🔥 Burn Fat Fast. Discover How! 💪

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 5) කාමාවචර සිත් සිව්පනස අකුසල සිත | ☸THERAVADA☸

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 5)

කාමාවචර සිත් සිව්පනස

අකුසල සිත් දොළොසය, අහේතුක සිත් අටළොසය,කාමාවචර සෝභන සිත් සූවිස්සය යි කාමාවචර සිත් සිව්පනසෙකි


අකුසල් සිත්

යමෙකුගේ සන්තානයෙහි ඇති වුව හොත් අනාගතයෙහි ඔහුට අනිෂ්ට විපාක ඇති කරන්නා වු සිත් අකුසල් සිත් නම් වේ.

ලෝභය,ද්වේශය,මෝහය කියා අකුසල් මුල් තුනක් ඇත්තෙය ඒ තුන චෛතසික තුනෙකි. සාමාන්‍යයෙන් එකක් වන අකුසල් සිත ලෝභා දි ගුන හා එක්විම නිමිත්ත කොට

ලෝභ මූල සිතය

ද්වේශ මූල සිතය

මෝහ මූල සිතය කියා තුනකට බෙදේ.

ලෝභමූල සිත් අට

මේ දේ හොදය ,ලස්සනය,මිහිරිය කියා ඒ ඒ දේවලට හා පුද්ගලයන් ට ඇලුම් කරන ස්වභාවය ලෝභය.ආශාවය-ඕනෑකමය-රාගය-ගිජුකමය-කැතකමය-ආදරය- ප්‍රේමය යන නම්වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය ඒ ලෝභයෙන් යුක්ත වන සිත සෝමනස්ස සහගත සිතය, උපේක්ෂා සහගත සිතය කියා නැවතත් දෙකකට බෙදෙන්නෙය.

සිත යනු යම්කිසිවක් පිළිබඳ ව ඇති වන දැනිම බව ඉහත කියා ඇත. මේ ධර්මයෙහි සිතට දැනෙන දෙයට කියන නම (ආරම්මණය) අරමුණ යනුයි.එක් සිතක් තවත් සිතකට දැනෙන බැවින් සිත ද අරමුණ කි. සෑම අරමුණක ම හොද බව ය, නරක බව ය, මධ්‍යම බවය,යන මේ ගුණ තුනෙන් එකක් ඇත්තෙය. ඒ ගුණවලට අරමුණු රසයයි කියනු ලැබේ. කවර අරමුණක් හෝ ගනිමින් සිතක් උපදිත හොත් ඒ සිත සමග බැඳි ඒ අරමුණේ රසය වළද ගන්නා වු විදින්නා වු ස්වභාවයට සෝමනස්ස වේදනාව යයි ද ,අරමුණෙහි මධ්‍යම බව වු රසය විදින ස්වභාවයට දෝමනස්ස වේදනාව ය යි ද කියනු ලැබේ .* ලෝභ සහගත සිත කිසි කලෙක දෝමනස්ස වේදනාවෙන් යුක්ත නෝවේ *.ලෝභ මූල සිත උපදනා කල්හි ආරම්මණයා ගේ හොද බව හෝ මධ්‍ය බව හෝ විඳිමත් සමගම උප දි.

අරමුණෙහි හොද බව විඳිමය,මධ්‍ය බව විඳිමය,යන මේ කරුණු දෙකින් එකක් වු ලෝභමූල සිත *සෝමනස්ස සහගත සිතය ,උපේක්ෂා සහගත සිතය කියා දේකකට බෙදේ.සෝමනස්ස සහගත සිත ය යනු සෝමනස්ස වේදනාවෙන් යුක්ත වන සිත ය. උපෙක්ෂා සහගත සිත යනු උපේක්ෂා වේදාවෙන් යුක්ත වන සිතය. සතුට යනු ද සෝමනස්ස වේදනාවට ව්‍යවහාර කරන තවත් නමෙකි.

මේ සිත් දෙකින් එක එකක් නැවත ද දෙකට බෙදෙන්නෙය ඒ මෙසේය :- සමහර අවස්ථවක දී මේ ලෝභ මූල සෝමනස්ස සහගත චිත්තය පින් පව් කියා දෙයක් නැත,පින් වව්වල විපාකයක් නැත,පරලොවක් නැත,කුමක් කළත් වරද නැත යනාදින් පවත් නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වේ. සමහර අවස්ථාවක දි මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත නොවේ. දෘෂ්ටිය ට දෘෂ්ටිගත යැයි ද කියනු ලැබේ.ඉහත දැක්වුණු ලෝභ මූල සිත් දෙකින් සෝමනස්ස සහගත චිත්‍තය දෘෂ්ටියෙන් යුක්ත විම ය,නොවිම ය යන කරුණු දෙකින්

සෝමනස්ස සගගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත චිත්තය

සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ.

උපේක්ෂා සහගත සිත ද එසේම

උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත චිත්තය

උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත චිත්තය කියා දෙකට බෙදේ

මෙසේ බෙදිමෙන් ලෝභ මූල සිත් සතරක් වේ.

සිත් සතරෙන් පලමු වැන්න වු සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත නැවත දෙකට බෙදේ. ඒ මෙසේය:- සමහර අවස්ථවක දි ඒ සිත ස්වභාවයෙන්ම ඇති වේ.සමහර අවස්ථවක දි අනුන්ගෙ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සහවත් කරවිමක් නැතිව ඇතිවන සිතට සසඞකාරික සිත යැයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සසඞකාර භේදයෙන් දෙකට දෙකට බෙදේ . එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ ඒ සිත් අට මෙසේය.


සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත,

සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත,

සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසසංස්කාරික සිත,

සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත,

උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසසංස්කාරික සිත,

උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත,

උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත,

උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත,



රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය