Get Mystery Box with random crypto!

දවසේ පැනය : 8 Date| 19 th of September 2021 කාබනික රසායනය වි | Chemistry~Daily~MCQ~🎓💫

දවසේ පැනය : 8
Date| 19 th of September 2021
කාබනික රසායනය
විවරණය


NaNO₂/HCl සමඟ 0-5 °C දී ඇරිල් ඇමීන ඩයසෝනියම් අයන සාදයි.

නමුත් ඇල්කයිල් ඩයඩෝනියම් අයන එම උෂ්ණත්වයේදී පව අස්ථායි බැවින්, ඩයොසොනියම් අයන නොසෑදේ. ඒවෙනුවට සෑදෙන්නේ -OH කාණ්ඩයක් සහිත මධ්‍යසාරයකි.

මේ අනුව X ද්‍රාවණෞ වන්නේ,

ClN₂-⌬-CH₂OH

දැන් මේ ගැටලුවේ කියනවා X වන රත් කරා කියලා , මේ රත් කිරීම නිසා සංයෝගයේ උෂ්ණත්වය 0-5 °C ට වඩා වැඩි වෙනවා.

මේ ඉහල උෂ්ණත්වයේ ඇරිල් ඩයසෝනියම් ස්ථායි නෑ. ඒ නිසා එය OH කාණ්ඩයක් ලෙස වියෝජනය වී නව සංයෝගයක් ලබාදෙනවා.

OH-⌬-CH₂OH

ඉහත දක්වා ඇත්තේ මෙම Y සංයෝගය.

දැන් ඉහත සංයෝගය හා X සංයෝගය 0-5°C උෂ්ණත්වයේ ප්‍රතික්‍රියා කරන්වා.

අප දන්නවා ඩයෝසෝනියම් ලවණ, ෆීනෝල සමඟ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනව. නමුත් ඒ සඳහා ෆීනෝලයේ මෙටා පැරා ස්ථානය හිස් විය යුතුය.

නමුත් ඉහත අප දෙවනියට සාදාගත් ෆීනෝලයෙ පැරා ස්ථානයේ -CH₂OH කාණ්ඩය ඇත. මේ නිස කිසිදු ප්‍රතික්‍රියාවක් සිදු නොවේ.

නමුත් මිශ්‍ර කරන නිසා ,

ClN₂-⌬-CH₂OH හා OH-⌬-CH₂OH

ඉහත සංයෝග දෙක මාධ්‍යයේ ඇත

පිලිතුර 3

සරල ගැටලුවක් නමුත් ගැටලුව විසදන්න සිද්ධාන්ත දැනුම වගේම ප්‍රශ්න විසදීම සම්බන්ධ පුහුණුව අත්‍යවශ්‍ය වේ.