Get Mystery Box with random crypto!

MOTIVATION FOREVER

Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER M
Logo of telegram channel best_m_otivation — MOTIVATION FOREVER
Channel address: @best_m_otivation
Categories: Education
Language: English
Subscribers: 3.43K
Description from channel

එන්න අපි අලුතින් පටන් ගමු...ජීවිතය විඳිමු...🥳🖐
𝐓𝐡𝐞 𝐁𝐢𝐠𝐠𝐞𝐬𝐭 𝐏𝐬𝐲𝐜𝐡𝐨𝐥𝐨𝐠𝐲 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰❤️
🔥Psychology
🔥Motivation
🔥Exam tricks
Our mission : promoting positivity
Contact us : @Motivation_friend_bot

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

1

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 3

2022-05-23 05:55:33
@best_m_otivation
1.4K viewsedited  02:55
Open / Comment
2022-05-22 21:30:20
අද දවසෙ ඔයාලා මුහුන දෙන්න යන්නේ අනාගතේ ඔයා කවුද වෙන්නෙ කියන එක තීරණය කරන තීරණාත්මකම විභාගයට....

ඉතින් පුංචි ඔයාලට ඔයාලගෙ ජීවිතේ මේ තීරණාත්මක අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියල MOTIVATION FOREVER අපි හදවතින්ම සුබපතනවා....

ඔයාගෙ උපරිමයෙන්ම උත්සහ කරන්න, ඕනිම අභියෝගයක් ජයගන්න පුලුවන් එතකොටයි....

එහෙනම් කට්ටිය හොදටම කරල එන්ඩෝ...

Good Luck....


@best_m_otivation
1.5K views18:30
Open / Comment
2022-05-22 05:09:05 කෑ ගහලා අඬන්න හිතෙන වෙලාවකත් දුක තද කරගෙන මුකුත් නොවුන ගානට හිනා වෙන්න පුලුවන් වුන දාට,

පිහියෙන් අනින්න තරම් තරහක් තියෙන මිනිස්සුන්ටත් අතට අත දීලා කතා කරන්න පුලුවන් වුන දාට,

තදබල වේදනාවක් විඳිමින් ඉන්නකොටත් ඔව් මම හොඳින් කියල කියන්න පුලුවන් වුන දාට,

තමන්ට දහසක් වැරදි කරපු කෙනෙක් උනත් බිම වැටිච්ච වෙච්ච වෙලාවට නැගිටින්න අත දෙන්න පුළුවන් වුන දාට,

තමන්ගේ බත් මුළ කන්න නැති කෙනෙකුට දීලා අනුන්ගෙ බඩක ගින්න නිවල තමන්ගෙ බඩගින්න උහුලගන්න පුළුවන් වුන දාට,

කප්පරක් උදව් කරලා හිනාවක්වත් ආපසු බලාපොරොත්තු නොවී ඉන්න පුළුවන් වුන දාට

තමන්ව තනි කරල දාලා යන හැමෝටම කට පුරා "ඔබට සුබ ගමන් "කියල කියන්න පුළුවන් වුන දාට,

තමන් අඬන ගමන් හරි අනුන්ගෙ කඳුළු පිහදාන්න පුළුවන් වෙච්ච දවසට,

හැමෝම තමන් වෙනුවෙන් විතරක්ම ජීවත් වෙන මේ පොළවේ, ඔයාගෙ කාලයෙන් මොහොතක් හරි අනිත් අයගෙ සතුට, යහපත වෙනුවෙන් වැය කරන්න හිත හදාගන්න පුළුවන් දවසට,

ජීවිතේ කියන්නෙ මොන තරම් සැහැල්ලු සුන්දර දෙයක්ද කියල ඔයාට දැනෙයි.

අදටත් මේ ලෝකෙ සතුටින්ම ඉන්නේ ධනය පොදි ගහපු මිනිස්සු නෙමෙයි, සැනසීම එකතු කරපු මිනිස්සු..

කාගෙ හරි මුහුණක හිනාවකට හේතුවක් වෙන්න පුළුවන් වෙච්ච දවසට, ජීවිතේ කියන්නෙ මොකක්ද කියල ඔයාට හරියටම තේරෙයි..

අන්න එදාට තමයි ඔයාට ලස්සනටම හිනා වෙන්න පුළුවන් වෙන්නෙ..

ජීවිතය කියන්නෙ ඉල්ලා කෑ ගැසිය යුතු "අයිතිවාසිකමක්" නෙමෙයි,
ඉටු කරලා නිහඬවිය යුතු "යුතුකමක්"

අනිශා ජයකොඩි

@best_m_otivation
#motivation
#todaythought
871 views02:09
Open / Comment
2022-05-22 05:09:03
@best_m_otivation
#todaythought
850 views02:09
Open / Comment
2022-05-21 09:30:27 තමන්ගේ ශරීර ස්වරූපය ගැන ඍනාත්මක දේවල් සිතෙනවද?


අපි කැමතියි ලස්සනට පිළිවලට එදිනෙදා ජීවත් වෙන්න. ලස්සන, පිරිසිදු ඇඳුම් අදින්න අපි කැමතියි. ඒක තමයි සාමාන්‍ය ස්වාභාවය. ඒ වගේම අපි හැමෝටම අවේනික ලස්සනක්ද තියනවා. ඒ වගේම අපි අමතක නොකළ යුතු දෙයක්ද තියනවා. ඒ තමයි අපි හැමකෙනාම ලස්සනයි. හැම කෙනාටම ආවේණික ලස්සනක් තියනවා.

අද ලිපියෙන් කියන්නේ, තමන්ගෙ ශරීර ස්වරූපය ගැන, ශරීර අංග ගැන ඍණාත්මක දේවල් හිතමින් මානසික පීඩා විදින තත්ත්වයක් ගැන. Body dysmorphic disorder කියලා තමයි ඒක හඳුන්වන්නේ.
පෙනුම ගැන, ශරීර අංග ගැන දැඩි ලෙස හිතනවා. ලොකු අවධානයක් ඒ ගැන යොමු කරනවා.
අපි දැන් බලමු මේ body dysmorphic disorder හි ලක්ෂණ මොනවාද කියලා.

තමාගෙ ශරීරය ගැන අන් අයට නොපෙනෙන හෝ ඉතා සුළු අඩුපාඩු ගැන දැඩි ලෙස කල්පනා කිරීම
තමන් අවලස්සනයි හෝ අන් අය අකමැති පෙනුමක් තියනවා ලෙස විශ්වාස කිරීම
අන් අය තමන්ට අපහාස කරයි, කොන් කරයි ලෙස සිතීම
නිතර නිතර දර්පණ (mirrors) වලින් බැලීම සහ එයට වැඩි කාලයක් ගත කිරීම
හිතේ ඇතිකරගත් අඩුපාඩු මගහරවා ගැනීමට විවිධ විවිධ උත්සහයන් දැරීම
තමන්ගෙ පෙනුම අන් අය සමඟ සන්සන්දනය කිරීම
පරිපූර්ණ වීමට උත්සහ දැරීම
තමන් ගැන තෘප්තියක් නොමැති වීම
එතරම් කැමති නොවුනත් විවිධ රූපලාවණ්‍ය දේවල් වලට යොමුවීම
සමාජ සබඳතා මගහැරීම

එවැනි ලක්ෂණ body dysmorphic disorder තත්ත්වය තිබෙන පුද්ගලයෙක් තුළ ඇතිවෙන්න පුලුවන්.
තමන්ගෙ මුහුණ ගැන, නාසය, ඇස්, හිස කෙස්, සමේ පැහැය සහ ස්වරූපය, මාංශපේෂි පිහිටීම, උස, කොට, කෙට්ටු, මහත, පියයුරු, ලිංගය, ශරීරයේ එවැනි දේවල් වලින් එකක් හෝ කිහිපයක් ගැන body dysmorphic disorder තිබෙන අය ඍණාත්මක දේවල් සිතමින් පීඩනය පත් වෙනවා.

Body dysmorphic disorder නිසා එදිනෙදා වැඩකටයුතු වලට ගොඩක් අහිතකර බලපෑම් ඇතිවෙනවා.
ඒ වගේම ආත්මාභිමානය අඩුවීම, සමාජ සබඳතා වලින් දුරස් වීම, විවිධ දේවල් නිසා ශරීරයට හානි සිදුවීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, වැනි අයහපත් දේවල් සහ Anxiety, depression, eating disorders, OCD, වැනි වෙනත් මානසික රෝග ඇති වීම කෙරෙහිද එය බලපාන්න පුලුවන්.
ඇතැම් අවස්ථාවන් වලදී සියදිවි නසාගැනීම් ඇතුළු විවිධ ස්වයං හානි කරගැනීම්ද සිදුවෙන්න පුලුවන් මේ body dysmorphic disorder තත්ත්වයේදී.

Body dysmorphic disorder ඇතිවීමට නිශ්චිත එක් හේතුවක් නැහැ.
පවුල තුළ එවැනි ඉතිහාසයක් තිබීම, පෞරුෂ දුර්වලතා, මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස් වීම්, ඍණාත්මක සහ කම්පන අත්දැකීම් වලට මුහුණ දීම, වැනි හේතූන් ඔස්සේ බලපෑම් ඇතිවෙනවා.
Body dysmorphic disorder ඉතාමත් හොඳින් පාලනය කරන්න පුලුවන්.

වැදගත්ම දෙය තමයි, ලක්ෂණ හඳුනාගන්නා මුල් කාලය තුළම නිසි ක්‍රියාමාර්ග වලට යොමුවෙන්න ඕන. ඒ අනුව මූලික වශයෙන් psychotherapy සහ අවශ්‍යතාවය medication ඒ සඳහා ප්‍රතිකාර විදිහට ලබාගන්න පුලුවන්.

Avishka Sathsara Piyumal
(Mental Health Advocate & Certified Life Coach)

(උපුටා ගැනීමකි)

@best_m_otivation
#motivation
#psychology
1.4K views06:30
Open / Comment
2022-05-20 12:50:54
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

@best_m_otivation
471 viewsedited  09:50
Open / Comment
2022-05-20 12:24:57 ඔබ වාහනෙන් යද්දී එකම ඉස්කෝලේකට යන දන්න කියන දරුවෙක් ත්‍රීවීල් එකක් හරි බස් එකක් හරි එනකල් පාරේ හිටියොත් දෙමාපියන් කැමතිනම් දාගෙන යන්න...!
එක ත්‍රීවීල් එකක එක්කෙනෙක්නම් යන්නේ එකම පැත්තට ‍යන කෙනෙක් හම්බුනොත් දාගෙන යන්න. ඩ්‍රයිවර් ඕකේ නම් ගාන බෙදාගන්න...!
දන්න කියන මනුස්සයෙක් වැඩට ගිහින් අමාරුවෙන් පයින් එනවා වගේ පේනවනම් පොඩ්ඩක් නවත්වල අහන්න පොඩි දුරක් යනවා යන්ද කියලා. අකමැත්තක් නැත්නම් දාගෙන යන්න...!
තෙල් පෝලිමක බයිසිකල් කරුවෝ තෙමෙනවනම් ඔබේ වාහනේට කැමතිනම් දාගන්න.(පරිස්සමෙන්)...!
ඔබට අවශ්‍ය දේ පමනක් ප්‍රමාණවත්ව ගන්න. ඔබ දහයක් මිලදී ගනිද්දී හෙට ඒදේ ගන්න හිතන් අද කුලී වැඩ කරන මනුස්සයා ගැනත් හිතන්න...!
පින් කරන්න පන්සල්, පල්ලි කෝවිල් ගානේ යන්න ඕන නෑ. යන්න ෆාමසියක් ලඟට, සතියක බෙහෙත් ගන්න සල්ලි නැති නිසා දවස් දෙකකට බෙහෙත් අරන් යන මනුස්සයෙක්ට ඔහු කැමතිනම් සතියේම බෙහෙත් ටික අරන්දෙන්න. ඔහුගේ සතුට දකින්න...!
අපිට ඉන්නේ අපි විතරයි. දේශපාලුවෝ සුද්ද කරන්න යන්න එපා. අපි දුක් වින්දට ඔයාල ඔය සුද්ද කරන්න හදන ගෝඨාවත්, මහින්දවත්, රනිල්වත් අනික් දේශපාලුවෝවත් දුක් විදින්නේ නෑ...
සරලවම මනුස්සයෙක් වෙන්න. ඔබ බයියෙක්, ටොයියෙක් ජෙප්පෙක්, පෝසතෙක්, දුප්පතෙක් වන්නට පෙර මනුස්සයෙක් වෙන්න… !
- Copied

@best_m_otivation
535 views09:24
Open / Comment
2022-05-20 08:48:55
@best_m_otivation
#todaythought
844 views05:48
Open / Comment
2022-04-21 17:21:33
@best_m_otivation
#todaythought
856 views14:21
Open / Comment