Get Mystery Box with random crypto!

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 9

2022-06-21 20:15:49 SL Won by 4 Runs
1.1K views17:15
Open / Comment
2022-06-20 14:23:01
හෙටත් මෙහෙම ගහයිද

#SLvsAUS
655 views11:23
Open / Comment
2022-06-20 13:19:03
NEWS UPDATE

SLvsPAK Two Test Match Series

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරයට අදාල කාලසටහන ජුනි (20) අද බොහෝ දුර‍ට නිවේදනය කිරීමට ඉඩ ඇති බවත්, එසේම පකිස්තාන සංචිතය (21) හෙට දිනයේදී නිවේදනය කිරීමට ඉඩ ඇති බවත් වාර්ථා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරග 02 කින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා පකිස්තාන සංචිතයට පා දඟ පන්දුයවන ක්‍රීඩක යසීර් ෂා කැදවනු ඇති බව BBN Sports YouTube නාලිකාව සදහන් කර සිටි.

- cricunique

#SLvsPAK
@cricketpisso_news
836 views10:19
Open / Comment
2022-06-20 12:48:32
NEWS UPDATE

Sri Lanka Women's Cricket squad for the Indian women's T20I and ODI series has been officially announced.

01) Chamari Athapaththu – Captain
02) Hasini Perera
03) Kavisha Dilhari
04) Nilakshi de Silva
05) Anushka Sanjeevani
06) Oshadhi Ranasinghe
07) Sugandika Kumari
08) Inoka Ranaweera
09) Achini Kulasuriya
10) Harshitha Samarawickrama
11) Vishmi Gunaratne
12) Malsha Shehani
13) Ama Kanchana
14) Udeshika Prabodhani
15) Rashmi de Silva
16) Hansima Karunaratne
17) Kaushani Nuthyangana
18) Sathya Sandeepani
19) Tharika Sewwandi

#SLWvsINDW
@cricketpisso_news
882 views09:48
Open / Comment
2022-06-20 12:27:18
Most as ODI Captain...
Morgan 11*
919 views09:27
Open / Comment
2022-06-20 12:07:06
INJURY UPDATE

හෙට තරගය ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් යහපත් සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා.

දනුශ්ක ගුණතිලක හෙට තරගයටත් ක්‍රීඩා කරන්න සුදුසු මට්ටමක නැත. (Grade 1 hamstring strain)

වනිදු හසරංගගෙ ආබාධ තත්වයන් සුව අතට හැරී තිබුනත් හෙට තරගයේදිත් බොහෝදුරට විවේක ගන්වනු ඇත.

#SLvsAUS
@cricketpisso_news
970 viewsedited  09:07
Open / Comment
2022-06-20 10:28:26
So far 8 different players won the man of the match award for Sri Lanka in 2022

Dinesh Chandimal vs
Charith Asalanka vs
Kusal Mendis vs
Anjelo Mathews vs
Asitha Fernando vs
Dasun Shanaka vs
Chamika Karunaratne vs
Pathum Nissanka vs

#SLvsAUS @cricketpisso_news
1.1K views07:28
Open / Comment
2022-06-20 10:18:02 නෙදර්ලන්ත නායක පීටර් සීලර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

පිට කොන්ද ආශ්‍රිතව නිරතුරුව ඇති වන ආබාධ තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක පීටර් සීලර්ට (Pieter Seelaar) සිදුව තිබෙනවා.

එංගලන්තය සමග ඊයේ(19) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට ආබාධ තත්ත්වය හේතුවෙන් අහිමි වූ අතර, එම තරගයේ දී නෙදර්ලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ Scott Edwards විසින්.

පසුගිය වසර 4ක කාලය තුළ දී නෙදර්ලන්ත කණ්ඩයමේ නායකත්වය දැරූ Pieter Seelaar ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය හේතුවෙන් Scott Edwards ඉදිරියේ දී ද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

වසර 17ක සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී Pieter Seelaar නෙදර්ලන්තය වෙනුවෙන් තරග 300කට අධික ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ලැබුවා.

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර 20යි 20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ක්‍රීඩකයා, 20යි 20 ජාත්‍යන්තර පිටියේ නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා මෙන්ම එක්දින ජාත්‍යන්තර පිටියේ දී නෙදර්ලන්තය වෙනුවෙන් සම වැඩිම කඩුලුලාභියා වන්නේ ද Pieter Seelaar.

නෙදර්ලන්තය හා එංගල්න්තය අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් එංගලන්තය කඩුලු 6ක ජයක් වාර්තා කළ අතර, ඒ අනුව එංගලන්තය මේ වන විට තරග 2-0ක් ලෙස තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

https://www.hitwicket.lk/news/%e0%b6%b1%e0%b7%99%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad-%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b6%b4%e0%b7%93%e0%b6%a7%e0%b6%bb%e0%b7%8a-%e0%b7%83%e0%b7%93%e0%b6%bd/
1.1K views07:18
Open / Comment
2022-06-20 10:16:43
Record alert

ඊයේ තරගය, එකවර වැඩිම පිරිසක් නැරඹූ ලාංකීය Youtube Live එක බවට පත්වෙයි.

තුන් ලක්ෂ අසූ තුන්දහසකට අධික පිරිසක් එකවර නැරඹීමට එක්ව ඇත.

#SLvsAUS
@cricketpisso_news
1.1K viewsedited  07:16
Open / Comment
2022-06-20 09:30:31 මම මැච් එක ඉවර කරන්න බලාගෙනමයි ගියේ : පැතුම් නිස්සංක

පන්දුවාර 35ක් වන තුරු සිය කඩුලු ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීමට කුසල් මෙන්ඩිස් හා තමා කඩුල්ලේ රැදී සිටියදී සැලසුම් කළ බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

ඔස්ට්‍රේලියාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් වාර්තාගත කඩුලු 6ක ජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී යි ඔහු ඒ බව සදහන් කළේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළ දී ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 48.3ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී සිටියදී පසු කර යාමට සමත් වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 147කින් ලකුණු 137ක් වාර්තා කළ පැතුම් නිස්සංක තරගයේ වීරයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවා. පිතිකරණයේ නිරතව සිටියදී කුසල් මෙන්ඩිස් පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ වන විට කුසල් මෙන්ඩිස් පන්දු 85කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 87ක්.

ඉනිම අතරතුර දී පැතුම් නිස්සංක ද යම් ආබාධයකට ලක්ව සිටිනු දක්නට ලැබුණා. නමුත්, තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ ඔහු සදහන් කළේ එම ආබාධය එතරම් බරපතල ආබාධ තත්ත්වයක් නොවන බවයි.

https://www.hitwicket.lk/news/%e0%b6%b8%e0%b6%b8-%e0%b6%b8%e0%b7%90%e0%b6%a0%e0%b7%8a-%e0%b6%91%e0%b6%9a-%e0%b6%89%e0%b7%80%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8f%e0%b6%9c%e0%b7%99/
1.2K views06:30
Open / Comment