Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 2

2022-06-14 06:14:37
1.8K views03:14
Open / Comment
2022-06-13 19:09:56 MOTIVATION FOREVER pinned Deleted message
16:09
Open / Comment
2022-06-06 07:01:02 උදෑසන අවදිවෙන විට ආතතියක්, කනස්සල්ලක්, ‍යම් බියක්, තිබීම ඇතැම් අය තුළ තිබෙන ගැටලුවක්. සරළ විදිහට කියනවා නම්, දවස ගැන එපා වෙලා වගේ තමයි උදේට නැගිටින්නේ. එම තත්ත්වයට කියන්නේ morning anxiety කියලා.

අපි බලමු උදෑසන අවදිවන විට morning anxiety තත්ත්වය තිබෙන පුද්ගලයෙකු තුළ සිදුවන දේවල් මොනවාද කියලා.
⁃ තෙහෙට්ටුවක් දැනීම
⁃ ආතතියක් ඇතිවීම
⁃ කළබලකාරී බව
⁃ නුරුස්සනා බව
⁃ ඍණාත්මක සිතුවිලි
⁃ දවස ගැන යම් බියක් තිබීම
⁃ තෘප්තිමත් බාවයක් නොමැති බව
⁃ කනස්සල්ල, කළබලකාරී බව පාලනය කරගැනීමට නොහැකි වීම
⁃ හුස්ම ගැනීමට අපහසු වීම
⁃ හෘද ස්පන්දනය වේගවත් වීම

ඒ වගේ උදේ නැගිටින්න සිදුවීම ලොකූ කරදරකාරි බවක් වගේ දැනෙනවා.
Morning anxiety තත්ත්වය mental disorder එකක් ලෙස හඳුන්වන්නේ නැහැ. ඒක general anxiety disorder හෝ වෙනත් මානසික රෝගයක මූලික ලක්ෂණයක් ලෙස තමයි බොහෝ විට ඇති වෙන්නේ. අපි දැන් බලමු morning anxiety තත්ත්වය ඇතිවීම කෙරෙහි බලපාන්න පුලුවන් හේතු කාරණා මොනවාද කියලා.
⁃ එදිනෙදා වැඩකටයුතු අධික බව
⁃ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටීම
⁃ සබඳතා වල පවතින ගැටලු
⁃ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම
⁃ පවුලේ ගැටලු
⁃ ආර්ථිකමය ගැටලු
⁃ ජීවිතයේ සිදුවන විවිධ වෙනස් වීම්
⁃ ශාරීරික රෝගාබාධ
⁃ ඍණාත්මක අත්දැකීම්
⁃ මානසික රෝගී තත්ත්වයන් ( general anxiety disorder, depression, bipolar disorder)

දැන් අපි බලමු morning anxiety තත්ත්වය පාලනය කරගැනීමට අපට කරන්න පුලුවන් දේවල් මොනවාද කියලා.
⁃ ප්‍රශ්න ගැනම, පීඩාවන් ගැනම කල්පනා කරමින් නින්දට යන්න එපා.
⁃ ආතතිමය තත්ත්වයන් වලට, ගැටලු වලට නිසි විසඳුම් ඉක්මනින් ලබාගැනීම සිදුකරන්න
⁃ දුම්පානය නොකිරීම
⁃ මත්පැන්, caffeine අඩංගු පානයන් හැකිතාක් සීමා කිරීම
⁃ ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම
⁃ ජීවිතයට පැහැදිලි අරමුණු ඇතිකර ගැනීම
⁃ එදිනෙදා වැඩකටයුතු හොඳ සැළසුමක් අනුව සිදුකිරීම
⁃ ධනාත්මක ලෙස ජීවිතය ගැන සිතීම
⁃ විනෝදාංශ කටයුතු වල නිරත වීම
⁃ ව්‍යායාම වල නිරත වීම
⁃ තමන්ට කැමැත්තෙන් කරන්න පුලුවන් වැඩකටයුතු වල නිරත වීම
⁃ පෝෂ්‍යදායි ආහාර නිසි ලෙස ලබාගැනීම

ඉතින් ඒ වගේ දේවල් morning anxiety තත්ත්වය පාලනය කරගැනීමට ඔබට සිදුකරන්න පුලුවන්.
නමුත් තමන්ට තනිවම morning anxiety තත්ත්වය කළමනාකරණය කරගැනීමට නොහැකි නම්, හොඳම විසඳුම තමයි මනෝ උපදේශන සහය ලබැගැනීමට යොමුවීම.

Avishka Sathsara Piyumal

@best_m_otivation
#questions
#psychology
773 views04:01
Open / Comment
2022-06-04 16:45:18
@best_m_otivation
#todaythought
1.0K views13:45
Open / Comment
2022-06-04 11:30:15
ශිෂ්ටාචාරයේ රහස්

𝚂𝚛𝚒 𝚕𝚊𝚗𝚔𝚊𝚗 𝚏𝚒𝚛𝚜𝚝 𝚝𝚎𝚕𝚎𝚐𝚛𝚊𝚖 𝚌𝚑𝚊𝚗𝚗𝚎𝚕.

ඔබ නොදත් එහෙත් දැන ගත යුතු ශිෂ්ටාචාරයේ රහස් දැනගන්න.

අභිරහස් ශිෂ්ටාචාර

අභිරහස් සතුන්

ආදී තවත් ගොඩාක් දේවල් දැනගන්න දැන්ම සෙට් අපිත් එක්ක.

@Secrets_of_civillation
978 views08:30
Open / Comment
2022-06-04 08:30:49 ඔයාටම ඔයාට ආදරය කරන්න හිතෙන විදිහට වැඩ කරන්න.

ඉගෙන ගන්න.
Skill එකක් develop කර ගන්න.
ආදායම් මාර්ගයක් හදා ගන්න.
ප්‍රියමනාපව ඉන්න.
ඉඳලා හිටලා හරි මූණට facial එකක් කර ගන්න.
කෙස්ගහේ ඉඳන් කකුලේ නියපොත්ත වෙනකන් පිරිසිදුව ඉන්න.
තමන්ටම අවේණික fashion trend එකක් හොයා ගන්න.
අනාගතය ගැන plan එකක් හදා ගන්න.
පවුලත් එක්ක රැඳෙන්න.
ළඟම circle එකත් එක්ක open වෙලා ඉන්න.
ආස කරන කෑම කන්න.
පොතක් කියවන්න, චිත්‍රයක් අඳින්න, හුරතල් සතා එක්ක කතා කරන්න විවේකයක් ලබන්න.
Weekend එකට film එකක් බලන්න.
යන්න ආස කොහේ වුනත් යන්න.
අලුත් දේවල් අත් හදා බලන්න.
තමන්ටම තෑගි ගන්න.
නොගැලපෙන මිනිස්සුන්ගෙන් හිත හොඳින් අයින් වෙන්න.
ආදරණීය බැඳීම් ලඟ ආදරෙන් ඉන්න.
ස්වාධීනත්වය තියා ගන්න.
තමන් වෙනුවෙන් පෙනී ඉන්න පෞර්ෂයකින් යුත් වෙන්න.
මොන වගකීම කරට ගන්න වුනත් "හනේ අනේ" නොකියා ඒක ඒ වෙලාවට කරන්න පුලුවන් smart කෙල්ලෙක් වෙන්න.

Most importantly,
අතපය හතර හොඳට තිබ්බත් හැමදේටම කාගෙන් හරි අවසරයක් ගන්න ඕනා වෙන මනසින් අබ්බගාත කෙනෙක් වෙන්න එපා. කොහේ හරි ඉන්න කුන්ඩවාලයකට රැවටිලා ආස කරපු හීන උපන් ගෙයි මරා ගන්න එපා.

It's your life my darling.
Enjoy it.

ඔයාටම ඔයා ගැන ආදරය හිතෙන කෙල්ලෙක් වෙන්න.

Date yourself.
ඒක හරිම ආස හිතෙන වැඩක්.

Copied...

@best_m_otivation
#motivation
1.4K views05:30
Open / Comment
2022-06-03 08:53:58 රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් භුක්ති විඳීමට පුතෙක් තම පියාව අවන්හලකට රැගෙන ගියේය. ඔහුගේ පියා තරමක් වයස්ගත වන අතර ඒ නිසා තරමක් දුර්වලය. කමින් සිටියදී ඉඳහිට කෑම කමිසයට සහ කලිසමට වැටුණි. අනෙක් අමුත්තන් පිළිකුල් සහගත මුහුණුවලින් මහලු මිනිසා දෙස බලා සිටියද ඔහුගේ පුතා සන්සුන් විය. ඔවුන් දෙදෙනාම කෑම කා අවසන් වූ පසු පුතා නිහඬවම පියාට උදව් කර ඔහුව වැසිකිලියට රැගෙන ගියේය. ඔහුගේ මුහුණෙන් ආහාර කැබලි පිරිසිදු කර ඔහුගේ ඇඳුම්වල ආහාර පැල්ලම් සෝදා ගැනීමට උත්සාහ කළේය, කරුණාවෙන් ඔහුගේ පැසුණු හිසකෙස් පීරා අවසානයේ ඔහුගේ කණ්නාඩි පැළඳ සිටියේය.
ඔවුන් විවේකාගාරයෙන් පිටව යද්දී ආපනශාලාව තුළ දැඩි නිශ්ශබ්දතාවයක් රජ විය. පුතා ඔවුන්ගේ බිල ගෙවූ නමුත් ඔවුන් පිටත්ව යාමට මොහොතකට පෙර, වයසක මිනිසෙක් නැඟිට, “ඔබ මෙහි යමක් තබා ඇතැයි ඔබ සිතන්නේ නැද්ද?” කියා මහලු මිනිසාගේ පුතාගෙන් ඇසීය.
තරුණයා පිළිතුරු දුන්නේ "මම කිසිවක් ඉතිරි නොකළෙමි."
එවිට ආගන්තුකයා ඔහුට කතා කොට, ”ඔබ මෙහි සෑම පුතෙකුටම පාඩමක් සහ සෑම පියෙකුටම බලාපොරොත්තුවක් ඉතිරි කළා.”

අපිව බලාගත්ත අයවත් බලාගන්න පුළුවන් වීම තමයි තියෙන ලොකුම ගෞරවයක්. අප වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් දිවි පිදූ අපගේ දෙමාපියන්ට මෙන්ම වැඩිහිටියන්ටද අපගේ උපරිම ගෞරවය හිමිවිය යුතුය.

@best_m_otivation
#todaythought
1.8K views05:53
Open / Comment
2022-06-02 08:31:01 "බතලි, තඩියා,කොටා,රිටා,පෙන්දා"

අපි මිනිස්සුන්ව හඳුන්වන්න පුරුදු වෙලා ඉන්නේ ඔවුන්ගේ අඩුපාඩුවලින්..

හැබැයි ඒක අපිට විහිලුවක් වුණාට
ඒ විහිලුවට ලක්වෙන කෙනාට මොනතරම් මානසික පීඩාවක්ද කියල අපි දන්නේ නෑ

Joanna Joseph කියන්නේ අන්න ඒ විදියට සමහරවිට ඊටත් වඩා සමච්චලයට ලක්වුණ කෙනෙක්

අවුරුදු 7දී කිලෝ හැටක් ඉක්මවූ බරක් තිබුන මැය අවුරුදු 13දී කිලෝ 103ක බරක් තිබුණ දැරියක්

ඒ නිසා යහලුවෝ, නෑදෑයෝ, අසල්වැසියෝ වගේම ඇයට එදිනෙදා හමුවන හැම කෙනෙක්ම ඇයට සමච්චල් කරන්නත්, කොන් කරන්නත් පටන් ගත්තේ බතලි, තාර බැරල් එක,අලි කෙල්ල වගේ වචන යොදා ගනිමින්

මේ සමච්චලයට ලක් කිරීම් ඇයට කොයිතරම් වේදනාකාරී වුනාද කියනවනම් ඇය මානසික ආතතියට ගොදුරු වුණා

ඒ කාලේ තමයි ඇය කල්පනා කරන්නේ සමාජයේ අපහාස හමුවේ ජීවිතෙන් පලා යනවද, ඒවට ජයග්‍රාහීව මුහුණ දෙනවද කියල

වාසනාවට ඇය තෝරගන්නේ දෙවැන්න

ඇය ආහාර පාලනය, ව්‍යායාම හරහා තමන්ගේ බර කිලෝ 56කට අඩු කරගන්න සමත් වෙනවා

ඒත් ඇයට ලැබුණ ගැරහුම් නම් අඩුවක් වුණේ නෑ

මොකද සමාජය වට්ටන්න හදපු ඇය නැගිටිනවට සමාජය කැමති වුනේ නෑ

ඒ නිසා "බැරල් කෙල්ල කුඩු ගහල කෙට්ටු වෙලා" කියල තමන්ගේ ඉරිසියාව පිට කරගන්න ඔවුන් උත්සහ කරා

හැබැයි ඒවා කනකටවත් නොගත්ත Joanna ඇගේ රූපයට සමාජය විසින් වටිනාකමක් දෙන්න ඕන කියල හිතල නිරූපන ක්ශේත්‍රය තෝරාගත්තා

ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඇය 2018 වසරෙදි miss India Worldwide ලෙස කිරුලු පැලැන්දා

රූපය නිසාම සමාජයෙන් නිග්‍රහ විදපු Joanna රූපය නිසාම සමාජයේ පැසසුම් ලබන තත්වයට ඇවිත් ඇගේම දෛවයට අභියෝග කරා

මේ වනවිට ඇය තමන් වගේම රූපය නිසා නිග්‍රහයට ලක්වෙන දැරියන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට දිරි දෙමින් කටයුතු කරනවා

"ලෝකයම මට වෛර කරද්දී මාත් මට වෛර කරගත්තා..හැබැයි අන්තිමේදී මම තීරණය කරා ලෝකය කෙතරම් මට වෛර කරත් මම මට වෛර කරන්නේ නෑ කියලා..ලෝකය කෙසේ ඔබව දැක්කත් ඔබ ඔබටම ආදරය කරන්න" මේ ඇය අපිට දෙන පණිවිඩිය යි.

ඡායාරූප අන්තර්ජාලයෙන්..

Copied

ලිපියේ සම්පුර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් හිමිකරුට

@best_m_otivation
#motivation
2.2K views05:31
Open / Comment
2022-06-02 08:30:44
2.6K views05:30
Open / Comment
2022-06-01 09:30:44 ලෝකෙ ඉස්තරම්ම පානය ලංකාවේ...

මම ඉස්පිරිතාලෙ ඇඩ්මිට් වෙළා ඉන්න කොට ඉන්දියාවෙ දොස්තර කෙනෙක් මගේ ලෙඩ පරීක්ෂණය කරල මගේ රට කොහෙද කියල ඇහුවා.
මම කිව්වා ශ්‍රී ලංකා කියලා. ඒ පාර දොස්තර මහත්තයා කිව්වා ඔයාලාගෙ රටේ හොදම බෙහෙත් වතුරක් තියාගෙන ඔයාල රොඟවලින් දුක් විඳනවා කිය මෙන්න මෙහෙම කතාව ආරම්භ කලා.

ඔබ දන්නවද ලංකාවට ආවේනික පානයක් තියෙනවා ඒ සුපිරි පානය තියාගෙන ඔබලා ලෙඩ වෙනවා කියල ලෝකෙ හොඳම පානය ලංකාවෙ තියෙන තැඹිලි වතුරේ හා ලොඳ බවත් පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් හා ස්වාභාවික පැනිරසය හා
මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, වගේ දේවල තියෙන නිසා හාට් එකේ ඇතිවෙන අහිතකර කොලෙස්ටරෝල් ඉවත්කර හාට් එකට අවශ්‍ය හොද තෙල් නිපැයුම තැඹිලි වතුරේ කෙරෙන බවද දැන් අලුත්ම පර්යෙෂණයේ වලින් සොයාගෙන ඇති බව ඔබ දන්නවාද.

තැඹිලි වතුරෙහි තියෙන අධික ඛනිජ ලවණ නිසා හෘදයාබාධ හා අධික ප්‍රෂර් එක වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් සොයාගෙන අති බවත් කිව්වා.

එ විරක් නෙවෙයි වකුගඩුවේ හා මුත්‍රාෂයේ රැඳෙන රොඩු ඉවත් කිරීමෙන්ම මත්පැන් පානය කරන අයගේ වස විස ඉවත් කර වකුගඩු ආරක්ෂා කිරීමේ ශක්තිය මේ තැඹිලි වතුරේ තියෙනවා වගේම රෝගීන් හා මහලු අය ගන්තා බර අධික ආහාර ඉක්මනින්දි රවීමේ ශක්තියක්ද තියෙන බවත් වයසට යාම වළක්වා තරුණ තම රැක දෙන ශක්තියක්ද තැඹිලි වතුරේ ඇති බවත් දියවැඩියාව, ප්‍රෙෂර් , මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වන බවත්
මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය කුරුම්බා වතුරේ සහ තැඹිලි වතුරෙහිද තියෙන බවත් ලොකෙ ස්තරම්ම පානය තැඹිලි වතුර බව සඳහන් කලා..

උපුටා ගැනීමකි....

@best_m_otivation
#socialknowledge
531 views06:30
Open / Comment