Get Mystery Box with random crypto!

HIT: The 2nd Case (2022) එක සිරුරක්, මරණ තුනක්! (18+) KD නැත | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

HIT: The 2nd Case (2022)
එක සිරුරක්, මරණ තුනක්! (18+)

KD නැත්නම් ක්‍රිෂ්ණදේව් වයිසෑග්(ආන්ද්‍රා) H.I.T. ඒකකයේ පොලිස් අධ්‍යක්ෂකවරයෙක්. තනතුර වගේම, මෙයා සුපිරි දක්ෂයෙක්. සමහර අවස්ථාවකදි කුඩා කාලයකින් අපරාධ පරීක්ෂණ විසඳමින් අපරාධකාරයින් සොයා ගත්තා. ඒත් මේ සැරේ KDට විසඳුමක් හිතාගන්න බැරි අපරාධයක් විසඳීමට මුහුණ දෙන්න වෙනවා.

තරුණියකගේ අත්, කකුල්, හිස කපා ඇඟෙන් වෙන් කරලා දාලා තිබුණා. ඒ වගේම ඇඟිලි තුඩු කපාගෙන ගොස් තිබුණා. සාහසික විදියට සිද්ද කරලා තිබුණ මේ ඝාතනයේ සාක්ෂි විදියට හොයාගන්න ලැබුණේ සැපුම් ලකුණක් හා සපත්තු අඩි සලකුණක් විතරයි. සැපුම් සලකුණෙන් සාමාන්‍ය දත් ප්‍රමාණයට වඩා අමතර දතක් තියෙන පුද්ගලයෙක් මේ තරුණියගේ ගෙල සපා කෑ බවට අනුමාන කරා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් දැනගන්න ලැබුණේ මේ සිරුරේ අත්, පා, හිස, කඳ ආදී කොටස් වෙනත් තරුණියන්ගේ බවයි.

ශරීර කොටස් විශ්ලේෂණයෙන් මේ වන විටත් මේ දාම ඝාතකයා කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කර ඇති බව තහවුරු කර ගනු ලැබුවා. විමර්ශනය මඟින් ඔවුන් සොයන්නේ දාම ඝාතකයෙක් බවට පෙනීගියා. මේ නිසාවෙන් ජනතාව කැළඹීමට පත් වෙලා තිබුණා. ඒ වගේම තවත් තරුණියන් දෙදෙනෙක් ඝාතනය කරන බවට ඝාතකයා KDට තර්ජනය කර තිබුණා.

ඝාතකයාගේ ඊලඟ ගොදුර කවුද?

සිංහල උපසිරැසි : Click Here
උපුටාගැනීම : Baiscopelk.com