Get Mystery Box with random crypto!

උදෑසන හිස්බඩ ගතයුතු ආහාර ගැන දැනගනිමු. උදෑසන ආහාරය, දවසේ වැද | MOTIVATION FOREVER

උදෑසන හිස්බඩ ගතයුතු ආහාර ගැන දැනගනිමු.

උදෑසන ආහාරය, දවසේ වැදගත්ම ආහාර වේල බව අපි සියලු දෙනාම දනිමු. නමුත් අවදි වූ වහාම පූර්ණ ආහාර වේලක් ගැනීම හොඳ අදහසක් නොවන බව ඔබ දන්නවාද? අවදි වූ විගස පූර්ණ උදෑසන ආහාර වේලක් ගෙන වැඩ කටයුතු වල නිරත වීමෙන් ඔබට ඉතා ඉක්මනින් වෙහෙස හා මහන්සිය දැනේ.

ඔබ උදෑසන අවදිවන්නේ සුවදායි නින්දකින් පසුවයි. නැතහොත් දීර්ඝ විවේකයක් ලබා ගෙනයි. එම නිසා ඔබේ අභ්‍යන්තර අවයව වලට අවදි වී ඒවායේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට යම් කාලයක් අවශ්‍ය වේ. එබැවින් ඔබ උදෑසන ආහාර වේල ගැනීමට පැය දෙකකට පමණ පෙර ඔබේ පරිවෘත්තිය ක්‍රියාවලිය ඉහළ නංවා ගැනීම සඳහා සුළු ආහාර වේලක් සමග දවස ආරම්භ කිරීම ඉතාමත් උචිතයි. එම සුළු ආහාර වේල සඳහා, එනම් හිස්බඩ ගැනීමට සුදුසු ආහාර මෙන්ම නුසුදුසු ආහාර බොහොමයක් ඇත. අපි මුලින්ම හිස්බඩ ආහාරයට ගැනීමට සුදුසු ආහාර පිළිබඳ සලකා බලමු.

ජලය සහ මීපැණි

උදෑසන හිස්බඩ ජලය සමග මීපැණි ආහාරයට ගැනීම ශරීරයට ඉතාමත් හිතකර වේ. මීපැණි වල ඛනිජ ලවණ, විටමින්, ෆ්ලෙවනොයිඩ්(Flavonoids) සහ එන්සයිම අඩංගු වන අතර එමගින් බඩවැල් පිරිසිදුව හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම සිදු කරයි. හිස් බඩ ජලය සමග මී පැණි ආහාරයට ගැනීමෙන් ශරීරයේ පවතින විෂ ඉවත් කිරීමට සහ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නැංවීමට හේතු වේ. එමෙන්ම ඔබේ දෛනික කටයුතු කරගෙන යාමට අවශ්‍ය සුළු ශක්තියක් ඔබේ ශරීරයට ලැබෙනු ඇත.

පැපොල්

හිස් බඩ පැපොල් ආහාරයට ගැනීම ඔබේ ශරීරයේ විෂ නැසීමට සහ බඩවැල්වල චලනයන් සුමට කිරීමට හොඳ ක්‍රමයකි. එපමණක් නොව එය අවුරුද්ද පුරා පහසුවෙන් ලබා ගත හැකි ආහාරයකි. පැපොල් සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් (bad cholesterol) අඩු කරන අතර හෘද රෝග වළක්වන බව ද ප්‍රකට කරුණකි. එසේම ඔබ පැපොල් ආහාරයට ගැනීමෙන් පසු උදෑසන ආහාරය ගැනීමට පෙර විනාඩි 45ක් වත් සිටිය යුතුයි.

ආමන්ඩ්(Almond)

ආමන්ඩ් යනු මැංගනීස්, විටමින් E, ප්‍රෝටීන්, කෙඳි(fiber), ඔමේගා-3 සහ ඔමේගා-6 මේද අම්ල බහුල ප්‍රභවයකි. කෙසේ වෙතත්, ඔබ ආමන්ඩ් වැරදි ලෙස අනුභව කළහොත් එහි ප්‍රතිලාභ ඔබට අහිමි වනු ඇත. සෑම විටම ඒවා රාත්‍රියේ පොඟවා පසුව උදෑසන ආහාරයට ගැනීම ඉතා සුදුසුයි. ආමන්ඩ් පොත්තේ ටැනින් අඩංගු වන අතර එමගින් පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වීම වළක්වයි. ඔබ ඒවා පොඟවා ගත් විට පොත්ත පහසුවෙන් ගැලවී යයි. ආමන්ඩ් ආහාරයට ගැනීම මගින් දවස පුරා ඔබට තෘප්තිමත් බවක් ලබාදේ.

මුද්දරප්පලම්(Raisins)

වියළි පලතුරු වල පොටෑසියම්, කැල්සියම් සහ යකඩ ඉහළ සාන්ද්‍රණයක් ඇත. ආමන්ඩ් මෙන් මුද්දරප්පලම් එක රැයකින් වතුරේ පොඟවා ගැනීමෙන් එහි පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි කරයි. ඒවා ස්වාභාවික සීනි වලින් පිරී ඇති හෙයින් උදෑසන ඔබේ ශක්තිය වැඩි කරන අතර දවසේ ඉතිරි කාලය සඳහා ඔබව සූදානම් කරයි. එසේම රුධිරයේ සීනි මට්ටම නියාමනය කරයි. ඔබේ සිරුරට අහිතකර බලපෑමක් ඇති කරන අම්ල උදාසීන කිරීමට ද මුද්දරප්පලම් වලට හැකිය.

කොමඩු

කොමඩු 90% ක් ජලයෙන් පිරී ඇති අතර එමගින් ආමාශය මෘදු කරයි. කොමඩු සමග දවස ආරම්භ කිරීමෙන් ඔබේ ශරීරයේ තෙතමනය පවත්වා ගෙන යන අතර අවම කැලරි ප්‍රමාණයකින් සීනි අවශ්‍යතාව තෘප්තිමත් කළ හැකිය. (කොමඩු කෝප්පයක කැලරි 40 ක් ඇත.) කොමඩු වල හෘද හා අක්ෂි සෞඛ්‍යය ඉහළ නංවන ලයිකොෆීන් ඉහළ මට්ටමකින් පවතී.

චියා බීජ(Chia seeds)

මෙම බීජ ප්‍රෝටීන්, තන්තු, කැල්සියම්, ප්‍රතිඔක්සිකාරක සහ ඔමේගා-3 වලින් පිරී ඇත. ඒවා කෑමට ගත හැකි හොඳම ක්‍රමය නම් ඒවා එක රැයක් පොඟවා උදෑසන ආහාරයට ගැනීමයි. චියා බීජ වලට ඔබේ ආමාශය තුළ ප්‍රසාරණය වීමේ හැකියාවක් ඇති අතර එමගින් ඔබට දිගු වේලාවක් ආමාශය තෘප්තිමත් ලෙස තබා ගත හැකිය. මෙය බර අඩු කර ගැනීමට උපකාරී වේ. මෙම බීජ පොඟවා ගැනීම, ඒවාට ආහාර ජීර්ණ පද්ධතිය තුළ වේගයෙන් ගමන් කිරීමට උපකාරී වේ.

පෙර සඳහන් කළ ලෙස හිස්බඩ ගැනීමට නුසුදුසු ආහාර වර්ගත් බොහොමයක් ඇත.

අපි දැන් එයින් කිහිපයක් ගැන සලකා බලමු.

තක්කාලි

තක්කාලි වල පෝෂ්‍ය පදාර්ථ හා විටමින් C ඉහළ ප්‍රමාණයක් අඩංගු වේ. නමුත් ටැනික් අම්ලයේ ඉහළ ප්‍රමාණයක් අඩංගු වන නිසා එමගින් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වන අතර ආමාශයේ වණ ඇති විය හැක. එබැවින් ඔබ හිස්බඩ තක්කාලි කෑමට ගැනීම පිළිබඳ නැවත වරක් සිතා බලන්න.

තේ සහ කෝපි

හිස් බඩ තේ හෝ කෝපි පානය කිරීම ආම්ලිකතාවය වැඩි කරයි. එමගින් පපුවේ දැවිල්ල ඇති කරයි (heartburn). එමෙන්ම ජීරණ ක්‍රියාවලිය සඳහා බලපෑම් ඇතිකරයි. සමස්ත ආහාර ජීරණය සඳහා අවශ්‍ය වන ආමාශයික අම්ලය හා පිත ස්‍රාවය, හිස්බඩ තේ සහ කෝපි බීම මගින් අඩාල කරයි.

@best_m_otivation
#questions
#socialknowledge