🔥 Burn Fat Fast. Discover How! 💪

හෙලෝ හෙලෝ මගේ ප්ලැටිනම් සිනමා ලෝලී ක්‍රිකට් රසික හිතවතුනි හිතව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

හෙලෝ හෙලෝ මගේ ප්ලැටිනම් සිනමා ලෝලී ක්‍රිකට් රසික හිතවතුනි හිතවතියනි,

හෑ මන් මොකක්ද ඒ කිව්වෙ? කමක් නෑ කමක් නෑ ඔන්නොහෙ.. ඉතින් අද මන් ආවෙ මේ දවස්වල ඉන්දියාවෙ වගේම ශ්‍රී ලංකාවෙත් දැඩි කතා බහකට ලක්වෙලා තියෙන චිත්‍රපටයක් ගැන පොඩි හැඳින්වීමක් අරගෙනත් එක්කයි.. ඒ චිත්‍රපටයේ නම මොනවද කියන එක ඔබත් මමත් හොඳටම දන්නවා.. (පසුබිමින්) ඈ ඇහුන්නෑ? ආ හරි හරි.. ඔව් ඔව් ඒක තමා.. Thalapathy Vijay ගේ Varisu(වාරිසු) චිත්‍රපටය ගැන තමයි අද මං මේ ලියන්න ලෑස්ති වෙන්නෙ.. ඒ චිත්‍රපටය ප්‍රචාරය වෙන්න දවස් නමයකට කලින්ම.. එහෙනම් ආයුබොවම්ඩ අපි යන් ආටිකල් එක පැත්තට..
හොඳයි.. මුල ඉඳන්ම පටන් ගන්නවනං මේ Varisu කියන නමේ තේරුම තමයි උරුමක්කාරයා කියන එක.. ඒ කියන්නෙ මේක පවුලෙ චිත්‍රපටියක් විදිහට තමයි තිරගත වෙන්නෙ.. නමුත් මේකෙ විජේ ඉන්න නිසා කොහොමත් යම් කිසි සටන් ජවනිකා කීපයක් තියේවි(මන් ස්පොයිල් කරන්නෑ ප්ලොට් එක)


ඉතින් මේ චිත්‍රපටයේ නම එහෙම යද්දි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ Sri Venkateshwara Creations ආයතනය සහ PVP Cinema ආයතනයන් වලට අනුයුක්තව Dil Raju සහ Sirish අතර සම අනුග්‍රාහකත්වයක් මතයි..(සම කිව්වට Venkateshwara එකට වැඩී ඈ
) ඒ ඉන්දියානු රුපියල් කෝටි 200 ක පමණ මුදලක් වැය කරමින්.. ඒක එහෙම යද්දි මේක අධ්‍යක්ෂණය කරන්න බාරදෙන්නෙත් එසේ මෙසේ පොරකට නෙමෙයි.. Maharshi, Thozha ඇතුලුව ඔහු අධ්‍යක්ෂණය කරපු හැම චිත්‍රපටයක්ම පාහේ Box Office වාර්තා බිඳ දමන්නට සමත් වුණ Vamshi Paidipally ට.. ඔහුට මේකෙ කතාව ලියන්න උදව් වෙන්නෙත් සිනමා කර්මාන්තයේ දැවැන්තයන් දෙදෙනෙක් වන Hari සහ Ashishor Solomon විසින්.. එහෙම කතාව ඒ තුන්දෙනා ලියද්දි මේකට අවශ්‍ය කරන Dialogues එහෙමත් නැත්තං සංවාද ඛණ්ඩ ලියලා දීලා තියෙන්නෙ Vivek විසින්.. ඒ වගේම මේ චිත්‍රපටයේ සින්දු වල පද පේළි අකුරු කෙරුණෙත් ඔහුගේ පෑනෙන්ම තමයි..

ඉතිරි කොටස මෙතැනින්...

ලිව්වෙ අබූ...

#EnNenjilKudiyirukkum #Varisu #MCF #ThalapathyVijay