Get Mystery Box with random crypto!

නවසීලන්ත ක්‍රිකට් ආයතනය පුදුමයට පත් කළ ග්‍රෑන්ඩ්හෝම් ජගත් ක්‍ර | NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

නවසීලන්ත ක්‍රිකට් ආයතනය පුදුමයට පත් කළ ග්‍රෑන්ඩ්හෝම් ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබෙනවා.

ආබාධවලට මුහුණ දීම හා ජාතික කණ්ඩායමේ තරග රටා ත්‍රිත්වය වෙනුවෙන්ම තරගකාරීත්වය ඉහළ යාම කරුණු හේතුවෙන් තමා මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කළේ.

පසුගියදා ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට අදාළව පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී (Draft) 36 හැවිරිදි ඔහුව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම විසින් තෝරා ගැණුනු අතර, ඒ සම්බන්ධයෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය මවිතයට පත්ව තිබුණා.

ඒ, බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔහු නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් අවසර ලබා ගැනීමක් සිදු කර නොතිබූ බැවින්.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ඉදිරිපත් කෙරෙන විදෙස් ක්‍රීඩකයින් 332 දෙනෙකුගේ නම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර නිවේදනය කර තිබූ නමුත්, එම නම් අතරට කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ගේ නම ඇතුළත්ව නොතිබූ පසුබිමකයි අවසන් මොහොතේ දී ඔහුව කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කර තිබුණේ.

2012 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් නවසීලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 115 ක් ක්‍රීඩා කළ අතර, 2021 වසරේ පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයේ දී ඉන්දියාව පරාජයට පත් කළ නවසීලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත්, 2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙසත් කටයුතු කළා.

https://www.hitwicket.lk/news/%e0%b6%b1%e0%b7%80%e0%b7%83%e0%b7%93%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%9a%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%86%e0%b6%ba%e0%b6%ad%e0%b6%b1%e0%b6%ba/