Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo of telegram channel echem23mr — 2023 Revision | echem
Channel address: @echem23mr
Categories: Education
Language: English
Subscribers: 47.99K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 49

2023-09-02 06:07:20
පහට තුනයි | පොළොවේ පය නොගහපු පන්තිය

COVID පළවෙනි රැල්ලෙන් පස්සේ 2020 පන්තිය අන්තිම මාසයක් වගේ භෞතිකව කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට එනවා 2021. Online ම විතරක් තිබුණ පන්තිය. 21 batch එක පටන් අරන් ඉවරවෙනකන්ම භෞතිකව කිසිම පන්තියක් කරන්න බැරි වෙන ගානටම COVID තිබුණා.

පන්තිය පටන්ගන්න දවසේ ළමයි 90ට ටිකක් වැඩි ගානක් live එකේ හිටියා. ඒ වෙනකොට Zoom එක තිබුණේ limit එක 100 package එකක්. යන්තම් එදාට ඒක ඇති වුණා. ඊට පස්සේ 500 limit එක තියෙන එකක් ගත්තා. Website එකක් විදිහට තිබුණේ youtube එකෙන් බලාගෙන අපිම හදපු site එකක්.

2021 භෞතික පන්ති මොකුත් නැති නිසා සෑහෙන වෙලාව තිබුණ කාලයක්. ඒක නිසාම පන්තියේ අමුතු වැඩ ගොඩක් ක්‍රියාත්මක වුණා. හැම ළමයෙක්වම පොඩි පොඩි groups වලට කඩලා ඒ groups වලට මාසෙකට සැරයක් zoom meeting එකක් තියලා ඒ මාසේ කරපු පාඩම් වලින් මම ම ප්‍රශ්න අහන වැඩක් එහෙමත් තිබුණා. ඒකට එන එක අනිවාර්‍යයි ළමයින්ට.

2021 මතකම සිද්ධියක් තමයි electro chemistry seminar එක. මුලින්ම ළමයි 500කට වැඩි zoom live එකක් කරේ ඒකෙදි. ඒ වෙනකොට 2021 පන්තිය පටන් අරන් මාස 5ක් වගේ ගිහින්.

ඔය පන්තිය අන්තිම වෙනකොට 1500කට කිට්ටු කරන ගානකට ආවා. Online විදිහටම ගහපු batch photo එකකුත් මේ post එකේ තියෙනවා.

පහට දෙකෙන් ආයේ හම්බෙමු...

අමිල දසනායක
15.1K viewsAmila Dasanayake, 03:07
Open / Comment
2023-09-02 05:37:41
සැප්තැම්බර් මාසයේ පන්තිය සඳහා පන්ති ගාස්‍තු ගෙවීම (Online පන්ති වල සිසුන් සඳහා පමණි)

පන්ති ගාස්තු ගෙවීම අද උදෑසන 9 සිට බැංකු තැන්පතු හෝ Card payment ලෙස සිදුකළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
සැප්තැම්බර් 10 තෙක් පන්ති ගාස්තු ගෙවීමට අවස්ථාව ඇත.

වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://bit.ly/ECHEMLKguide

පන්ති ගාස්‍තු ගෙවීමට උපදෙස්
බැංකු ගිණුම් අංක
පන්ති ගාස්තු

ඉහත වෙබ් අඩවිය හරහා දැනගත හැක.

පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://telegra.ph/How-to-buy-classes-09-01

වැදගත් දැනුවත් කිරීම්...

එක් පන්තියකට හෝ භෞතිකව සම්බන්ධ වේ නම් නිබන්ධන භෞතික පන්තියේදී ලබා දෙනු ලබයි. එනම් නිබන්ධන නිවසට එවීමක් සිදු නොවේ.

Bank Deposit යන ආකාරයෙන් පන්තිය activate වීමට මුදල් ගෙවා පැය 24 ක් දක්වා ගතවිය හැක.

පන්ති පටන්ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් https://t.me/echemtec සම්බන්ධ කරගන්න.

Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.

Access ලැබී වැඩකරන දින 4-5 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත.

පසුගිය මස ගාස්තු ගෙවා තිබුන ද නිබන්ධන නොලැබී ඇත්නම් මෙම මස පන්ති ගාස්තු ගෙවීමෙන් පසු 077 073 8525 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.

විමසීම්:
අලුතින් පන්ති වලට සම්බන්ධ වීමට තොරතුරු:  076 033 1104

පන්ති ගාස්තු ගෙවීමෙන් අනතුරුව පන්තිය activate වීමට ප්‍රමාද වීම්:  071 22 44 010

නිබන්ධන ප්‍රමාද වීම්: 077 073 8525
14.0K viewsAmila Dasanayake, 02:37
Open / Comment
2023-09-01 10:07:30
Organic ආරම්භය

හෙට රොටරි සහ Online

රොටරි ළමයි භෞතිකව
Online ළමයි zoom live හරහා පන්තියට සම්බන්ධ වෙන්න.

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
15.7K viewsGroup Manager by echem, 07:07
Open / Comment
2023-09-01 05:19:44
පහට හතරයි | COVID 19

ළමයි 6කින් පටන්ගත්ත පළවෙනි batch එක ඉවර වෙනකොට ළමයි 95කට වගේ හැදිලා තිබුණා. ඔය 95 ඇතුලේ ගම්පහ දිස්ත්‍රික් 1 (ලංකාවේ 9) වුණ ළමයෙකුත් හිටියා. කොහොමහරි ඊළඟට ආවා 2020 revision batch එක. පටන්ගන්නකොට ළමයි 29යි. මාස කීපයක් යනකොට එනවා COVID. පන්තිය ළමයි 100ට කිට්ටු කරලා තිබුණේ. සේරම නවත්තන්න වුණා.

මාසයක් වගේ බැලුවා. හරියන පාටක් නෑ. ඒ පාර පටන්ගත්තා facebook group එකක් හදාගෙන live ඇවිත් උගන්නන්න. Youtube live කරන්න මොකද්දෝ මන්දා බයක් තිබුණා ඒ කාලේ. අඩුම තරමේ channel එකක්වත් හැදුවේ නෑ covid ඇවිත් අවුරුද්දක්වත් යනකන්.

ගෙදර තිබුණ පරණ board එකක් අටවගෙන ඒ කාලේ phone එක වුණ Huawei GR5 එකෙන් facebook live ඇවිත් ඉගැන්නුවා. ඒ දවස්වල data කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා පන්ති කරන්නේ night time අහු වෙන විදිහට එක්කෝ මහ රෑට, නැත්තම් පාන්දර. ඔය විදිහට නොමිලේ ඕන ළමයෙකුට බලන්න පුළුවන් විදිහට මාස 3ක් විතරම facebook එකෙන් පන්ති කරගෙන ගියා. ළමයි 200ක් 300ක් වගේ live එකක් බලනවා ඒ දවස් වල. Group එකේ link එක තියෙනවා පහළ.
https://www.facebook.com/groups/1368268083380306/

පස්සේ පුළුවන් අයට fees ගෙවන්න, බැරි අය free බලන්න කියලා zoom වලින් class කරගෙන ගියා. Youtube එකෙන් බලාගෙන website එකකුත් හදනවා ඔය කාලෙම.

මුලින්ම echemistry කියලා තමයි නම දාන්න ඕන වෙන්නේ. හැබැයි ඒ වෙනකොට ඒ නම ගන්න තිබුනේ නෑ. ඒ නිසා echem කියන නම ගත්තා. ඒකත් හොඳට ගියා. එහෙම තමයි ගොඩක් දේවල්. හිතන විදිහට වෙන්නේ නැති එකමයි හොඳ.

කොහොමහරි 2020ත් ඉවර වුණා. ලංකාවේ 2, 4 එක්ක දිස්ත්‍රික් පළවෙනියෝ 2ක්, දෙවනියෝ 3ක් සහ තුන් වෙනියෙක් එක්කම.

2020 විභාගෙට කලින් මාසයක් වගේ physical පන්ති කරන්න හම්බුණා. ඒ batch එක අවසානෙට කරපු පොඩි video එකකුත් තියෙනවා පහළින්.

https://fb.watch/mN0OY-dGSS/?mibextid=K1DZlZ

පහට තුනෙන් ආයේ හම්බෙමු...

අමිල දසනායක
16.4K viewsAmila Dasanayake, 02:19
Open / Comment
2023-08-31 19:41:07
2023 Echem Center Instructors සදහා නවක සිසුන් බදවා ගැනීම.

ඒ ඒ ප්‍රදේශ වලින් ප්‍රශ්න පත්‍ර බලන වැඩ වලට ළමයි බඳවාගැනීම සිදුවෙනවා.මේ සඳහා අපේ පන්ති ආපු යාළුවෝ, අයියලා, අක්කලා ඉන්නවා නම් ඒ අයට මේ form එක යවන්න.

මේ සම්බන්ධව විමසීම් තියෙනවා නම් මේ  අංකයට කතා කරන්න පුළුවන්
0712901483 (දුරකතන ඇමතුම් සදහා පමණි)

https://forms.gle/PyL1Zxa3h2gZuEje8
16.2K viewsGroup Manager by echem, 16:41
Open / Comment
2023-08-31 07:07:48
පහට පහයි

"දිවයිනේ ලාබාලතම රසායන විද්‍යා ගුරුවරයා"

අවුරුදු 5කට කලින්,
ඒ කියන්නේ 2018 අවුරුද්දේ අගෝස්තු අග. AL result ඇවිල්ලා ලංකාවේ 4 විදිහට pass වෙලා campus පටන්ගන්න එහෙම ළඟ කාලේ. පළවෙනි පන්තිය පටන්ගන්න ලෑස්ති වෙන දවස් වල. පළවෙනි පන්තියේ campaign එක විදිහට අපි ගැහුවා handbill 2ක්.

එකක කිසිම නමක් ගමක් නෑ, A4 කොළෙන් 4න් 1ක size කොළේක ගැහුවා, "කොළඹ chemistry හරි අතට ගන්න දිවයිනේ මුල් තැනක් ළඟදීම" වගේ එකක්. ‍පන්ති ගාව මමයි මගේ යාළුවෝ set එකකුයි ඒ කොළේ බෙදුවා. උන් වැඩිහරිය මොරටුව engineering. මේ කතා මෙහෙම කියන්නේ ඒ කාළේ මගේ handbill බෙදාගත්තේ මම මයි වගේ දුක්බර tone එකකින් එහෙම නෙවෙයි. ඇත්තටම හෙන ආඩම්බරයකින්. කොයි ගුරුවරයා වුණත් පටන්ගන්නේ එහෙම තමයි.

දෙවනි එක තමයි උඩ රූපේ ලාවට පේන්නේ. සැප්තැම්බර් 5 රොටරියට එන්න කියලා. ඒ කාලේ ගහපු ප්‍රධාන වාක්‍ය 2ක් තිබුණා. එකක් "හොඳම පාර හරියටම දන්නේ ඒ (A) පාරේ කෙළවරටම ගිය කෙනෙක්" අනික තමයි "දිවයිනේ ලාබාලතම රසායන විද්‍යා ගුරුවරයා". දෙවනි එක ගහපු එක නම් ටිකක් මෝඩ වැඩක්. පොඩිම කෙනා උගන්නනවා බලන්න වගේ ළමයි එන්නේ නෑනේ. අදටත් තේරෙන්නේ නෑ ඇයි එහෙම එකක් ගහන්න හිතුනේ කියලා. කොහොමහරි handbill දෙක බෙදලා, ඒ handbill එකම දාලා ලියුම් එහෙමත් යැව්වා කොහෙන්හරි හොයාගත්ත address list එකකට. Address අලවන, ලියුම් කවර අලවන සේරම කරේ මමයි, ධනංජය අයියයි තව යාළුවෝ කීපදෙනෙකුයි එකතු වෙලා.

ඔක්කොම කරලා සැප්තැම්බර් 5 උදේම රොටරියට ගියා. මගේ Alevel result එකත් එක්ක පළවෙනි ම දවසේ වුණත් ළමයි ගොඩක් ඉඳෙයි කියන එක තමයි බලාපොරොත්තුව වුණේ. Tute print කරගෙන ගියා 100ක්. ඇවිත් හිටියා 6ක්. එතනිනුත් එකක් යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්. ඉන්න ගාන ගැන ලොකුවට හිතන්නේ නැතුව පරමාණුක ව්‍යුහයෙන් පටන්ගත්තා 2019 revision එක.

වැඩේ පටන්ගන්නකොට කවුරුත් හිතන්න නැතුව නවතින තැන මොකක් වෙයි ද කියලා. අඩුම තරමේ මමවත් හිතුවේ නෑ. ඒ වෙලාවේ කළයුතු වැඩේ උපරිමෙන් කරා විතරයි. එහෙම වැඩ ගොඩක් එකතු වුණාම හරි නොයා තියෙන්න විදිහක් නෑ.

පහට හතරෙන් නැවත හමුවෙමු...


අමිල දසනායක
13.6K viewsAmila Dasanayake, 04:07
Open / Comment
2023-08-31 06:18:57
Past Papers Programme

මෙම සතියට අදාලව 2018 Paper එක කරන්න හැමෝම. දැනට පන්තියේ කරලා තියෙන පාඩම් වලින් කරන්න පුළුවන් ප්‍රශ්න මේ post එකේ තියෙනවා. ඒ හැර තමන්ට පුළුවන් තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කරන්න.

Time Target:
MCQ - 1 hour and 10 minutes
Essay - 2 hours and 30 minutes
14.7K viewsAmila Dasanayake, 03:18
Open / Comment
2023-08-30 17:56:49
Paper කරන Art එක part 1
Essay Paper එකේ time balance කරන්නේ කොහොමද?






Chemistry | අමිල දසනායක
13.7K viewsAmila Dasanayake, 14:56
Open / Comment
2023-08-30 07:12:06
Organic පුළුවන් වෙන්න ඉගෙනගමු

2023 Revision Organic ආරම්භය

විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්...

පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආකාරයට බිංදුවේ ඉඳන් පටන්අරන් ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට පාඩම ඉගැන්වීම සිදුවේ.

නුගේගොඩ
ගම්පහ
ගාල්ල
Online Live

අපගේ organic ඉගැන්වීමේ රටාව පිළිබඳව අදහසක් ලබාගැනීමට අවශ්‍ය නම් පසුගිය වතාවේ පන්තියට සහභාගී වූ සිසුන්ගෙන් විමසන්න.

Revision Telegram Channel:
https://t.me/echem23MR


Chemistry | අමිල දසනායක
15.1K viewsAmila Dasanayake, edited  04:12
Open / Comment
2023-08-29 14:51:28 Website එකේ accounts සාදාගැනීම පිළිබඳව
15.3K viewsAmila Dasanayake, 11:51
Open / Comment