🔥 Burn Fat Fast. Discover How! 💪

පැන්ඩෝරා පුරාණ ග්‍රීක මතය අනුව පලමුව මෙලොවට පිරිමින් පැමිණ | MOTIVATION FOREVER

පැන්ඩෝරා

පුරාණ ග්‍රීක මතය අනුව පලමුව මෙලොවට පිරිමින් පැමිණෙන විට කාන්තාවන් සිටියේ නැත. එකල යෝධ මිනිස් කොට්ඨාසයක් වන ටයිටන්වරු සිටියේ ය. මොවුන් නිරන්තරයෙන් දෙවියන් හා යුධ වැදුණේ ය. මෙම ටයිටන්වරු අතරේ ප්‍රොමෙතියස් නම් පුද්ගලයෙක් සිටියේ ය.

දිනක් ප්‍රොමෙතියස් දෙවියන්ගෙන් ගින්දර සොරාගෙන මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙලිවට ගෙනාවේ ය. දෙවියන්ගේ රජ වූ සියුස් මේ නිසා ඉතා කෝපයට පත්වූ අතර ගිනි දෙවියන් වූ Hephaestus හට කාන්තාවක් නිර්මාණය කරන ලෙස අණ දුන්නේ ය. මෙම කාන්තාව පැන්ඩෝරා නම් විය. සියුස් ඇයට යම් පෙට්ටියක් දී පොලොවට යැව්වේ ය. එම පෙට්ටිය අඟුලු දමා තිබූ අතර සියුස් එහි යතුර පැන්ඩෝරාට දුන්නේ ය. 

මෙම පෙට්ටිය රැගෙන යා යුතු බවත් එය කවදාවත් විවෘත නොකළ යුතු බවත් විවාහ වූ පසු පෙට්ටියේ යතුර ස්වාමිපුර්ෂයාට ලබාදිය යුතු බවත් සියුස් පැන්ඩෝරාට පැවසී ය.

පැන්ඩෝරා මෙම පෙට්ටිය පොලොවට රැගෙන ගියේ ය. ඇයට එහිදී එපිමෙතියස් නම් තරුණ පුද්ගලයෙකු හමුවූ අතර ඔවුන් ඉක්මනින් විවාහ විය. සියුස්ගේ අණ පරිදි ඇය පෙට්ටිය හා යතුර එපිමෙතියස්ට දුන් අතර ඔහු එය නිවසේ කොනක තැබුවේ ය.

මාස ගණනක් යනතුරු පැන්ඩෝරා මෙම පෙට්ටිය ගැන සිතුවේ නැත. ඇය එපිමෙතියස් සමඟ ඉතා සතුටින් කාලය ගත කලේ ය. විටෙක පැන්ඩෝරා නිවසේ තනියම සිටින විට දුකින් හා තනිකමකින් කාලය ගත කලේ ය. දිනක් ඇයට සියුස්ගේ පෙට්ටිය ගැන මතක් වී එය තිබෙන ස්ථානයට ගියේ ය. ඇය එය දෙස ඉතා ඕනෑකමකින් බලමින් එය තුල කුමක් ඇත්දැයි සිතුවාය. ඇය එය දෙස බලාගෙන සිටින විට එය තුලින් යම් යම් ශබ්ද ඇයට ඇසිණි.

පැන්ඩෝරාට තවත් සිටිය නොහැකි විය. ඇය ඉක්මනින් යතුර ගෙන පෙට්ටිය ඇරියේ ය. එසැනින්ම කුඩා කුඩා කෘමි සතුන් එයින් එළියට ගියේ ය.

ඔවුන් පැන්ඩෝරාගේ මුහුණ හා අත් සපා විශාල ශබ්දයක් නගමින් එළියට ගියේ ය. ඔවුන් පියඹා ගිය විට දිනය අඳුරු විය.

ඇයට කෘමීන් විසින් සිදු කරන ලද තුවාල රිදුම් දුන් අතර සිතට විවිධාකාර වූ හැගීම් ඒමට පටන් ගත්තේ ය ඇය කෝප වූ අතර එපිමෙතියස් පිළිබද ඊර්ෂ්‍යාවක් හට ගත්තේ ය.

ඇය ඉක්මනින් පියන වසා ඇයට කුමක් සිදුවූයේ දැයි සිතුවා ය.
ඉන්පසු ඇයට නැවත පෙට්ටිය තුළින් ශබ්දයක් ඇසුණාය.

මුලින් පැන්ඩෝරා එයට අකමැති විය. නමුත් දිගින් දිගටම එම ශබ්දය ඇසෙන්නට වූයෙන් ඇය පෙට්ටිය නැවත විවෘත කලාය.

එවිට එයින් කුඩා සුරංගනාවියක් එළියට ආවාය. ඇය අඳුරු කාමරයක තිබෙන දීප්තිමත් ලාම්පුවක් වැනිය.
තමා බලාපිරොත්තුව බව සුරංගනාවිය පැවසූවාය.

පැන්ඩෝරා පෙට්ටිය විවෘත කිරීමෙන් ලෝකයේ ඇති සියලු කරදර මුදාහැර ඇත. සියුස් සියලු කරදර එම පෙට්ටියේ දමා අඟුලු දා තිබුණේ ය. පැන්ඩෝරා විසින් රෝග, වෛරය, යුද්ධ, නියඟ, ඊර්ෂ්‍යාව වැනි සියලුම ආකාරයේ කරදර මුදා හැරියා ය.

මෙම විසිරීගිය කරදර නැවත රැස්කර පෙට්ටියේ දමන්නේ කෙසේදැ යි පැන්ඩෝරා සුරංගනාවියගෙන් ඇසුවා ය. ඒවා නැවත අල්ලාගත නොහැකි බවත්, මේ වන විට ඒවා ලෝකය පුරා ව්‍යාප්තව ඇති බවත් පැවසුවා ය.

සියුස් විසින් බලාපොරොත්තුව නම් සුරංගනාවියව මෙම පෙට්ටියට දමා ඇත්තේ කරදර තිබෙන තැන බලාපොරොත්තුවක් ඇති කිරීමටය.

(තොරතුරු අන්තර්ජාලයෙනි)

@best_m_otivation
#lifetips
#motivation
#questions