🔥 Burn Fat Fast. Discover How! 💪

2021/10/20 ඔයා පාඩම් කරන්න පටන් ගන්නේ කොහොමද -අයියෝ මල වද | MOTIVATION FOREVER

2021/10/20

ඔයා පාඩම් කරන්න පටන් ගන්නේ කොහොමද

-අයියෝ මල වදයක්

-කවදා මේක ඉවරවෙයි ද

කියලා හිතලානේද

එහෙම හිතුවොත් කොහොමත් පාඩම් කරන එක පට්ට stress එකක්

"එහේ බැලුවත් විභාගේ මෙහේ බැලුවත් විභාගේ විභාගේ තමයි අපේ අභාගේ "

කියලා හිතුවොත් ඉතින් ඉවරටම ඉවරයි ඉතින් හොදද

එහෙම නෙමෙයි මුලින්ම පාඩම් මේසය පිලිවෙලකට අස් කරගන්න.

ඊළගට හොදට wash එකක් එහෙම දාලා refresh වෙලා වැඩේ පටන්ගන්න.

පාඩම් මේසේ ඉස්සරහා වාඩි වෙලා මොහොතක් ඇස් පියා ගෙන මතක් කරගන්න

ඔයා O/L,A/L class එකට ඉස්ස ඉස්සෙල්ලා ගිය දවසේ කොයි තරම් නම් බලාපොරොත්තු තිබ්බාද එදා

ඉතින් ඒ හීන මැකිලා යන්න දෙනවද ඔයා

හිතාගන්න ඔයා ඔයාගේ exam results බලන විදිහ

කොහොමද එදාට හොද result එකක් දාලා තියෙන කොට හිතට එන ගැම්ම

අම්මාගේ තාත්තාගේ හිනාව

ඔයාට පුළුවන් අර අහිංසක අම්මාටයි තාත්තාටයි ඒ කවුරු නැතත් ඔයාටම ඔයාගේ ඒ හිනාව ඒ සතුට ගෙනල්ලා දෙන්න පුළුවන්

හිතට පට්ට ශක්තියක් ආවා නේද

මං දන්නවෙ ඔයාට ඒක කරන්න පුළුවන්...ඔයා දක්ෂයි

මේ ලොකේ කරන්න බෑ කියලා දෙයක් නෑ

හැම ඒකටම මුල ඔයාගේ මනස

ඔයාගේ මනසම තමයි ඔයාව අදක්ෂයෙක් කරන්නෙත් අති දක්ෂයෙක් කරන්නෙත්

ඔයා ඔයාව විශ්වාස කරන්න මුලින්ම ඔයාට පුළුවන් කියලා

මොන දේ කොහොම වුණත් ඔයා ඒ හීනය සැබෑ කරගන්නවා කියලා

ඔයා ඔයාව විශ්වාස කරන්නේ නැත්නම් මේ ලෝකේ කවුරුත් ඔයාව විශ්වාස කරන්නේ නෑ

හිතන්න

ඔයා මේ වැඩ කරන්නේ ඔයාව ඔයාගේ හීනය වෙනුවෙන් එක් කරගෙන යන්න කියලා

කරදරයක් නෙමෙයි කරන වැඩේ ඔයාටම ආවේණික විදිහට style එකක් හදාගෙන පට්ට ආතල් එකේ කරන්න

පුංචි පුංචි target ඔයාටම දෙන්න

අද මම මේ area එක cover කලොත් මේ දේ කරනවා කියලා

ඔයා ඒ දේ කලොත් ඔයා ඔයාවම අගය කරන්න

ඔයා ඔයාගේ හොදම යාළුවා වෙන්න

එක පාර වැඩ ගොඩක් නෙමෙයි හරියට plan එකක් හදා ගෙන ඒ මොහොතේ කරන වැඩේ හරියට full focus එක දීලා කරන්න

කාටවත් complain කර කර ඉන්න එක නවත්වන්න

ඔයා ඔයාගේ ජිවිතේ වගකීම සම්පුර්ණයෙන් අරගන්න

කවුරුත් එන්නේ නෑ අපේ හින සැබෑ කරලා දෙන්න

ඒකට වැඩ කරන්න ඕන ඔයා විතරමයි

මේ දවස් ටිකේ විතරනේ මහන්සි වෙන්න තියෙන්නේ ඊට පස්සේ ඔයාට ලොකු නිවාඩුවක් ලැබෙනවානේ

එන්න හොද හුස්මක් අරගෙන අපි සුපිරියටම exam එක ගොඩ දාගමු...ඔයාට පුළුවන්



සසා ⃟⃟◍̸̣❀

@best_m_otivation
#questions
#motivation
#සසා ⃟⃟◍̸̣❀