Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 10

2022-02-18 13:00:39 දිය ඇල්ලක් අසල photo ගන්න යන්න එපා කියන්නේ මේ නිසයි

මේ අර Pre-shoot එක කරන්න ආපු කපල් එකේ පිරිමි ලමයා වතුරට වැටෙන්න කලින්, වෙන කෙනෙක් ගත්ත අහඹු photo එකක්. එකේ මේ photo එක දැකපු ගොඩ දෙනෙක් කියලා තිබුන පීනන්න දන්නේ නැතිව ඇති, එතන එච්චර ගැඹුරු පාට නෑ කියලා. නෑ දෙකම වැරදි. එකක් වැස්ස අඩු කාලෙකදි පොඩියට පෙනුනට, දිය ඇල්ලක් ආසන්නයෙදි වේගයෙන් වැටෙන වතුර කඳ නිසා ඉතා ගැඹුරට හෑරිලා තියෙනවා. අනික තමා භයානකම දේ...., දිය ඇල්ලක් අසල ජලය නිතරම මේ කඩා හැලෙන ජල කඳ නිසා ඉතා හොඳින් වාතනය වෙනවා.. ජලයේ මිශ්‍රවන වාතය ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහලයි. එතකොට ජලයේ ඝනත්වය ස්‍රීග්‍ර ලෙස අඩු වෙනවා. ජලයේ ඝනත්වය ආසන්න ලෙස 1000 kg/m3 යි, වාතය 1.2 kg/m3 ක් පමණ. ඉතින් හිතන්න වාතය පොඩ්ඩක් මිශ්‍ර වෙච්ච් ගමන් ජලයේ ඝනත්වය අඩුවෙන ප්‍රමාණය ? මේ නිසා හොඳ පිහිණුම්කරුවෙකුටවත් ජලයෙන් ඔහු බලාපොරොත්තුවෙන උඩුකුරු තෙරපුම ලැබෙන්නෙ නැහැ... ඒක හරියට කවුරුහරි ගොඩනැගිල්ලකින් පැනල වාතය තුල පීනන්න හදනව වගේ.. මේ දේවල් උසස් පෙළ භෞතික විද්‍යාව කරන ලමයිගෙ ඉඳල ඉහලට අය දන්නවා, නමුත් සාමාන්‍ය ජනතාවත් මේ පිලිබඳව දැනුවත් විය යුතුයි. එහෙම හිතලයි වෙලාව අරගෙන මේක ලිව්වෙත්. කවදාවත් දිය ඇල්ලක් ආසන්නයටම ගිහින් අවදානමක් ගන්න එපා. කිසිම වැඩකදි 'අනාරක්ශිතව' ජීවිත අවධානමක් ගන්න එපා. Close call එහෙමත් නැත්නම් Near miss විදියට විශ්වවිද්‍යාල වල Health & safety යටතේ මේව උගන්වනවා. විදුලිය සමග වැඩ, heavy tools ක්‍රියාකරවිමේදි වගේ උනත් පොඩි වත් අවධානමක් ගන්න එපා.. පොඩ්ඩ වැරදුනොත්....

Copied

@best_m_otivation
1.7K viewsedited  10:00
Open / Comment
2022-02-18 13:00:39
2.1K views10:00
Open / Comment
2022-02-18 09:30:20
@best_m_otivation
#daydream
1.7K views06:30
Open / Comment
2022-02-18 08:30:40
@best_m_otivation
#todaythought
1.7K views05:30
Open / Comment
2022-02-17 18:35:56 මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද??
ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්!

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි..

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා..
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ..

ලොකු ගානක් නේද??

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි.

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්.

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට!

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
1.1K views15:35
Open / Comment
2022-02-17 15:30:58 පුද්ගලයන් වැඩියෙන් සිනාසීම මෙන්ම අන් අයව වැඩියෙන් සිනහ ගන්වයි නම් ඔවුන් වඩා තනිකමෙන් ජීවත් වේ.__

@best_m_otivation
#sweet_evening
#psychology
#Do_u_know
1.3K views12:30
Open / Comment
2022-02-17 09:30:17
@best_m_otivation
#daydream
1.6K views06:30
Open / Comment
2022-02-17 08:31:00
@best_m_otivation
#todaythought
2.1K views05:31
Open / Comment
2022-02-16 15:30:35 අනවශ්‍ය ලෙස සිතීම බියෙහි කොටසකි.බිය වැඩි වන්නේ ඔබේ පැරණි මතක,වේදනාත්මක හැඟීම් හා මනෝලෝක නිසාවෙනි.__

@best_m_otivation
#sweet_evening
#psychology
#Do_u_know
1.1K views12:30
Open / Comment
2022-02-16 12:10:08 Share and support
1.4K views09:10
Open / Comment