🔥 Burn Fat Fast. Discover How! 💪

. . . ...පාඩම් අමතක වීම... ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් | MOTIVATION FOREVER

.
.
.

...පාඩම් අමතක වීම...



ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාඩම් කරන එක මතක නැතිවෙන එක මේකට හේතූන් වෙන්නේ පාඩම් කරන එකේවත් තමන්ගේ මතකයේ ග්‍රහණය කරගැනීමට තරම් ඒ දේවල් වල Capcity වැඩි එකවත් නෙමෙයි...
මතක තබාගැනීමට තියා පොත හරියට බලාගන්නවත් මනස නිරවුල් නැති එකයි මේකට බලපාන ලොකුම හේතුව...

ඒත් මේ ප්‍රශ්නේ හැමෝටම බලපාන ප්‍රශ්නයක් කියන්නත් බෑ මොකද පොත පතේම එල්ලිලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ටනම් මේක කිසිසේත්ම බලපාන්නේ නෑ ..
ඒ මොකද කියනවානම් ඒ අයටත් වෙන කිසිම දේකට වඩා පොත පත ජීවිතය වීමයි .
සමහරු ආමන්ත්‍රණය කරනවා එහෙම පොතට වෙලා ඉන්න අයට පොත්ගුල්ලෝ කියලා ඒත් ඒකනම් හුගක් වැරදි තමන්ට පොත පත ගැන ආසවක් නෑ කියලා ආසවක් තියෙන මිනිස්සුන්ට කතා හදන එකනම් බුද්ධියමය පැත්තෙන් හීන අය කරන ලොකු වැරද්දක්...

නමුත් ඔබ දන්නවා ද ඔබට නැති ඔවුනට පොත පතේ තිබෙන දේ පවා මතකයේ රැදී තිබීමට හේතුව

ඒ වෙන මොනවත් නෙමේ පොත පතට ආසා නොකිරීම...
ඔබ ම හිතන්න ඔබ පොතක් අතට ගන්නේ මොකටද එක්කෝ තරඟ විභාගයක් ලංවෙනකොත් එහෙමත් නැත්තම් පාසලේ වාර විභාග වලට නොවේද ..
ඉතින් හිතන්න ඔයාලා ඒ පොත බලාගන්නෙත් ආසාවෙන්ද එහෙම නැත්තම් අවශ්‍ය නිසා ද කියලා

ඉතින් යාලුවනේ මතක නැතිවෙන්න එකම හේතුව ඒක තමයි
ඔයාලා හිතන්නකෝ
ඔයාලා සිංදුවක් අහන්නේ කෝමද ආසාවෙන් අහන් ඉන්නවා නේද ඒක ඔයාලා කට පාඩම් කරනවද කොහෙ හරි සිංදුව ලියාගෙන නැහැ නේ ....

අන්න ඒක තමයි ඔයාලගේ ප්‍රශ්නය මොනම දෙයක් උනත් ආසාවෙන් කරන්න ඒක නලලෙ කොටල තිබ්බ දෙයක් වගේ මතක තියේවී

අදම උත්සාහ කරලා බලන්න ආසාවෙන් පාඩම් කරන්න,
නැති ආසාවක් හදාගන්න .
නිකන් බොරුවට කාලේ කන්න එපා යූටියුබ් එකේ පාඩම් කරන්න ක්‍රම හොය හොය ඒක නිශ්ඵල දෙයක් කාලේ කන් නැතුව අරුතක් තියෙන දෙයක් කරන්න

එතකොට පාඩම් අමතක වීම විතරක් නෙමේ පොත් කියවන්න තියෙන කම්මැලිකමත් නිකන්ම දුරුවෙලා යයි

ස්තූතියි...!!!

මෙවන් අරුත්වත් දේකින් නැවත හමුවෙන තුරු තෙරුවන් සරණයි

#ඇස_හරහා_හදවතට
#ඇස_හරහා_මොලයට

දඟකාර රචකයා
#ගෙත්මිණ_බණ්ඩාර
@NaughtyOffbot


@Inidas_Official
@MotivationalFocusSG
@best_m_otivation