🔥 Burn Fat Fast. Discover How! 💪

උදේ ඇඳෙන් පැනීමට ඔබට අවශ්‍ය කරන ඉලක්කයක් තබන්න තව විනාඩි කි | MOTIVATION FOREVER

උදේ ඇඳෙන් පැනීමට ඔබට අවශ්‍ය කරන ඉලක්කයක් තබන්න

තව විනාඩි කිහිපයක් නිදාගැනීමට තමන්ට සාදාරණ හේතු හදාගන්න එකෙන් හරි

අම්ම ඇහැරවද්දි "අනේ තව ටිකක් නිදාගන්න දෙන්නකො" කියල කියන එකෙන් හරි

වක්‍රාකාරව කියන්නෙ
"මට තව ටිකක් කාලකන්නි වෙන්න දෙන්නකො" කියලයි.
මන්ද, කාලය සීමිතයි

අරමුණු කියන්නෙ අපිට නිදාගන්න දෙන්නෙ නැති දේවල්වලට.

ඉතින්,
බොරුවට ඇද රත් කරන්නෙනැතුව ඵලදායී විදිහට පුටු රත් කරමු

මේ ටිකෙ කට්ට කෑව කියල මැරෙන්නෙ නෑ දෙයියනෙ

කෝ උබල පොඩි කාලෙ මවපු හීන

මං ඩොක්ට කෙනෙක් වෙනව, වෙලා ගමේ හැමෝටම බේත් දෙනව. මං ඉංජිනේරුවරයෙක් වෙනව, වෙලා රටට සේවයක් කරනව, වගෙ එක එක දේවල් කියන්නැති.
අම්මත් හිතන්නැති මගෙ එකාව කොහොමහරි ඒවගෙ එකෙක් කරනව කියල. ඔව් බං, මේ දැන් වෙනකනුත් අම්ම හිතන්නෙ එහෙම.

ඒත්, සමහරවිට අම්ම නොදන්නව ඇති උබ ගෲප් ගානෙ ගිහින් වැඩ කරන්න තියෙන කම්මැලිකමට සාදාරණ හේතු හොයනව කියල

වැඩක් කරන්න තියෙන හොඳම විදිහක් තමා ඒක පටන් ගන්න එක. ගොඩ ඉදන් පීනන හැටි කියල දෙන්න බෑ. ඒකට වතුරට බහින්නම වෙනව

මතක් කරල බලන්න, රිසාල්ට් ශීට් එකෙ A,B අකුරු ටිකක් පෝලිමට පහලට තියෙද්දි

අම්ම සතුටින් කෑගගහ අඩන හැටි. තාත්තත් ඇඩුවෙ නැති උනාට උබ ගැන ගෞරවයක්, විශ්වාසයක් ඇති වෙනව බං.
?

එක්සෑම් ඉවර වෙලා ඔයාගෙ යාලුවො හොඳට පේපරේ ලියල සතුටින් හිනා වෙලා යනවනන්,

උබත් ඒ ගොඩටම එකතු වෙයන්.

මේ අවසාන පාර


පොසී

( Copied )

@best_m_otivation
#questions
#motivation