Get Mystery Box with random crypto!

#ඉටි_හිතක_පෙම කලුවරට මං බයයි අඳුර මහ මූසලයි කියා මිනිසුන් | 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®

#ඉටි_හිතක_පෙම

කලුවරට මං බයයි
අඳුර මහ මූසලයි
කියා මිනිසුන් නුඹට ගැරහුම්
නගන විට මා කෙසේ ඉවසම්...
එලිය දෙනු නොහැකි වී
අඳුරටම තුරුලු වී
රහසෙ මන් ඉකිබින්ද හැටි
ඇසුනෙ නෑනේ නුඹට...
ගිනි සිළුව හෙමි හෙමින්
මගේ ගත දවටනා කල
අඳුර මම නුඹ සමඟ
හිනැහුනා මතකයිද...
මියෙන බව දැන දැනම
හිනැහෙමින් ඉදින්නෙ
ඇයි කියා නුඹ ඇසූ විට
ගොලුවුනා තුන් හිතම..
නොකියාම මගේ පෙම
දිවි දුන්නෙ නුඹ නමට
ඉතින් මං සදහටම
#ආදරෙයි_කලුවර_නුඹට....

chamo

stay with us