Get Mystery Box with random crypto!

Telegram Premium ගැන වැඩි විස්තර Telegram Premium ගිණුම් පිළි | Methu Pro

Telegram Premium ගැන වැඩි විස්තර

Telegram Premium ගිණුම් පිළිබඳ වැඩි විස්තර අප කණ්ඩායම වෙත දැනගැනීමට ලැබුණි. මේ අනුව paid subscription ඇති පරිශීලකයින්ට ලැබෙන ප්‍රතිලාභ පහත දැක්වේ.

ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි ප්‍රධාන විශේෂාංග:
• නම අසල විශේෂ ලාංඡනය.
• සම්පූර්ණ තිරයම ආවරණය වන ස්ටිකර්.
• අමතර reactions.

පහත කොටස් සඳහා ටෙලිග්‍රෑම් ප්‍රිමියම්හි සීමාව දෙගුණ කර ඇත:
• එක් ෆෝල්ඩරයක ඇති chat list ගණන (100 → 200).
• ඔබට සම්බන්ධ විය හැකි නාලිකා සහ සුපිරි සමූහ සීමාව.
• සෑදිය හැකි ෆෝල්ඩර ගණන (10 → 20).
• ප්‍රධාන කොටසේ (5 → 10) සහ එක් ෆෝල්ඩරයක් තුළ (100 → 200) pin කල හැකි සංවාද ගණන.
• නාලිකා සහ සුපිරි සමූහ සඳහා ලබා ගත හැකි පොදු පරිශීලක නාම ගණන (10 → 20).
• ප්‍රියතම ස්ටිකර් ගණන (5 → 10).

ටෙලිග්‍රෑම් කණ්ඩායම ක්‍රියාකාරීව නව විශේෂාංග පරීක්‍ෂා කරමින් සහ සීමාවන් සමඟ අත්හදා බැලීම් කරන බැවින්, ඉදිරියේදී මෙම ලැයිස්තු තවදුරටත් වර්ධනය වනු ඇත.
#TGPremium #MethuPro