Get Mystery Box with random crypto!

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 7) ලෝභමූල සිත් අට උපදනා සැටි 'පො | ☸THERAVADA☸

අභිධර්මය ඉගෙන ගනිමු (Ep 7)

ලෝභමූල සිත් අට උපදනා සැටි

"පොහොසතා වෙත වැඩිපුර ඇති දෙය ගැනිමේ වරදක් නැත. අධර්මයෙන් උපයා තිබෙන යම් වස්තුවක් ගැනිමේ වරදක් නැත". යන ආදින් යම්කිසි මිථ්‍යා අදහසක් පෙරටු කොට ගෙන මහත් සතුටින් කාගේවත් මෙහෙයීමක් නැතුව අනුන් අයත් වස්තුව සොරා ගැනිම, "මේවා අපට දේවියන් දුන් ඒවා ය "කියා මිථ්‍යා අදහස් පෙරදැරි කරගෙන කාගෙවත් මෙහෙහීමක් නැති ව මහත් සතුටින් රස විඳිමින් බෝජුන් වැළඳිම යනාදියෙ හි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි.

අනිකකුගේ මෙහෙයිමක් හෝ පසු බස්නා වු තමාගේ සිත තමා විසින්ම උත්සාහවත් කරවා ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කරන්නහුට *සෝමනස්ස සහගත දෘෂ්ටිගත සසංස්කාරික සිත*උපදි.

යම්කිසි දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව සතුටින් අන්සතු කරවා ගැනිම, දෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව සතුටින් රස භෝජුන් වැළඳිම යනාදිය කිරීමෙ දි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි

අනුන්ගේ මෙහෙයිමක් හෝ තමා විසින් ම තමා ගේ සිත උත්සහවත් කර ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කිරිමේදි *සෝමනස්ස සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි

"වැඩිපුර ඇති මිනිසාගෙන් ගත්තාට පවක් නැත"යනාදින් යම්කිසි මිථ්‍යා අදහසක පිහිටා කාගේවත් මෙහෙයිමක් ද නැතිව ප්‍රීතියෙන් ද තොරව අන්සතු වස්තුව සොරකම් කිරිම:මේවා දේවියන් දුන් ඒවාය යානාදින් මිථ්‍යා අදහස් පෙරදැරි කරගෙන ප්‍රීතියෙන් හා කෙනෙකුගේ මෙහෙයිමෙක් ද නැතිව සූරාපානය කිරිම යනආදිය කරන්නහුට * උපේක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත"උපදි

අනුන්ගේ මෙහෙයිමක් හෝ තමා විසින් පසුබස්නා සිත උත්සහවත් කරවා ගැනිමෙන් හෝ ඉහත කී පරිදි කිරීමේදි *උපෙක්ෂා සහගත දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි.

මිථ්‍යාදෘෂ්ටියක් පෙරදැරි කර නො ගෙන, ප්‍රීතියකුත් නැතිව,කෙනෙකුගේ මෙහෙයිමක් ද නැතිව, අදත්තාදානාදිය කිරීමේ දි *උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත අසංස්කාරික සිත* උපදි.

කෙනෙකුගේ මෙහෙයිමක් හෝ තමා විසින් ම පසුබස්නා සිත උත්සහවත් කර ගැනීමෙන් හෝ එසේ කරන්නහුට *උපේක්ෂා සහගත දෘෂ්ටිගත විප්‍රයුක්ත සසංස්කාරික සිත* උපදි.

විපාක දීමේදි අදත්තාදානාදි අකුශල කර්ම පථ සත සිදු කිරිම වශයෙන් උපදනා ලෝභ මූල සිත් බලවත් වේ. අඹු- දරුවන්ට ධනයට ඇලුම් කිරීම් ආදි වශයෙන් උපදනා ලෝභ මූල සිත් දුබලය.ඒවායේ විපාක දීම ද අනියතය.දෘෂ්ටි විප්‍රයුක්ත සිත්වලට වඩා දෘෂ්ටි සම්ප්‍රයුක්ත අකුසල සිත් බලවත් ය.සසංඛාරික සිත ට වඩා අසංඛාරික සිත් බලවත් ය. සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත බලවත් ය.


රේරුකානේ චන්දවිමල මහනාහිමි- අභිධර්ම මාර්ගය