🔥 Burn Fat Fast. Discover How! 💪

දැනන් හිටියද? ක්‍රි.ව 1709 - 1767 කාලයේ රුසියාවේ අධිරාජණ | MOTIVATION FOREVER

දැනන් හිටියද?

ක්‍රි.ව 1709 - 1767 කාලයේ රුසියාවේ අධිරාජණිය වූ එලිසබෙත් පෙට්‍රෙව්නා රැජින අධික ලෙස රෝස පැහැයට ආශාවක් දැක් වූවා ය. ඒ නිසා ඇයගේ කාලයේ රැජින හැර අනෙකුත් කතුන්ට රෝස පැහැය ඇඳීම තහනම් කරන ලදී. ඒ රෝස නීතිය ලෙස හැඳින්වුණි.

ඔබ යමකට හාදු 389 ලබා දීමෙන් ඔබේ බර රාත්තල් 1 කින් අඩුකර ගත හැකිය. මන්ද එක් හාදුවක් දීමට කැලරි නමයක් වැය වන බැවිනි.

මුහුදු මට්ටමේ සිට අඩි 12 000 උසින් පිහිටි ලොව උසින්ම පිහිටි විල බොලිවියාවේ ටිටිකානාය.

උසින්ම පිහිටි අගනුවර බොලිවියාවේ ලාපේස් නුවරය.
එය මුහුදු මට්ටමේ සිට අඩි 22 200 උසය.

මිනිස් අතක අස්ථි 27 පවති.

අපේ හදවත වසරකට රුධිර ගැලුම් පහළොවක් පොම්ප කිරීමට තරම් ශක්තිමත්ය.

නවසීලන්තයේ කන්දකට දී ඇති නම TAUMATAWHAKA-TANGIHANGA KOAUAU-ATAMATEAPOKI-WHENUAK ITANATAUI වේ. අකුරු පනස් හතක් ඇති එය ලොව දිගම නම ලෙස හැඳින්වේ. 1959 දී හතර වන පේළියේ මුලින්ම ඇති අකුර A ලෙස වෙනස් කරන ලදී.

by:

⃟ ➤⃟‌⃝⃘‌ Nїr∪∪ ⃟ ➤⃟‌⃝⃘‌