🔥 Burn Fat Fast. Discover How! 💪

අන්තිම මාසෙන් වැඩ කරලා OL වලට හොද result එකක් දාන්නේ කොහොමද... | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

අන්තිම මාසෙන් වැඩ කරලා OL වලට හොද result එකක් දාන්නේ කොහොමද...?

මැයි මාසේ Ol කරන සෙට් එකට දැන් තියන ලොකුම ප්‍රශ්නේ මේකනේ ...දැන් කාලෙ ඇතිද ..? අපිට කරගන්න පුලුවන් වෙයිද...? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියේ නේ...

ඉතින් ඒවට මගේ උත්තරේ මේක..නාස්ති කරපු කාලෙ ගැන හිතන්න එපා..ඔයාලට තව මාසයක් තියනවා ඒ කියන්නෙ දවස් 30ක්..මේ කාලේ තුල ඔයා උපරිමෙන්ම මහන්සි වෙලා උනන්දුව කැපවීම ඇතුව වැඩ කලොත් ඔයාට යන්න පුලුවන් උපරිම හොදම result එකට යන්න පුලුවන්..ඇයි මන් එහෙම කියන්නේ A9ක් දාන්න කියලා කියන්නෙ නැත්තේ ඇයි කියලා අහයි ඔයාලා...හැමෝම එක වගේ නෑ බන්...හැමෝම A9 දාන්න කියලා කිව්වොත් මන් ඒ කරන්නේ සම්පූර්ණ බොරුවක්...එහෙනම් ලංකාවේ OL ලියන හැමෝම A9 දාන්න එපැයි...මේ තියන කාලේ තුල ඔයාගේ උපරිම result එකට යන්න මේ කාලේ තුල වැඩ කරන්න...මතක් කරගන්න ඔයාගේ හීනේ ..අරමුණු ...ඔයා කරන්න ඉන්න Al stream එකට ඔයාට ඕන result එකට යන්න OL වලදී...

හරි හරි අපි යන් දැන් කතාවට...මන් මේක ලියන්න හැදුවේ motivation දෙන්න නෙමේ වැඩ කරන්න ඕන විදිහ ගැන කතා කරන්න මේ අන්තිම කාලෙදී..අපි ඒක ගැන විෂයන් අනුව වෙන වෙනම කතා කරමු...

ගණිතය - ගොඩක් අය recommend කරන ඒ වගේම පෞද්ගලික ව මටත් හරිගිය හොද ක්‍රමයක් ගැන ඔයාලට කියන්නම්...ඔයාලට දැන් තියන කාලෙත් එක්කත් මේ ක්‍රමේ ගොඩක් ගැලපෙනවා...

ඔයාලා 2016-2020 OL maths past papers 5ම ගන්න...ඊට පස්සෙ පොතක් අරන් ඒකෙ හැම අවුරුද්දකම ගාණ ගාණ ඉවර කරන් යන්න..මන් මේ කියන්නේ පේපර්ස් 5 කරන්න කියලා නෙමේ...දැන් හිතන්න ඔයා කරන්න යන්නෙ 2nd paper එකේ ප්‍රස්තාර ගාණ කියලා ඒකේ 2016 ඉදන් 20 වෙනකන් ගණන් 5ම හදලා ඉවර කරන්න ඊට පස්සෙ fd/fx , පරිමාව,ප්‍රතිශත අන්න එහෙම 2nd paper එකේ ඔක්කොම කොටස් වල අර පේපරේ ගණන් එකින් එක හදලා කොටසින් කොටස ඔයාට sure කරගන්න...මේක 2nd paper එකේ ගණන් වලට වගේම 1st එකේ B කොටසටත් අදාලයි...එහෙම ඔක්කොම ඉවර කරලා ඔයාට sure ප්‍රශ්න මොනාද කියලා බලන්න...timing බලන්න...තවත් අමාරු කොටස් තියනවා නම් ඒවා වල පලාත් පේපර්ස් වල එහෙම ගණන් අරන් හදන්න ඒ කොටසට අදාල ඒවා විතරක්..පුලුවන් ඒවා කර කර බොරුවට වෙලාව නාස්ති කරන්න එපා...මේ ක්‍රමේ ගොඩක් හොදයි කියන්න හේතුව තමා අපේ පේපර් ගණන් වල structure එක එකයි නේ ඒකට හුරු වෙනකොට අපිට නිකන් ම A එකකට යන්න පුලුවන්...1st එකේ A කොටසෙත් කෙටි ප්‍රශ්න 25 ත් ගොඩක් දුරට 15ක් වගේම අහන්නේ එකම ඒවා...එතකොට අර විදිහට එකම කොටසේ පේපර්ස් කරනකොට එක දිගට ඔයාට ඒ structure එක ගැන අවබෝධයක් ඒවී..මෙහෙම හරියට වැඩ කලොත් ඔයාට ලේසිම විෂය ගණන් වීමේ හැකියාවකුත් පැවතිය හැක.(අත්දැකීමෙන් කියන්නෙ )

විද්‍යාව - ගොඩක් අය අමාරුයි කියන පේපරේ දැක්කම සසර කලකිරෙන මේකට හොද result එකක් ගන්න වැඩ කරන්න ඕන කොහොමද කියලා බලමු...මෙහෙමයි විද්‍යාව කොහොමත් අමාරුයි තමා මහන්සි වෙලා වැඩ කලොත් ඒ අයට ඔයාට දාන්න පුලුවන් උපරිම result එක විද්‍යාවට දාන්න පුලුවන්...

මුලින්ම භෞතික විද්‍යාව(physics) කොටස් වලට ගේම ගහන්නෙ කොහොමද කියලා බලමු...මේකෙදී නම් සූත්‍ර සමීකරණ,නියම පාඩම් කර තිබීම් අනිවාර්‍යයි...හැබැයි ඒ ටික මතක නම් ගේම ගොඩ දාගන්නත් ලේසියෙන් ම පුලුවන්...ඒ ටික පාඩම් කරලා ඒවාට අදාල ප්‍රශ්න හදන්න...උත්තර ලියන තරමට භෞතික විද්‍යාව ගොඩ දාගත හැකි..

රසායන විද්‍යාව(chemistry) ගැන බලමු...මේකෙත් ආවර්තිතා වගුව සක්‍රියතා ශ්‍රේණිය පාඩම් කිරීම අනිවාර්‍යයි...ඒ ටිකත් එක්ක විෂය කරුණු හොදට බලාගෙන රසායනික සමීකරණ ලියලා practice වෙලා හොදට පාඩම් කරන්න නම් ඕන තමා..

ජීව විද්‍යාව(biology) ගැන කිව්වොත් විෂය කරුණු පාඩම් කරලම තමා මේකට නම් ගේම ගහන්න ඕන...කොටසින් කොටස බලාගන්න...

එතකොට ඔයාලා ගොඩක් අවධානය දෙන්න MCQ එකට..ඒකේ 35+ ලකුණකට යන්න බලන්න..මොකද ඒක කෙලින්ම ලකුණට එකතු වෙනවා.. ව්‍යුහගත , රචනා පේපර්ස් වල ලකුණු දෙකට බෙදිලා එන්නෙ...ඉතින් මේකට තියන හොදම විසදුම් තමා හැකිතරම් පේපර්ස් කරන එක...ප්‍රශ්න වෙන වෙනම කරන එක...ඒකට හරියන මට හම්බුන සුපිරි papers set එකක ලින්ක් එක පහතින් දාන්නම්...ඒක ගොඩක් හොද එකක්...ඒක කරන්න...

තව ව්‍යුහගත රචනා පේපරේ එකට හරියට bio,chem,physics ප්‍රශ්න වලට හරියට ලෑස්ති වෙන්න...රචනා පේපරෙත් ..ඔයාට පුලුවන් කොටස් වලින් ප්‍රශ්න තෝරගන්න ...විශේෂයෙන්ම ව්‍යුහගත එකේ පලවෙනි ප්‍රශ්නෙට එන ජෛව ගෝලය පාඩම හොදට බලාගන්න අනිවාර්යයෙන් ම...මෙහෙම වැඩ කලොත් ඔයාට විද්‍යාව ත් හොද ප්‍රතිඵලයකට යන්න පුලුවන් වෙයි අනිවා ...

English - මේකත් ඔයාට මන් කියන්නේ ගණිතයට කියපු ක්‍රමේට ලගින් යන වැඩක්...ඉස්සල්ලම tenses ඇතුලු grammer parts ඔක්කොම බලාගන්න...ඊට පස්සෙ notes/notices,letter writing,bar/pie charts,short essays , picture discriptions මෙන්න මේවා හොදට practice වෙන්න ඕන...ඒකට 2016 ඉදන් වගේ පේපර්ස් අරන් ඒ කොටස් වලට අදාල ප්‍රශ්න කරලා හොදට ඒ කොටස් sure කරගන්න...මතකනේ මේකෙත් එකම stucture සීන් එකම