Get Mystery Box with random crypto!

රචනා වලට නම් කාලීන මාතෘකා බලලා ඒවා ලියලා practice වෙන එක තමා හ | 📚 Knowledge Transfer📚🔰Edu Equipment Store🔰📚Official Channel 📚

රචනා වලට නම් කාලීන මාතෘකා බලලා ඒවා ලියලා practice වෙන එක තමා හොදම දේ.. covid-19 pandemic,economic crisis වගේ කාලීන මාතෘකා...ඉතින් english වලට මෙහෙම ලෑස්ති වුනොත් නම් හොදට A එකක් nothing හැබැයි...

ඉතිහාසය - ඇතැම් අයට එපා වූ ඇතැම් අය ආදරේ කරපු විෂයක් මේක(මන් අයිති දෙවෙනි කාණ්ඩෙට..hehe )...ඉතින් මේක ගොඩදාගන්නෙ කොහොමද බලමු...

MCQ වලට ඕන කෙටි විෂය කරුණු හොදට බලාගන්න...MCQ කරන්න හොදට...රචනා ප්‍රශ්න වලට නම් මේ ක්‍රමේ හොදයි ..රචනා ප්‍රශ්න එන තැන් වලින් කරුණු අනුව පාඩම් කරලා ඒවට ලැස්ති වෙන එක ..නිකන් බෑ timing තියලා රචනා ප්‍රශ්න ලියන්නත් ඕන...ඒකට මන් කරුණු රචනා ප්‍රශ්න එක්ක දාලා හදපු shortnote එකේ ලින්ක් එක පහතින් තියනවා බලන්න...ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා...සිතියම් නම් ලකුණු කරලා හොදට practice වෙන්න...තව පින්තූර ප්‍රශ්න එහෙම එන්න පුලුවන් තැන් බලලා ඒ පින්තූර වල විස්තර පාඩම් කරගන්න...ලෝක ඉතිහාසය පාඩම් වලින් අනිවා කරන පාඩම් 3ක් විතර sure කරගන්න එකක් ඔයාට අතාරින්න පුලුවන් වෙයි කොහොමත්...මොකද ඒ ප්‍රශ්න වලින් ඔයාට තෝරගන්න තියෙන්නෙ එකක් නිසා...රචනා ප්‍රශ්න වලට එන්න පුලුවන් කෙටි ප්‍රශ්නත් පොඩ්ඩක් බලාගන්න අහ්...ඉතින් ලොකුම විසදුම පේපර්ස් කරන එක මේකටත්...

බුද්ධ ධර්මය/කතෝලික ධර්මය
- පාඩම් කරන්න තමා තියෙන්නෙ...පේපර්ස් කරන්න වැඩියෙන්...මේක නම් ලේසි නේ ඉතිම් කොහොමත් ඔයාලට

සිංහල භාෂාව හා සාහිත්‍යය - ව්‍යාකරණ හොදට බලාගන්න ඕන...MCQ එකටයි 2nd paper එකටයි එනවනේ ..ගොඩක් MCQ papers එහෙම කරලා MCQ එකේ 32+ ගියොත් A එකක බලාපොරොත්තු තබා ගත හැකි ය...රචනා වලට එහෙම කාලීන මාතෘකා ගැන බලාගන්න...ඒවා ගැන කරුණු එහෙම හොයාගන්න රචනා ලියන්න...ප්‍රායෝගික ලේඛන,සාරාංශකරණය පහුගිය ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කරලා practice එකක් ගන්න පුලුවන්...සාහිත්‍ය පාඩම් වලින් කෙටිප්‍රශ්න වලට ගොඩක් අවධානයක් දෙන්න බලන්න...ඒ ප්‍රශ්න දෙකට 30+ ගන්න බලන්න...මොකද සාහිත්‍ය පේපරෙන් භාගයක්ම කෙටි ප්‍රශ්න වලින් ගන්න පුලුවන්...ඊලග විචාර...කරුණු දාගෙන උද්ධෘත එක්ක බලාගන්න බලන්න...timing තියලා විචාර ලියන්න..සිංහල වලට පොඩ්ඩක් වැඩියෙන් මහන්සි වෙන්න ඕන...එහෙම උනොත් හොද result එකකට යන්න පුලුවන් අනිවා...

සෞන්දර්‍ය විෂයන් - ලියන පේපරෙට විෂය කරුණු හොදට පාඩම් කරගන්න...art කරන අය ඉතිම් ද්‍රව්‍ය බලා ඇදීම,චිත්‍ර අදින එක එහෙම practice වෙන්න...practicals තියන අය හොදට practice වෙලා ඉන්න...exam ඉවර වෙලා නේ practical තියෙන්නෙ...

අනෙක් කාණ්ඩ විෂයන් - ගොඩක් විෂයන් තියන නිසා එකින් එක කතා කරන්න බෑනේ ..ඔයාට අදාල විෂයට හොදට ලෑස්ති වෙන්න...පාඩම් කරලා එහෙම..

මේ කාලේ කර නොකර යුතු දේවල් මොනවද?


බොරුවට පාඩම් කර කර ඉන්න එපා.පේපර්ස් වලට අවධානෙ දෙන්න.ඒකෙන් ගොඩ දාගන්න බලන්න..

එකම කොටසේ එල්ලිලා ඉන්න එපා...තමන්ට පුලුවන් ඒවා sure කරගන්න...බැරි ඒවා try කරලා ගොඩ දාගන්න.හැබැයි පුලුවන් තරමින්.

full පේපරෙම කරන්න ඕන කියලා නෑ...ඔයාට ඕන කොටස හරියට කරන්න..පෙපරේ ඒ කොටස් ආශ්‍රිත ව විෂය කරුණු ගැනත් paper එක බලනකොට අවධානෙ යොමු කරන්න.

කරන පේපර්ස් ඒවා හරියට timing තියලා කරන්න මොකද විභාගෙදි time management එක ගොඩක් වැදගත්.

ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් මේ ටිකේ වැඩ කරන්න

කාලය කන වැඩ කරන්න නම් එපා.social medias,games මේ මාසෙට uninstall කරොත් යහපත.

පරිස්සමෙන් ඉන්න මේ ටිකේ ගොඩක්.අන්තිම කාලේ ලෙඩ දාගන්න නම් එපා.

ඉතින් දැන් අපි අන්තිම මාසෙ වැඩ කරන්න ඕන විදිහ ගැන ගොඩක් කතා කරා.

පහලින් තියෙන්නෙ ඔයාට OL වලට අවශ්‍යම වෙන pdf,papers ටිකක්.අනිවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා.

සාහිත්‍ය පාඩම්වල හැදින්වීම් කොටස් වලට අදාල කෙටිසටහන් -https://t.me/Mr_AttitudeChanger_LK/1074

12 Tenses shortnotes -https://t.me/Mr_AttitudeChanger_LK/1073

all grammer parts-
https://t.me/Mr_AttitudeChanger_LK/1063?single

සාමාන්‍ය පෙළ ගණිතයට අදාල සියලු කොටස්වල කෙටි සටහනක්-https://t.me/Mr_AttitudeChanger_LK/1013

10 හා 11 ශ්‍රේණි වල සියලු පාඩම් වල ඉතිහාසය රචනා ප්‍රශ්න ආශ්‍රිත කෙටි සටහන - 01
https://t.me/Mr_AttitudeChanger_LK/1673?single

ජීව විද්‍යාව , රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව වශයෙන් වෙන් කර වටිනා බහුවරණ හා රචනා ප්‍රශ්න රැසක් අඩංගු පොත
https://t.me/Mr_AttitudeChanger_LK/1651

10 හා 11 ශ්‍රේණි වල භෞතික විද්‍යාවේ සමීකරණ හා ඒ ආශ්‍රිත පාඩම් වල කෙටි සටහනක් හා අවසානයේ ජෛව ගෝලයේ ආශ්‍රිත ප්‍රශ්න වල කෙටි සටහන
https://t.me/Mr_AttitudeChanger_LK/1394?single

ඉතින් ඔයාලට මේ post එකෙන් හොද ප්‍රයෝජනයක් හම්බුනා කියලා හිතනවා.එහෙම නම් reaction එකක් හරි comment එකක් හරි දාන් යන්න ඉතිම්.OL කරන්න ඉන්න හැම යාලුවෙක්ටම යවන්න , pdf ටිකත් එක්කම..

සැවොම එක්ව ජීවිතේ ජයගමු...
Good luck...

https://t.me/Mr_AttitudeChanger_LK

Mr.Attitude Changer_LK