Get Mystery Box with random crypto!

Theory 01 NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය | Chemistry~Daily~MCQ~🎓💫

Theory 01

NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය යුතුය.

එය භාෂ්මික මාධ්‍යයේ H₂O₂ සමඟ කහපාට CrO₄²⁻ බවට ඔක්සිකරණය වේ.

කැටායනය - Cr³⁺
-------------------------
Theory 02

ලැබුනු පෙරනය ,වැඩිපුර NaOH සමඟ කොළ අවක්ෂ්පය Ni(OH)₂ හෝ Fe(OH)₂ විය හැක.

නමුත් පිලිතුරු වල Fe²⁺ නොමැති බැවින් ලැබෙන අවක්ෂේපය Ni(OH)₂ වේ.

කැටායනය - Ni⁺²

-------------------------
Theory 4
මෙහි පෙරනය ආම්ලික කර විට ලැබෙන සුදු අවක්ෂේපය උභයගුණි OH⁻ ක් විය යුතුය.

මොකද කලින් ඒවා වැඩිපුර NaOH එක්ක දිය වුන නිසා.

දි ඇති පිලිතුරු වලට අනුව ලැබුණු අවක්ෂේපය Al(OH)₃ හෝ Zn(OH)₂ විය හැක.

Theory 5

නමුත් NH₄Cl/NH₄OH සමඟ සුදු අවක්ෂේයක් අවක්ෂේප නොවුණු බැවින් කැටායනක් ලෙස Al³⁺ තිබිය නොහැක.

කැටානය - Zn⁺²

------------------------

මේ නිසා කැටායන 3 Cr³⁺ , Ni²⁺ , Zn⁺² වේ.

පිලිතුර 4