Get Mystery Box with random crypto!

හීන තියෙන්නෙ හැබෑ කරගන්න! අද මා ලබාගෙන ඇති යම් ජයග්‍රහණයක් වේ | 2022 Biology Methmal Jayasekara

හීන තියෙන්නෙ හැබෑ කරගන්න!
අද මා ලබාගෙන ඇති යම් ජයග්‍රහණයක් වේද, ඒ සියල්ලම වෙනුවෙන් මා ලද අධ්‍යාපනයට සහ මා අවට සිටි සුන්දර මිනිසුන් සියල්ලටම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි. පන්තිවල වේදිකාව මත නැවත නැවත කියන දේ නැවත ඔබට කියමි. ඉගෙනගන්න. කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩා හොඳ තැනකට ජීවිතය ගෙනයාම වෙනුවන් අධ්‍යාපනය සඳහා සිදුකරන කැපවීම මත විශ්වාසය තබන්න! කෙටිකාලීන සතුට වෙනුවෙන් දීර්ඝකාලීන ජයග්‍රහණ අත්හැරීමට තරම් මෝඩ නොවී මේ මොහොතේ සිට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් කැපවන්න.
මාගෙන් අකුරක් හෝ ඉගෙනගත්, ඉගෙන ගන්නා ආදරණීය දරුවනි, මේ කිසිවකටත් වඩා වටිනා මා සතු ධනය ඔබේ ආදරයයි. මගේ සෑම දරුවෙක්ම හීන වෙනුවෙන් කැපවනු දැකීමත් ඒ හීන හැබෑ කරගනු දැකීමත් ගුරුවරයෙකු වශයෙන් මට ලැබිය හැකි ඉහළම සතුටයි.
මේ ගමන තුල වචනයකින් හෝ උදව් කල සෑම සුන්දර හදවතකටම ස්තූතියි!