Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 33

2021-11-30 07:30:12 දින 07කින් එල්ලා මැරීමට නියම වුණු සිරකරුවෙක්ව ඔහුගේ අන්තිම දින 07 සඳහා වෙනත් හිරකූඩුවකට මාරු කරන ලදි...

වසර ගනනකින් හිරු එලියවත් නොදුටු ඔහුට ලැබුණු අලුත් කුටියත් කෑලි කැපිය හැකි කළුවර එකක් විය...

" හලෝ යාළුවා ඔයාට කොහොමද"

එහා සිර කුටියේ සිටි සිරකරු අලුතින් මාරු උනු සිරකරුගෙන් ඇසුවේය...

අලුතින් මාරු උන සිරකරුවාට පුදුම සතුටක් දැනුනේය...

ඒ තමන්ගෙ අවසාන දින කිහිපයේ හරි කතා කරන්නට කෙනෙක් හමුවීම ගැනය...

මෙලෙස මේ දෙදෙනා ඔවුන්ගේ විස්තර කතා කලහ, කල වැරදි පාපොච්චාරණය කලහ.

" මට ඔබවත් කතා කරන්න හම්බුණ එක හොඳයි, වසර 10කින් මං ඉර එලියක් දැකල නෑ, හැමදාම හිටියේ අඳුරු කාමරවලමයි, වෙලාවක්වත් හරියට මං දන්නෑ "

අලුතින් මාරුවුණ සිරකරුවා එසේ පැවසීය...

" මගෙ සිර කුටියේ තියෙනව පොඩි සිදුරක්, මට මේකෙන් පුලුවන් බලන්න පිටත ලෝකය,
දුක් වෙන්න එපා මිත්‍රයා මං ඔබට මේකෙන් බලල මං දකින දේ කියන්නම්"

පරණ සිරකරු අලුත් සිරකරුට පිළිතුරු දුන්නේය...

" සුභ උදෑසනක් මිත්‍රයා, දැන් උදේ 6ට විතර ඇති,
පුංචි ලමයි දෙන්නෙක් ස්කෝලෙ යනවා,
ඈතින් ඉර පායාගෙන එනවා හරිම ලස්සනයි,
ඈත තියෙන අඹ ගහක කුරුල්ලෙක් අඹ ගෙඩියක් කනවා"

මෙලෙස පරණ සිරකරු ඔහු දකින දේවල් අලුත් සිරකරුවාට පවසන්නට විය...

අලුත් සිරකරු ඒ සියල්ල නොදුටුවත් ඔහු කියන දේවල් අසා සිතින් මවාගන්නට විය.

ඔහුට පුදුම සැහැල්ලුවක් දැනිනි.

"දැං රෑ වෙලා,
අද පෝය දවසක් ඈත කන්දෙන් හඳ ලස්සනට පේනව,
සුදු ඇඳගත්තු මිනිස්සු ඈතින් පන්සල් යනව පේනව"

ඒ එදින රාත්‍රියයි.

"අද නම් වැහි දවසක්, මුලු අහසම අඳුරු කරල,
ආ ආ ඈතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කුඩයක් අස්සෙන් යනව තුරුල් වෙලා,
කෙල්ල රතුයි කහයි බෝල ගවුමක් ඇඳල"

ඒ දෙවැනි දිනයයි.

"මටත් මතක් වෙනවා ඉස්සර මං මගෙ ගෑණු ලමයත් එක්ක පාරවල් වල ඇවිදපු හැටි"

අලුත් සිරකරු පිළිතුරු දුන්නේය.

"අද නම් ස්කෝලෙ පොඩි ළමයි පෙරහැරක් යනව,
චූටි චූටි ළමයි මල් අරං කොඩි අරං පෝලිමට යනව හරිම ලස්සනයි මිත්‍රයා"

ඒ තෙවැනි දිනයි.

මෙලෙස පරණ සිරකරු තමන්
දකින සෑමදෙයක්ම අලුත් සිරකරුට පැවසුවේය.

අලුත් සිරකරු සියල්ල සිතින් වින්දේ පරණ සිරකරුට ස්තුති කරමිනි...

ඒ වසර ගණනාවක් නොදුටු ලෝකය ගැන අසා හෝ සතුටුවන්නට ඔහුට අවස්තාව ලැබුනු බැවිනි.

මේ ආකාරයෙන් හයවැනි දිනය උදාවිය.

අලුත් සිරකරු සිය මිතුරා ඇමතීය.

"යාලුවා ඔබට අද මොනවද පේන්නේ"

නමුත් පැරණි සිරකරුගෙන් පිලිතුරක් ලැබුනේ නැත.

ඒ නිසා ඔහු කෑම ගෙනත් දීමට පැමිණි ජේලර්වරයාට මෙසේ කීවේය.

"අසනීපයක්වත්ද එහා පැත්තේ සිරකරුවාට ඔහු කතාවත් කරන්නෑනේ"

"එයාව අද උදේ එල්ලලා මැරුවා"

ජේලර්වරයාගේ පිළිතුරෙන් අලුත් සිරකරුවා අන්දමන්ද විය...

මන්ද පරණ සිරකරු එල්ලාමැරීමට නියම වූවෙක් බව ඔහු කිසිදා නොසිතීය...

"අනේ එහෙනම් මාව ඒ කුටියට දාන්න පුලුවන්ද"

ඔහු ජේලර්වරයාගෙන් ඉල්ලා සිටියේය.

"ඒ මොකටද"

" ඒ කුටියේ පොඩි සිදුරක් තියෙනවලු මට අද දවස විතරක්වත් ඉර එලියක් දැකගන්න ආසයි"

එසේ පවසා සිරකරු විසින් පහුගිය දවස් කිහිපයේ අනිත් සිරකරු පැවසූ දෑ ජේලර්වරයාට පැවසුවේය.

මෙය අසා සිටි ජේලර්වරයාගේ ඇස් වලින් කඳුලු කඩා වැටිනි.

" ඒ කුටියේ එහෙම සිදුරක් නෑ,
මේ සිරගෙදර තියෙන අපිරිසිදුම කුටිය ඒක,
ඒ වගේම ඒ හිටපු සිරකරුවගෙ ඇස් 02ම පේන්නෑ,
ඔහු කරල තියෙන්නේ අවුරුදු ගනනකින් ඔබ වටපිටාව දැකල නෑ කීව නිසා ඔබේ හිත හදන එක"

මොහොතක් සිතන්න....

අපිට ජීවිත කාලය තුලදී තමන්ගේම අයගේ සතුට වෙනුවෙන් යමක් කිරීමට කොපමණ අවස්තා ලැබී තිබෙනවාද?

නමුත් අපි ඒ අතරින් උත්සහ කර ඇත්තේ කීවතාවක්ද?
එසේනම් අන් අය, පිට මිනිසුන් ගැන කවර කතාද?

කෙනෙකුගේ සිතක් හැදීමට ඔහුගේ දැනහැදුනුම්කම් වලින් වැඩක් නැත...
වැදගත් වන්නේ අපිට පුලුවන්කම තිබියදීත් එය කලාද නැද්ද යන්නයි...

එය කිසිවක් බලාපොරොත්තුවෙන් නොව තම ආත්ම තෘප්තිය වෙනුවෙනි...

තවකෙකුට උදව්කිරීම යනු මුදල්ම නොවේ...

ඔබෙන් ලැබෙන එක සිනහවක්, එක වචනයක්, උපකාරයක්, තවකෙකුට ඒ මොහොතේ වටිනාම දෙය විය හැකිය....

Copied

@best_m_otivation
#questions
#motivation
799 views04:30
Open / Comment
2021-11-28 13:39:35 මගෙ තාත්තා හම්බුනා..ඔයාලා හැමෝගෙම මහන්සිය,ආශිර්වාදය,ආදරය නිසා තමයි මට මෙච්චර ඉක්මනට මගෙ තාත්තාව හොයාගන්න පුළුවන් උනේ..එක දවසකින් මං හොදටම තේරුම්ගත්තා මගේ පුංචි රටේ මිනිස්සු මොනවගේද කියලා..ගොඩාක් අය කියනවා තාක්ෂණයෙ දියුණුව නිසා තමයි මෙච්චර දෙයක් කරගන්න පුළුවන් උනේ කියලා..ඒත් මං නම් කියන්නේ තාක්ෂණය කොච්චර දියුණු උනත් වැඩක් නෑ මිනිස්සුන්ගෙ හිත් දියුණු නැත්නම්..මං කොච්චර posts හැදුවත් කොච්චර social medias තිබ්බත් වැඩක් නෑ share කරන්න කවුරුත් නැත්නම්..මට එක දවසින් තේරුණා අපි එක රටක් නෙවෙයි එක පවුලක් කියලා ...කවදාවත් අපිව දැකලවත් නැති ඔයාලා හැමෝම මගේ තාත්තා ඔයාලගෙම තාත්තා කියලා හිතාගෙන ඊයෙ රෑ එළිවෙනකන් තාත්තාව හොයන්න මහන්සි උනා..කියන්න වචන නෑ මට..ඔයාලට මං කොච්චර පිං දුන්නත් මදි දෙයියනේ..ආදරෙයි හැමෝටම ..මොනදේ වෙනස් උනත් අපේ යක්කයින්ගෙ ලස්සන හිත් නම් තාම වෙනස් වෙලා නෑ ..
අනිත් දේ තමයි මට උදව් කරපු ගොඩක්ම යාලුවො මේ පාර A/l කරන්න ඉන්න අය..එයාලා exam එක ගැනවත් හිතන්නෙ නැතුව හැමදේම පැත්තකින් තියලා මගෙ තාත්තව හොයන්න ගොඩක් මහන්සි උනා..ආදරෙයි හැමෝටම ..ගොඩාක් පිං ..ඔයාලා හැමෝටම හොදම හොද result එකක් එන්න ඕනි..එන්න ඕනි නෙවෙයි එනවා..මේ කරපු පිං වලට වරදින්නෑ ඔයාලට කවදාවත්..ඔයාලගෙ හිත් හරි ලස්සනයි..හැමදාම ඒ හිත් පරිස්සම් කරගන්න..අපිට පුළුවන් වෙයි ළගදිම අපේ චූටි රට දිව්‍යලෝකයක් කරන්න ...අන්තිම වතාවටත් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩාක් පිං හැමෝටම ..ඔයාලා හැමෝටමත් ඕනිම වෙලාවක ඕනිම දේකදි ඕනිම උදව්වක් කරන්න මං ඉන්නවා..
1.2K views10:39
Open / Comment
2021-11-28 09:30:32
@best_m_otivation
#daydream
270 views06:30
Open / Comment
2021-11-28 07:30:04 "මං ජීවත් වෙනවා කිවුවේ මං ආස දේවල් කරන එකට. හුස්ම ගන්නවා කියන්නේ ජීවත් වෙන එකම නෙවෙයිනේ."
-පොලියානා-

ඇත්ත....
හුස්ම වැටෙන නිසා ඔහේ හුස්ම අරං කාට හරි ඕන විදිහට ජීවත් වෙලා, අනිත් අය කියන ඒවට බයේ තමන්ව හිර කරන් මැරිලා යන එක නෙවෙයි ජීවීතේ කියන්නේ.

ආස දේවල්, කැමති දේවල්, හීන වගේ තියෙන දේවල් කරන්න.

නටන්න ආස නම් නටන්න.
සිංදුවක් කියන්න ඕනා නම් කියන්න.
tiktok එකක් කරලා බලන්න ආස නම් කරන්න.
හදන කෑම බීම ලස්සනට photo එකක් ගහලා අනිත් අය එක්ක බෙදා ගන්න කැමති නම් ඒක කරන්න.
හිතේ සිතුවිලි ලියලා කාට හරි ප්‍රයෝජනයක් වෙන්න share කරන්න හිතෙනවා නම් කරන්න.
කැම්පස් යන්න ඕනා නම් ඒකට වැඩ කරන්න.
කසාදයක් බඳින්නේ නැතිව තනිකව ජිවීතේ විඳින එක සැපයි වගේ නම් ඒකත් මරු.
Marry කරලා බබාලා ටිකක් එක්ක පවුල් ජිවීතයක් ගත කරන්න ඕනා නම් ඒකත් නියමයි.
ස්වාධීන වෘත්තියක් කරන එක නම් හීනය ඒ හීනේ සැබෑ කරගන්න.
Travel කරන්නම නම් හිත ඒක කරන්න.
Tatoo එකක් ගහන්න, කොන්ඩේ clour කරන්න, නහයට කරාබුවක් දාන්න, fashion කරන්න ඕනා නම් ඒවා කරන්න.

'අනේ මට මෙහෙම කියයි' 'මං ගැන මොනවා හිතයිද' 'එයා කැමති නෑනේ අනේ' 'අරයාගෙන් බර බරේ'........
මේ වගේ සමාජෙට බයේ ඔයාගේ ජීවිතේ සතුට නැති කර ගන්න එපා.

තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න. ආසාවන් හිර කර ගැනීම ජිවීත වලට අහිතකර ලෙස බලපානවා.
විශේෂයෙන් තමන්ට කරන්න ඕනා වුන ඒත් මේ හිරවීම නිසා කරන්න බැරි දේවල් අනිත් අය කරද්දි කුහකකම, ඉරිසියාව, සමාජ වෛරය ඇති වෙන්න වුනත් පුලුවන්.
පස්සෙ හූල්ල හූල්ල ඉන්න වෙන ජීවීත ගෙවන්න එපා.

ඔයා කරන දේවල් වලින් වෙනත් කෙනෙක්ට හානියක් නැත්නම්, නීතියට පටහැනි නැත්නම් කිසිම අවුලක් නෑ.
කොච්චර පුංචිම දෙයක් වුනත් ඒක ඔයාව සතුටින් තියනවා නම් ඒකට වලංගුතාවයක් දෙන්න.

ඔයා කරන කියන දේවල් වලින් කිරන්න, මනින්න, ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නෑ.
එහෙම කරත් ඒ දේවල් ඔයා අදාළ කර ගන්නම එපා.
අනුන්ගේ පද වලට නැටවෙන්න එපා.

පොලියානාගෙන් ඉගෙන ගන්න. හිත ඇතුලෙන් ඉල්ලන ආස කරන දේවල් කරන්න. හිතේ සතුටින් හෘද සාක්ශියට අවංකව ජීවත් වෙන්න.

අසතුටින් හිර වෙලා ඉන්න මිනිස්සු මේ ලෝකයට තවත් එපා. ලෝකයට ඕනා සතුටින් ඉන්න තෘප්තිමත් මිනිස්සු.

මංතාරා
(කරුණාකර උපුටා ගැනීමේදි කතෘ අයිතිය සුරකින්න)

Copied

@best_m_otivation
#questions
#motivation
#lifetips
669 views04:30
Open / Comment
2021-11-28 05:30:13 ඉවසන්න.දරා සිටින්න.දිනක ඔබට ලොවම හිස නමනු ඇත.__

@best_m_otivation
#lifetips
894 views02:30
Open / Comment
2021-11-27 18:30:28 ඔබව ඔබේ සහකරුට ප්‍රමාණවත් නොවන්නේ යැයි අනවශ්‍ය බියකින් පසු වේ ඔබ මානසික රෝගයකින් පෙළේ___

මෙය හැඳින්වෙන්නේ ඇටිසිෆෝබියා (Atychiphobia)ලෙස ය___

@best_m_otivation
#sweet_evening
#psychology
#Do_u_know
1.3K views15:30
Open / Comment
2021-11-27 18:30:22
@best_m_otivation
#memes
1.3K views15:30
Open / Comment
2021-11-27 18:30:17
@best_m_otivation
#todaythought
1.3K views15:30
Open / Comment
2021-11-27 09:30:11
@best_m_otivation
#daydream
745 views06:30
Open / Comment
2021-11-27 09:27:58
@best_m_otivation
#memes
761 views06:27
Open / Comment