🔥 Burn Fat Fast. Discover How! 💪

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 4

2022-06-05 20:52:57 https://telegra.ph/උතසහය-06-05
699 views17:52
Open / Comment
2022-06-05 19:34:05


@Athathwika
873 views16:34
Open / Comment
2022-05-31 20:43:51 මේ.. රටවල් 4ක ව්‍යාපාර හිමියන්. ශ්‍රී ලාංකික සේවකයින් ගැන කී ආකාරයයි...
* කොරියාවෙදි - අපි ගොඩක් සතුටුයි, ලංකාවෙ අය කම්මැලි නෑ, දෙන ටාගට් එක කොහොම හරි කරනවා. නිවාඩු දවසෙත් වැඩකරන්න කැමතියි.. වැඩි පහසුකම් ඉල්ලන්නෙත් නෑ.. කොහොම හරි කරනවා..

* ඇමරිකාවෙදි - ලාංකිකයො හරි දක්ශයි.. වෙලාවට වැඩ.. හරි බුද්ධිමත්.. ගැටලු විසදන්න ශූරයෝ.. ඒ වගේම විහිලුකාරයෝ.. දියුණු වෙන්න බොහොම උනන්දුයි..

* අරාබියෙදි - සතුටු වෙන්න පුලුවන්.. තමන්ගෙ පවුල් ගැන නිතර හිතනවා.. කම්මැලි නෑ.. ඕන වෙලාවක ඕන වැඩක් බෑ කියන්නෙ නෑ.. ආයතනයට හිතවත්.. උත්සාහවන්තයි.. වැඩි අයිතිවාසිකම් ඉල්ලන්න එන්නෙ නෑ..

* ශ්‍රී ලංකාවෙදි - අපෝ, හොද සේවකයො හොයාගන්න එක හරිම අමාරුයි.. පොඩ්ඩක් බැලුවෙ නැත්නම් අයිස් ගහන්නයි දේශපාලනේ කතා කර කර ඉන්නයි තමයි කැමති.. වෙලාවට වැඩට එන්නෙ නෑ.. පුදුම කම්මැලියි.. පඩිය විතරයි ඕන.. වැඩ කරන්න ඕනකමක් නෑ... අමාරුවෙන් වැඩ උගන්නල ගත්තම හොරෙන්ම වෙන තැනකට යනව.. එපාම වෙලා තියෙන්නෙ..

ඇයි ලංකාවෙදි වෙනස්???


1. උද්ධමනය හා රටේ ජීවන වියදමට සරිලන වැටුපක් නොගෙවීමද?
2. රැකියාව අගේ නැතිකමද?
3. රටේ working culture එක හැදිලා තියෙන හැටිද?
4. ආයතන හිමියෙක් මුහුණපාන දුෂ්කරතාවන් සේවකයන් නොතැකීමද?
5. නැත්නම් ඇත්තටම කම්මැළිකමද?

ගොඩක් රටවල අය ලංකාවෙ කැමති...ඒත් අපේ රටේදි එහෙම නොවන්නෙ ඇයි..?

අදහස කමෙන්ට් කරන්න...

@Athathwika
1.1K views17:43
Open / Comment
2022-05-28 20:43:39
දුර්ලභ ඡායාරූපයක්

@Athathwika
1.1K views17:43
Open / Comment
2022-05-26 20:25:32
සූර පප්පා ඇතුළු තවත් සිංහල චිත්‍රපට සහ සිංහල හඩකැවූ චිත්‍රපට ඩවුලෝඩ් කරගන්න දැන් ම සෙට් වෙන්න.

Asterix and Obelix Mansion of the Gods 2014

Asterix In America 1994

Asterix: The Secret of the Magic Potion 2018

Asterix The Gaul 1967

Soora pappa All

Join Now - @SinhalaFilms_LK
1.1K views17:25
Open / Comment
2022-05-26 20:01:00
අසරණ කම

@Athathwika
1.2K views17:01
Open / Comment
2022-05-26 18:08:58
ගැහැනු සංහතියම වෙනුවෙන්......

විලි ලැජ්ජාව පසෙක ලා ඔබ මේ වෙනුවෙන් අරගල කළ යුතුමය.පිරිමින් මෙන් ශරීරය වෙහෙසවා හරි හරියට රැකියාවල නිරත වෙන අපි නැවතත් රෙදි යුගයට යා යුතුද??

නිකමට ගණන් හැදුවොත් නිවසක එක දියණියක් සිටිනවා නම් මසකට පැකට් දෙකකට රු.200ක් වැය වූ මුදල දැන් රු.900 දක්වා ඉහළ ගොස්ය.දූවරු දෙදෙනෙක් තුන්දෙනෙක් සිටින නිවෙස් වල මේ මුදල දෙගුණ හා තෙගුණ වනු ඇත.එදා වේල පිරිමසා ගැනීමට රුපියල් 100 සොයා ගැනීමට අපහසු දෙමව්පියෝ, රැකියා විරහිත හෝ පාසල් වයසේ දියණියන්ට මේ අවශ්‍යම භාණ්ඩය ලබා දෙන්නේ කෙසේද???

තමන්ගේ අක්කා සහ නංගි,බිරිඳ,දියණිය මේ සැවොම වෙනුවෙන් පුරුෂ පක්ෂයද හඬ නැගිය යුතුමය.

මන්ද,,,,

අපි හැමෝම බිහිවුනේ ගැහැනු කෙනෙක්ගේ සිනහවකින් ආදරයකින්, කරුණාවකින් සහ දරා ගැනීමකින්.
ඒ සේරටමත් වඩා "රුධිරයෙන්".

කතා කරමූ! එරෙහි වෙමු..

@Athathwika
1.3K views15:08
Open / Comment
2022-05-26 05:30:53
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා

@Athathwika
1.6K views02:30
Open / Comment
2022-05-25 20:18:11 ඊයේ යාලුවෙක් එක්ක නියම කතාවක් ගියා ගැඹුරෙන් ආදරේ ගැන.... ඌයි මායි දෙන්නම මාර දේවල් ටිකක් අපි කතා උනා. එතනින් ආව කතාවේ සාරාන්ශය අනුව මම දැන් ඉන්න තැන අනුවනම් මගේ ex කෙනෙක් ගැන මගේ හිතේ අබමල් රේණුවක තරම්වත් තරහක් නෑ.

ඒ මිනිස්සු කොච්චර හොඳ උනත් නරක උනත්, කොච්චර වැරදි උනත් හරි උනත් මගේ විශ්වාසයනම් ඒ මිනිස්සු තමයි මට ආදරේ කියලා දුන්නේ.
ආදරේ හොඳ පැත්ත වගේම නරක පැත්තත්...

ඒ දෙකම ඉගෙනගන්න එක එක හා සමානව වැදගත්, මම කිසිම වෙලාවක මගේ ex කෙනෙක්ව අමතක කරන්න උත්සහ කරන්නේ නෑ. මොකද ඒකත් මගේ ජිවිතේ එක කොටසක්. ඒකත් මගේ ජිවිතේ මම තව කෙනෙක් එක්ක බෙදාගත්ත කාලයක්. අමුතුවෙන් බලෙන් මම ඒක මගේ ජීවිතෙන් අයින් කරන්න හදනවනම් ඒ කියන්නේ මම තවමත් ඒ බර කරේ තියන් යනවා කියන එක. මම මනසින් නිදහස් මොකද මම ඒක එහෙම නෑ, එහෙම කෙනෙක් මගේ ජිවිතේ හිටියේ නෑ කියලා අයින් කරන්න උත්සහ කරන්නේ නැති නිසා. ඉතින් ෆොටෝ delete කරලා block කරලා බලෙන් ඒක අමතක කරනවට වඩා ඒක මනසින් අතාරින එක පුදුම නිදහසක්.

අපි සතුටින් ආදරය කරා කියන එක අමතක කරන්න ඕනේ නෑ, අපි ජීවිතේ බෙදාගත්තා කියන එක අමතක කරන්න ඕනේ නෑ. ඒ වගේම අපි රණ්ඩු උනා වෙන් උනා කියන එකත් අමතක කරන්න ඕනේ නෑ. හැබැයි අපි ඒක එළියෙන් ඉඳගෙන ඒක දිහා බලලා තේරුම් ගන්න ඕනේ ආදරය කියන්නේ මේ positive negative දෙකේම එකතුව කියන එක. එතකොට තරහක් ඇති වෙන්නේ නෑ, එතකොට පලිගන්න හිතෙන්නේ නෑ. එතකොට අද මගේ මූනට ex කෙනෙක් මුණගැහුනත් හිනාවෙලා කතා කරන්න පුළුවන්.

අපිට සමහරවිට Ex ගෙන් වැරදි වෙලා තියෙන්න පුළුවන්, නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සුන්ට වැරදි හදාගෙන ජීවිතේ ගෙනියන්න තියෙන අයිතියට ගරු කරලා ඒවා කියව කියව අර මිනිස්සුන්ගේ අනාගතය කඩාකප්පල් නොකර තමන්ගේ ජිවිතේ හදාගන්න. මගෙනම් අදහස එහෙම ගෑනියෙක් මිනිහෙක් තමයි ලෝකේ හරියටම ආදරේ දන්නේ. ලස්සන සින්දුවක තියෙනවා...

ඉතින් එබැවින් නවතිමි….
හදින් පිටමන් නොකරමි…..


#copied

@Athathwika
1.6K views17:18
Open / Comment
2022-05-25 18:59:31
Ravana waterfall /රාවණා ඇල්ල (බඹරගල ඇල්ල)

රාවණා ඇල්ල කියන්නේ අපේ රටේ තියන ලස්සනම දිය ඇලි වලින් එකක්.ඇල්ල -වැල්ලවාය මාර්ගයේ(A23) 21වෙනි කිලෝමීටර් කනුව අසල මේ ඇල්ල පිහිටා තියෙනවා.ඇල්ල දුම්රිය ස්ථානයේ ඉඳල මෙතනට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා.ඉතාම පහසුවෙන් ලඟා වෙන්නට පුළුවන් නිසා ඉතා ඉහල සංචාරක ආකර්ෂණයක් රාවනා ඇල්ලට ලැබිල තියෙනවා. කිරිඳි ඔය තමයි රාවනා ඇල්ලේ මුලාශ්‍රය.

මුහුදු මට්ටමේ සිට අඩි 3445 ක උසකින් රාවණා ඇල්ල පිහිට තියෙන්නේ.ඒ වගේම මේ දිය ඇල්ලේ උස අඩි 82ක් (මීටර් 25 ක් ). ඕවලාකාර සහ අවතල ගල්කුළු මතින් ඇදහැලෙන මේ සුන්දර දිය ඇල්ල රාවනා ඇල්ල වනජීවී රක්ෂිතයේ කොටසක්.

රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද ජන කථාවල පැවැසෙයි.

@Athathwika
364 views15:59
Open / Comment