Get Mystery Box with random crypto!

අග්නි වර්ෂා ඉඩෝරය හද ඉරිතලා මගෙ පාලුවෙන් මම තැවෙනවා කතර සම | 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®

අග්නි වර්ෂා

ඉඩෝරය හද ඉරිතලා මගෙ පාලුවෙන් මම තැවෙනවා
කතර සම වී පුලින රන් තල මිය යන්න පණ අදිනවා
තෙතමනය නැති මුහුණු අතරේ කාන්සිය හද රජයනා
නොසිතු මොහොතක සංක්‍රමණ හද සරණ වීලා දැනෙනවා

රෝස නා දලු තොල් පෙති මතට වැටී හිනැහෙන විලාස
සිහින් නෙතු අග නාරි හැඟුමන් යොමා කිම මේ බලාන
තෙපලන වදන් සුරඟනක් මෙන් මියුරු වෙයි තත්සර ලෙස
වෙසක් සඳ පිට පත් කරා වැනි සොඳුරු දසුනකි නුඹෙ මුව

සිවු මහ නදී එකම මොහොතක ගලාහැලෙනා සුන්දර
නළල සිඹගෙන පහලට වැටෙන කෙසඟ දිස්වෙයි ඒ ලෙස
යදම් බැදි ඒ සොඳුරු රුව නුඹ සුරඟනක් මෙන් සුන්දර
මගේ හද මත ඉඩෝරෙට වැටි වැහි බිඳක් මෙන් සම විය

විසිරෙනා ගිණි පුපුරු විලසයි බලන බැලුමන් එකවර
යකඩ සිත් මෘදු මොලොක් වෙයි නැත කිසිඳු සැකයක් නම් මට
තපසෙකු වුවත් බවුන් වඩනා බලයි නුඹ දෙස නෙත් හැර
බුදුන් දෙසු දම් පවා මනසින් ගිලිහේවී නුඹ දුටි විට

සොඳුරු ඉඟ වට දැවටෙන්න වෙර දරණ අත් නම් ඇති ලොව
සුරඟනක් වන් නුඹේ අත ගැන සිතීමත් මම වැරදිය
සියලු දේ ලොව අනිත්‍යයි වග මොහොතකට අමතක විය
මගෙම සිහිනෙක දැවටිලා සෙවු අග්නි වර්ෂා කොහි අද

සෙහාර අරුණෝද්‍ය ප්‍රනාන්දු

Stay with us