🔥 Burn Fat Fast. Discover How! 💪

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 5

2022-05-25 17:30:36
80,90 ගණන්වල, දෙදාස් ගණන් වල මුල ඉපදිච්ච සෙට් එක ආසාවෙන්, ඒකාලෙ බලපු කොරියානු ඉංග්‍රීසි සීරිස් ටික මතකද ? 6.30 වෙනකොට Tv එක ඉස්සරහ ඉදගන්නෙ පට්ට ආසාවෙන් . එහෙම සුන්දර අතීතෙක කොටස්කරැවො අපි !

සුජාත දියණි , අභීත දියණි වගේ කොරියානු කතා මාලත් පන් පසිදුවන් , සත්‍ය ගවේශක වගේ ඉංග්‍රීසි කතාමාලත් අපි අතරෙ ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණා . සමහර කතා ආයෙ ආයෙ හොය හොය බැලුවා.

අන්න එහෙම හොය හොය බලන අයට අපි එක චැනල් එකක් හැදුවා . පල්ලෙහ තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඒකත් එක්ක එකතු වෙන්න පුලුවන් . දැනට ඇවිත් තියෙන ඒ වගෙම ඉස්සරහට එන්න තියෙන සිංහල හඩකවපු කතාමාල ඔයාලට එකම තැනකින් ගන්න පුලුවන් . ඒ වගේම ඔයාලට ඔනෙ කතා එහෙම අපෙන් ඉල්ලනත් අවස්ථාව හදල තියෙනවා .


├ @Sinhala_Dubbed_Series
└ @Sinhala_Dubbed_Series

" යාලුවොත් එක්ක මේ මැසේජ් එක බෙදාගන්න. ඔයා තව 5 දෙනෙක්ට කියන්න. එයාලට කියන්න තව 5 දෙනෙක්ට කියන්න කියල... "
සල්මන් භෛයගෙ ෆිල්ම් එකක් මතක් උනානම් වැඩ්ඩෙක් ඔයත්
568 views14:30
Open / Comment
2022-05-25 11:19:17 ඉදිරි කාලයේ ආහාර හිඟයක් ඒවිද?
ඉදිරි කාලයේ ලෝකයටම එතැයි කියවෙන ආහාර හිඟයට මුහුණ දීමට හා කළමනාකරණය කර ගැනීමට අප රට ගතයුතු කි‍්‍රයාමාර්ග මොනවාද? (ආර්ථික වශයෙන් බුන්වත් වී සිටින අපට අන් රටවලට වඩා තදින් බලපෑමට ඉඩ ඇත.)

මෙහිදී හිඟතාවය නිසා ආහාර මිල වැඩිවීම කළමනාකරණය කරගැනීමට වැඩපිළිවෙලවල් සැකසීම, හා දැන් පටන් ආහාර අතිරික්ත ඇත්නම් වියලීම වැනි කල්තබා ගැනීමේ ක‍්‍රමවේද අනුගමනය කිරීම, එමෙන්ම හැකිතාක් ගොවීන් උනන්දු කරවා පොහොර ආදී පහසුකම් සැපයීම, කඩිනම් කළයුතු වේ.. නැතහොත් මේ ප‍්‍රමාදයෙන් ඉදිරියේදී විශාල අපහසුතාවන් ඇතිවිය හැක..
(ජාත්‍යන්තර වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පන් ලක්ෂයක පමණ පිරිසක් දෛනිකව රුපියල් 1155 ක ආදායමක් ලබන අතිශය දිළිඳු තත්ත්වයට පත්ව සිටිති.)

මිලියන 23ක් වන ජනගහනය සඳහා දෛනික ආහාර අවශ්‍යතාව සපුරාලීමට රටට ප‍්‍රමාණවත් සැලසුම් නැත්නම්, මහජනතාව වන අපටම කළහැකි දේ මොනවාද? ඉඩ ඇති හැමතැනම ආහාරයට ගතහැකි යමක් සිටුවීම නුවණට හුරුවනු ඇත. ගෙවත්තේ, මල් පෝච්චියේ, මෙන්ම තමන්ගේ හිස් ඉඩම් ඇත්නම් තමාට වැවිය නොහැකි නම් වැවියහැකි අයට බදු දීමද, කළහැක ..

වාර්ෂිකව ශ්‍රී ලංකාව තුල ප්‍රධාන එළවලු ටොන් 1,167,000 සහ පලතුරු 1,217,000 නිෂ්පාදනය කරන අතර ශ්‍රී ලංකාව තුල වසරකට..

බෝංචි ටොන් 89,966
බීට් ටොන් 51,004
කැරට් ටොන් 71,051
ගෝව ටොන් 111,141
නෝකෝල් ටොන් 19,502
ලීක්ස් ටොන් 51,330
රාබු ටොන් 63,137
තක්කාලි ටොන් 101,404

උඩරට එළවලු වශයෙන්ද

අළු කෙසෙල් ටොන් 81,200
පුහුල් ටොන් 8,920
බණ්ඩක්ක ටොන් 68,515
කරවිල ටොන් 47,611
වම්බටු ටොන් 129,212
මාළු මිරිස් ටොන් 32,307
පිපිඤ්ඤා ටොන් 43,942
වට්ටක්ක 123,261
පතෝල ටොන් 33,514
වැටකොළු ටොන් 46,124

පහතරට එළවලු ලෙසද නිෂ්පාදනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික පුද්ගල එලවලු අවශ්‍යතාවය ආසන්න වශයෙන් කිලෝ ග්රෑම් 100 පමණ වන අතර ශ්‍රී ලංකාවේ ආසන්න වශයෙන් එළවලු අවශ්‍යතාව ටොන් ලක්ෂ 18 ඉක්මවන අතර දැනට නිෂ්පාදනය වන එළවලු ප්‍රාමාණය ඇතැම් අවස්තාවලදී ජාතික අවශ්‍යතාවයට ප්‍රමාණවත් නොවේ. මෙවන් වාතාවරණයකදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය පිලිබඳ ඉතාමත් සියුම් මෙන්ම කල්පනාකාරී විසදුම් සෙවිය යුතු අතර ඉදිරි මාස කිහිපයතුල රටේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්නේ කෙසේදැයි මේ මොහෙතේ සිටම සැලසුම් කල යුතුය.

එයට මහජනතාව වන අපටත් සුළුවශයෙන් හෝ සහය විය හැක..
කෑමට යමක් අද අදම ගෙවත්තේ සිටවමු
අතිරික්ත ඇත්නම් කලතබාගැනීමට කටයුතු කරමු.. උදා කොස්, දෙල්, මයියොක්කා, අලවර්ග, වට්ටක්කා, වියලා කල්තැබීම ..

@Athathwika
312 views08:19
Open / Comment
2022-05-25 08:12:37

නොපෙනෙන ජල බලපෑම

මෙම අත්හදා බැලීමේ ප්‍රධාන අංගය වන්නේ වාතයට වඩා බර වායුවක් වන Sulphur Hexafluoride (SF6) ය.

Sulphur Hexafluoride (SF6) වාතය මෙන් පස් ගුණයක් ඝන වන අතර, එහි බර සහ ඝනත්වය හේතුවෙන් එය ද්‍රවයක් මෙන් හැසිරේ.

@Athathwika
647 views05:12
Open / Comment
2022-05-23 20:05:02 ඇමතිලාට රුපියල් 121 අපිට රුපියල් 420 යී
349 views17:05
Open / Comment
2022-05-23 19:52:40
Octane 92 1L - Rs 420.00
Octance 95 1L - Rs 450.00
Auto Diesel 1L - Rs 400.00
Super Diesel 1L - Rs 445.00

අද මධ්‍යම රාත්‍රියේ සිට...

@Athathwika

දැන් සැපද???
416 viewsedited  16:52
Open / Comment
2022-05-23 19:32:30 සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන...

උසස් තත්වයක් පෙන්වීම වෙනුවෙන්, මේ ආහාර වෙනුවට, අවමංගල උත්සවේටත් මංගල උත්සවයක වගේ ආහාර පිළිගන්වන රැල්ලක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා...

අපේ පැරැන්නන් මේ වට්ටෝරුව තෝරගත්තෙ ඇයි කියලා බලමු...

________________________________________

ශෝකය,භය,කාන්සිය,ආදී සිතුවිලිවලින් ⁣හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක, අසමතුලිත වන ශරීර ක්‍රියාකාරීත්වය සමතුලිත භාවයට පත්කරලා දෙන්න මේ කෑම වර්ග 3 ට පුළුවන්..

මේ ද්‍රව්‍ය 3න්ම සිරුරට අධිකව කැල්සියම් ලැබෙනවා.

හැඬීමෙන් සොටු,දහදිය,කඳුළු වැනි ශරීර දියර වර්ග පිට වෙන නිසා සිරුරට අවශ්‍ය ඛණිජ ලවණවල හිඟයක් මතු වෙනවා.. ඒ නිසා විජලන තත්වයක් ඇති වෙනවා..
මෙවැනි අවස්ථාවල මේ කෑමවල තියෙන කැල්සියම් සහ එක් කරන ලුණුවලින් ඒ අවශ්‍ය ඛණිජ ලවණ ලැබෙනවා..

අළුකෙසෙල්වල තියෙන ග්‍රාහී ගුණ නිසා දියර වර්ගවල වැගිරීම් අඩුකරලා දියර වර්ග කැටි කරනවා.. විජලනය දුරු වෙන ගමන්,සෙමත් නසනවා.. විෂ සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විෂත් සමනය කරනවා..

වට්ටක්කා, අලුකෙසෙල් දෙකම ගැස්ට්‍රයිටිස්වලට ඉතාම ගුණයි.. අවමංගල්‍යයකදි නිවැසියන්ට ආහාර අනුභව වෙන්නෙ ඉතාම අඩුවෙන්.. ඒ නිසා ඇතිවන අම්ල පිත්තය,ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධ විදියට වට්ටක්කා සහ අලුකෙසෙල් උපකාරී වෙනවා..

වට්ටක්කා පොත්තේ කැල්සියමි අධික බව සහ වට්ටක්කා වල බීටා කැරෝටින් අඩංගු බව සිරුරට අවශ්‍ය විටමින් A ලබා දෙනවා..

වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ස්වභාවය නිසා, ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣ දැනෙන්නෙ නැතිකම දුරු වෙලා කෑම රුචිය ඇති වෙනවා..
හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මලබද්ධයත් දුරු වෙනවා..

දින ගණනාවක් වුණත් නිරාහාරව හිටපු කෙනෙකුට පෝෂණය ලැබෙන ඉතාම පෝෂදායී ආහාරයක් විදියට වට්ටක්කා හඳුන්වන්න පුළුවන්..

බල කරවල ප්‍රෝටීන් බහුලයි. ශරීරයට විශාල ශක්තියක් ලබාදෙන්න ප්‍රෝටීන් බහුල ආහාරෙකට පුළුවන්..

මේවා පිසින්න යොදාගන්න පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබෙනවා..
මේදය හා විටමින් එකතු වෙද්දි, මේදයේ දියවෙන විටමින් වර්ග, පහසුවෙන් ශරීරගත වෙනවා..

මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති විශ්මිත හාස්කම්...

මෙවැනි වටිනා දේ මතු පරපුරටද ගෙනයන එක අපගේ වගකීමක්
...

@Athathwika
459 views16:32
Open / Comment
2022-05-23 17:31:35 හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. කොවිඩ් ව්‍යවසන වෙලාවෙ උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි කොවිඩ් කාලේ වගේම තවමත් ලංකාව පොඩ්ඩක් හරි දුවන්නේ.වර්තමාන ප්‍රශ්න. (තෙල් / විදුලි )එක්ක අපේ රටේ ඇගලුම් කර්මාන්තයද කඩා වැටුනහොත් අපිට වෙන්නෙ කියලා ඉවර කරගන්න බැරි පාඩුවක්

225 තෙල් ගැනයි...ගෙවල් ගැනයි...එයාලගෙ ව.න්දි ගැනයි හොයන වෙලා මේ වගේ දේවල් රැකගන්න මූලිකත්වය දෙන්න උත්සාහ කරන තරමට අපේ රටේ පා.ල/කයන්ට නුවන පෑදේවා
...

@Athathwika
1.2K views14:31
Open / Comment
2022-05-23 02:30:51 තෙල් පෝලිම් වල මුණගැහෙන චරිත

උනන්දුවා- ශෙඩ් එකේ තෙල් මට්ටම ගැන අවඨානයෙන් සිටි. අන් අය දැනුවත් කරයි

රොමා- වලි සීන් එකේ සිටී. මල්ලී බලන් හිටපන්, මැද්දෙන් ඔබයි. පෝලිම් පනින උන්ගෙන් ගේම ඉල්ලයි

නිදිකුම්බා- කට කපලා නිදිය. අනිත් වාහන් වල උන් සැරින් සැරේ ඇවිත් නැගිට්ටවිය යුතුය

බුකියා- තෙල් පෝලිම ගැන බුකියේ නිතරම අප්ඩේට් දමයි

ෆිල්ම් පිස්සා- සීට් එක කඩාගෙන කකුල් එලියට දමාගෙන ෆෝන් එකේ ෆිල්ම් බලයි

උපාසක- මැදියම් රෑ වුවද පිරිත් දමාගෙන අසයි

බෙබා- ඩිකියේ බෝතලේ තියාගෙන ගසයි. වටේ වාහන වල උන්ටද ශොට් එකක් දෙකක් දෙයි

ට්‍රැෆික් පොලිස්- පෝලිම් ඉස්සරහට යවයි. වාහන වල දිග පලල පිලිබද මනා අඅවබෝධයකින් යුක්තය

දාර්ශනිකයා- තෙල් ප්‍රශ්නයට විසදුම් යෝජනා කරයි

කඩිප්පුවා- පෝලිමේ කෙලවර සිට් ශෙඩ් එක දක්වාත්, ශෙඩ් එකේ සිට පෝලිමේ කෙලවර දක්වාත් නිතරම ඇවිදියි. යන ගමන් ඉන්න සෙට් එක අප්ඩේට් කරයි

අන්කල් චමින්ද- පුතා ටෝල්ක් එකෙන් කතා කරයි. සෑහෙන දැනුමක් සතුය. ආදී කාලේ දේවල් ගැන කතා කරයි

ප්ලග් එක- කලින් දැනගෙන සිටීම අදාල නැත. කෙලින්ම මචං ගාගෙන කතාවට සෙට් වෙයි. කතාව සෑහෙන කාලයක් සිට දන්නවා වගේය

ලෝඩ් පකීර්- අනිත් අය සමග කතා නැත. තනිවම වාහනේ AC දමාගෙන ඇතුලට වී සිටි. එලියට බහින්නේම නැත. හිනාවෙන්නේද නැත

දායකයා- බිස්කට්, බීම, තේ වැනි දෑ වලින් අහල පහල සෙට් එකටම සංග්‍රහ කරයි. පවුල් වල අයද ෆුල් සපෝට්‍ එක දෙයි. කෝපි වැනිදෑ සැරින් සැරේ ගෙදර ගොස් හදාගෙන එයි

අහිගුන්ටකයා- මුලු පවුලම වාහනේය. ගෙදර ඉන්නවා සේ කාලය ගත කරයි

පොලිටික්කා- පක්ශ විග්‍රහයක් කරයි. එක එක පක්ශ ආණ්ඩු කරන විදිහ කරයි. එක එක පක්ශ මේ ප්‍රශ්න විසදන විදිහ විග්‍රහ කරයි

සූදු අන්තුවා- කාඩ් පැක් එක හැම වෙලේම සාක්කුවේය. මල්ලී කාඩ් අතක් ගහමුද යන වචන හැම වෙලේම මුමුණයි

බවුසර් පිස්සා- එක් එක බවුසර වල ඨාරිතාව ගැන මනා අවබෝධයකින් යුක්තය. පහු කරගෙන යන බවුසරයක් දෙස බලා සුවදින් පෙට්‍ර්ල් ද ඩීසල්ද කියා කියයි

පෝලිමේ හිටපු එක දවසක්වත්, එපා වුනේ නැත්තේ මෙන්න මේ වගෙ සෙට් වෙච්ච සුපිරි චරිත නිසා. එකෙන්ම ආදරෙයි ලංකාවෙ උන්ට.


Copied - @Owadan_Page

@Athathwika
1.3K views23:30
Open / Comment
2022-05-22 20:00:00
ජීවිතේ හොඳම කාලේ පෝලිම් වල පැය ගනන් ගෙවිලා යද්දි, දවස ගානේ හැමදේම රුපියලෙන් රුපියල වැඩි වෙද්දි,

තමන්ගෙම ගෙයක් හදාගන්න, අලුත් වාහනයක් අරගන්න, අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න, රට වටේ ඇවිදලා සතුටින් ජීවත් වෙන්න දැකපු හීන බොඳ වෙලා යද්දි,

දිනෙන් දින බංකොලොත් වෙන හෙටක් ගැන අවිනිශ්චිත රටක තරුණ අය අනාගතයක් ගැන කොහොම හිතන්නද???

@Athathwika
322 views17:00
Open / Comment
2022-05-22 19:06:10
ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමේ 50 වන සංවත්සරය අදට යෙදී තිබේ.
1948 පෙබරවාරි 04 වැනිදා මෙරටට හිමිවුණේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි.

ඩොමීනියන් තත්ත්වය යටතේ ලංකාවේ රාජ්‍ය නායකත්වය බ්‍රිතාන්‍යයේ රජුට හිමි වූ අතර බ්‍රිතාන්‍ය රජුගේ මෙරට නියෝජිතයා ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කළේ ය.

එපමණක් ද නොව ‍ඩොමීනියන් තත්ත්වය යටතේ මෙරට ඉහළම අධිකරණ බලය හිමිවුණේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයටයි.

මෙවන් පසුබිමක 1970 වසරේ පැවැති මැතිවරණයෙන් සමගි පෙරමුණට, තුනෙන් දෙකක බලයක් සහිත රජයක් පිහිටුවීමට අවස්ථාව හිමිවිය.

ඔවුන්ගේ මැතිවරණ සටනේ ප්‍රධානම පොරොන්දුව වූයේ, ලංකාව බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් ජනරජයක් බවට පත් කිරීමයි.

ඒ අනුව සමගි පෙරමුණ රජයේ ප්‍රථම ප්‍රයත්නය වූ ජනරජ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා නීතිවිශාරදයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා මූලිකත්වය ගත්තේ ය.

එම පොරොන්දුව ඉටු කරමින් 1972 මැයි මස 22 දිනයේ පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගනිමින් මෙරට ජනරජයක් බවට පත් විය.

කෙසේවෙතත් ජනරජයක් බවට පත්ව වසර 50 පිරෙන අද දවසේ ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්ව තිබීම විශේෂ සිදුවීමකි.

@Athathwika
532 views16:06
Open / Comment