Get Mystery Box with random crypto!

2023 නව වසර නවතම ආකායේ කතා මාලාවකින් ආරම්භ කරන්න ඔන්න TV Serie | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

2023 නව වසර නවතම ආකායේ කතා මාලාවකින් ආරම්භ කරන්න ඔන්න TV Series, Films රසිකයින්ට පුලුවන් වෙනවා.. ඒ ජනවාරි පළවෙනිදා වන අද දිනම.

සීරීස් එක නිකුත් වෙන්නෙ
හරහා..

නමින් Kaleidoscope!

ඇයි මේ සීරීස් එක විශේෂ වෙන්නෙ කියලා කෙටියෙන් කියනවනම්; අපි සාමාන්‍යයෙන් කතා මාලාවක් නරඹන්නෙ පළවෙනි කතාංගයෙ සිට අවසන් කතාංගය වන තෙක් කියන එක අමුතුවෙන් කිවයුතු දෙයක් නෙවේනෙ, නමුත් මේ කතා මාලාව අපිට ඕනෑම කතාංගයකින් නැරඹීම ආරම්භ කරන්න පුලුවන්.
ඒ කියන්නෙ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හත් වැනි, අටවැනි ඕනැම කතාංගයකින්. ඒ නරඹන ආකාරය අනුව කතා මාලාව ගැන වෙන වෙනම කෝණයන්ගෙන්, වෙනස්ම ⁣ආරම්භයක් සහා අවසානයන් අපිට දැකගන්න හැකි වෙනවා කියලයි සීරීස් එකේ නිර්මාණකරුවන් සඳහන් කරන්නේ..

මේ සීමිත කතා මාලාව (Limited/Mini Series) සඳහා කතාංග 8ක් ඇතුලත් අතර ඒ එක එකක් කතාංග එක එකක් වර්ණ මූලික කරගන තමයි නම් කරලා ති⁣යෙන්නෙ.. ඒ පහත දැක්වෙන ආකාරයෙන්.

Episode 1: "YELLOW: 6 Weeks Before The Heist"

Episode 2: "GREEN: 7 Years Before the Heist"

Episode 3: "BLUE: 5 Days Before the Heist"

Episode 4: "VIOLET: 24 Years Before the Heist"

Episode 5: "ORANGE: 3 Weeks Before the Heist"

Episode 6: "RED: The Morning After the Heist"

Episode 7: "PINK: 6 Months After"

Episode 8: "WHITE: The Heist"

ඇ.ඩො.බිලියන 7කට ආසන්න අති විශාල මුදලක් අන්තර්ගත, දැඩි ආරක්ෂාවක් සහිත සේප්පුවක් කඩා දැමීමට සූදානම් වන අති දක්ෂ සොරුන් කණ්ඩායමක් වටා තමයි මෙහි කතා තේමාව ගොඩනැගෙන්නේ. ඒ වසර 25ක කාලයක් ආවරණය කරමින්..

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම මුදල් මංකොල්ලය ලෙසත් මෙය හැඳින්වෙනවා.

කතා මාලාව නිර්මාණය කරන්නේ 'Eric Garic' විසින් වන අතර විධායක නිෂ්පාදනය සඳහා සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ 'Ridley Scott' ද එකතුවී තිබෙනවා. ඒ වගේම ප්‍රධාන චරිතය සඳහා 'Giancarlo Espasito' සිය දායකත්වය ලබා දෙනවා.


කතා මාලාවේ කතාංග 8ම අද නිකුත් වන අතර මෙරට වේලාවෙන් දහවල් 1.30 පමණ වන විට Torrent, Telegram මාධ්‍යන් හරහා නිකුත් වනු ඇති..


එහෙනම් ෆිල්ම්ස්, ටීවී සීරීස් රසිකයින්ට ලැබුවා වූ 2023 අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

Source : TSML


Trailer :



#Kaleidoscope #2K23
#GiancarloEspasito
#Netflix
#tsml
#MCF