Get Mystery Box with random crypto!

'Game Of Thrones ' HBO සහ Warner Bros. Discovery Television ල | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

"Game Of Thrones " HBO සහ Warner Bros. Discovery Television ලා සතු වෙන වටිනාම යුනිවර්ස් එකක්. කතා මාලාව අන්තර්ජාතික වශයෙන් ලැබූ ඉහළ සාර්ථකත්වය නිසාමයි ඒ වෙනුවෙන් spin off සීරීස් පහකටත් වඩා ඔවුන් announce කරන්නත් තීරණය කළේ.

ඒත් කාලයත් එක්ක විවිධ හේතු නිසා ඒ සීරීස් එකින් එක කැන්සල් වුණා. ඒ අතරින් ඉතුරු වුණු දැනට ongoing එකම සීරීස් එක වෙන්නේ "House Of The Dragon" විතරයි. මේ Jon Snow
පාදක කරගත් කතා මාලාවක්, 10,000 Ships නමින් කතා මාලාවක්ද මූලික අධියරේ තිබෙන බවත් මතක් කරන්න ඕනේ.
කොහොම හරි Warner Bros. සහ Discovery අතර ඇති වුණු මර්ජ් එක
වලට වගේම වලටත් බලපාන බව පැහැදිලිව දකින්න පුලුවන් කාරණාවක්. මේ දේ George R. R. Martin මහතා විසින්ම තමන්ගේ වෙබ් අඩවයේ කියා තිබුණේ " වල ඇති වෙන වෙනස්කම් හේතුවෙන් අනාගත Game Of Thrones ස්පින් ඕෆ් සීරිස්ද තිබෙන්නේ අනපේක්ෂිත තත්‍ත්වයක" බව සඳහන් කරමිනුයි.
Warner Bros. Discovery ලා තමන්ගේ වියදම් අඩු කරගැනීමේ ක්‍රියාපටිපාටියේ ප්‍රතිපලයක් විදිහට මේ අනපේක්ෂිත බව ඇති වූ බවයි ජෝර්ජ් කියන්නේ.

ජෝර්ජ්ගේ විශ්වය පාදක කරගෙන ගොඩනැගෙන සමහර ප්‍රොජෙක්ට්ස් අනෙක්වාට වඩා ඉක්මණින් ඉදිරියට යන බවත්, සමහර ඒවාට greenlit එක තාමත් ලැබී නැති බවත්, සමහර ඒවා සිදු නොකරන්න තීරණය වී ඇති බවත් තව දුරටත් ඔහු කියනවා. නමුත් ඉදිරියට ගෙන නොයාමට තීරණය කළ ප්‍රොජෙක්ට්ස් මිය ගිය බව තමන්ට තාමත් තහවුරු කරන්න බැරි බවයි ජෝජ් කියුවේ. ඒ වගේම මේ ප්‍රොජෙක්ට්ස් මොනවද කියලත් මාටින් නිශ්චිත වශයෙන් සඳහන් කළේ නැහැ.

Source: Variety
Admin: Sachintha Bennett

Copied :