🔥 Burn Fat Fast. Discover How! 💪

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 6) ලෝභමූල සිත් ඇතිවන අවස්ථා අදත්ත | ☸THERAVADA☸

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 6)

ලෝභමූල සිත් ඇතිවන අවස්ථා

අදත්තාදානය,කාමමිථ්‍යාචාරය,මුසාවාදය,පිසුණාවාචය,සම්පප්‍රලාපය,අභිධ්‍යාව,මිථ්‍යාදෘෂ්ටිය යන අකුෂල කර්ම පථ සත කෙරෙන්නේ ලෝභ මූල සිත් වලිනි,

තවද,

සූරාපානය- සූදුව-අල්ලස් ගැනිම

අල්ලස් දිම

රස විදිනු පිණිස නැටීම හා නැටුම් බැලිම

වීණා ආදිය වාදනය කිරිම හා ඇසිම

ගී කිම හා ඇසිම

ආස්වාසය පිණිස සුවඳ ඇඟ ඇල්ලිම

ලස්සන ඇඳුම් පැළඳුම් ඇදිම

පළඳිම

ආස්වාදය පිණිස මිහිරි භෝජුන් වැළඳිම

මිහිරි පානයන් බිම

රස විඳිනු පිණිස ලස්සන දේවල් බැලිම

ක්‍රිඩා කිරිම

ක්‍රීඩා බැලිම

ධනය සැපයිම සදහා නෝයෙක් දේ කිරිම

ධනය ලබා ගැනිම

ලබාගත් ධනය ආරක්ෂා කිරිම

ප්‍රිය වස්තුන් ලැබිම සදහා ධනය දිම

ඇඳුම් පැළඳුම් ගෙවල් රිය ආදි ප්‍රිය වස්තුන් පිළියෙළ කිරිම,

ඒවා පරිභෝග කිරිම යන මේවා යේ දි බොහෝ සෙයින් ඇතිවන්නෙ ලෝභ මූල සිත් ය

තරුණ තරුණියන් ඔවුනොවුන් දැකිමේ දි ඔවුනොවුන් හා කථා කිරිමේ දි ඔවුනොවුන් හා ගණුදෙනු කිරිමේ දි අඹුසැමියන් ඔවුනොවුන් දැකිමේ දි ප්‍රිය කථා කිරිමේ දි භාර්‍යාවන්ට දූ දරුවන්ට ලස්සන ඇදුම් පැළඳුම් සැපයිමේ දි බොහෝ සෙයින් ඇති වන්නේ ලෝභ මූල සිත් ය.විනෝද ගමන් යෑමේදී ද බොහො සෙයින් ඇති වන්නේ ලෝභමූල සිත් ය. දූ දරුවන් පෝෂණය කිරිමේ දි ඔවුන් සුරතල් කිරිමේ දි ඔවුනට ආවාහ විවාහ කර දි මේ දි බෝහෝ කොට ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ධර්මයෙන් ඈත් ව වාසය කරන සාමාන්‍ය ජනයාට නිනිදට යන තුරු දවස මුළුල්ලේ ඇති වන සිත්වලින් වැඩි කොටස ලෝභ මූල සිත් බවම කිය යුතු ය.

ශ්‍රද්ධාව -මෛත්‍රිය-කරුණාව පෙරදැරි කර ගෙන ධන සැපයිම් ආදිය කරන්නවුනට ඒවායේදී අකුසල් සිත් ඇති නොවේ.ප්‍රයෝජනාදිය සලකමින් නුවණ පෙර දැරි කරගෙන ධන සැපයිම් ධනය පරෙස්සම් කිරිම්,වියදම් කිරිම්,ඇඳුම් පළඳුම ආහාර පාන සැපයිම් හැදීම් කෑම් පීම් කරන්නහුට ද අකුසල් සිත් ඇති නොවේ.

රසය ගැන අපේක්ෂා වෙන් හෝ ශරීරය ලක්ෂණ කර ගැනීම් ආදිය ගැන අපේක්ෂාවෙන් හෝ ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇතිවන්නෙ අකුසල් සිත් නොවේ.

සාගින්න සංසිදුවා ගැනිම, ජීවිතය පවත්වා ගැනීම අපේක්ෂා කොට ආහාරයක් පිළියෙළ කරන්නා හට ද ඇති වන්නෙ අකුසල් සිත් නොවේ.

ලස්සන විමේ - අපේක්ෂාවෙන් - අනුන්ගේ සිත් ගැනිමේ අපේක්ෂා වෙන් - උසස් කෙනෙකු ලෙස පෙනී සිටී මේ අපෙක්ෂා වෙන් ඇඳුම් පැල ඳුම් පිළියෙළ කිරිමේ දි ද ඇති වන්නේ ලෝභ මූල සිත් ය.

දකින්නවුන් පිළිකුල් කරන තැන් වසා ගැනිමේ බලාපොරෝත්තු වෙන්,ශීත නැති කර ගැනිමේ - උෂ්ණය නැති කර ගැනිමේ - මැසි මදුරුවන් ගෙන් ආරක්ෂා වීමේ බලාපොරොත්තු වෙන් ඇඳුම් පිළියෙළ කරන්නා වු ද, හැදින්නා වු ද තැනැත්තා ට අකුසල් සිත් ඇති නොවේ.

ඇඳුම ලස්සන නැති බව නිසා දක්නවුන් කරන අවමානයෙන් මිදිමේ අපෙක්ෂවෙන් ලස්සන ඇඳුමක් පිළියෙළ කිරිමේ දි ද හැදිමේ දි ද අකුසල් සිත් ඇති නො වේ.

කන සැටි බලා විනෝදය ලබනු පිණිස සතුන්ට කුඩා ළමුන්ට කෑම දිමේ දි ඇති වන්නේ ද ලෝභ මූල සිත් ය. සතුන්ට අනුග්‍රහයක් වශයෙන් කෑම දෙන කල්හි ඇති වන්නෙ කුසල් සිත් ය.

ලස්සන සතුන් දැක අල්ලා ගැනිමේ දී ද , ලස්සන බලනු පිණිස ඔවුන් පෝෂණය කිරිමේ දි ද ඇති වන්නේ ලෝභ මූල සිත්‍ය.



රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය