් චොක්ලට් පෙත්තක් නම් නොතියෙන්නෙ කිසිම ඉඩක් තිබුණෙ නැහැලු.....

ඒ වගේම දන්නවද.....

විද්‍යාඥයින් විසින් කරපු පරීක්ෂණයකදි හොයාගෙන තියෙනවලු මිනිස්සු ආදරයෙන් ඉද්දි......
එහෙමත් නැත්නම් ආදරය කරද්දි......
මොළයෙන් නිපදවෙන රසායනික ද්‍රව්‍ය වලට සමාන සංයෝග ඉතා සුළු වශයෙන් චොක්ලට් වල අඩංගු බව....



ඉතිං චොක්ලට් ගැන මේ තොරතුරු මීට කලින් ඔයාත් දැනගෙන හිටියද??

by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌

@best_m_otivation
#socialknowledge
#Nїruu